"නංගි එයා මාව දාලා ගියා"
උසාවියේ රැව් දෙන කටහඬ ක්ෂණයකට බිඳිලා ගියා.
"එයාට මගෙ ආදරේට වඩා අරයගෙ ආදරේ දැනෙනවලු."
මගෙ හිතට නොඉවසිලිමත් කේන්තියක් ආවා.
"අයියා ඔයා ඒ වගේ කෙනෙක් වෙනුවෙන්ද මේ මැරෙන්න හදන්නෙ?"
මගේ නොඉවසිලිමත් සිත වචන වුණා.
"මට දරා ගන්න බෑ නංගි."
මට ආපහු කේන්තියක් ආවා. හුස්මක් එක්ක ගාලු කොටු පවුරෙ හයියෙන් ඒ කේන්තිය වැදුනා.
"එයාව වෙන කාටවත් දෙන්න බෑ නංගි"
"කෙහෙම්මල... එයාව බලෙන් ගෙනිච්චයෑ."
"අනේ එයාට බනින්න එපා නංගී."
ඒ ආදරේ මගෙ හිත සීරුවා.
"ආපහු එයාව මට ලැබෙනව නම් මම පුලුවන් හැම දේම කරල එයාව රැක ගන්නවා."
ඔහු කියාගෙන යනවා.
මම..... ඔහුගෙ පෙම්වතී සොරකම් කල පෙම්වතාගෙ පළමු පෙම්බරී
ලියා එව්වේ - සංජු (http://sanjuishere.blogspot.com/)
Showing posts with label ඇය. Show all posts
Showing posts with label ඇය. Show all posts
Friday, July 6, 2012
ප්‍රථම ප්‍රේමයෙන් පසු
ප්‍රථම ප්‍රේමයෙන් පස්සේ
ආදරය ගෙල වැලලාගෙනද
රෝමියෝ ජූලියට් මැරුනට
කතා පොතේ හැටියට
අපිට පුලුවනිද නසා ගන්න දෙමව්පියො දුන් ජීවිතය
දෙවනි ප්‍රේමයතුල
පලවැනි ආදරය සොයා යන මුත්
නොලැබෙනා ආදරය තුල
කල හැකිද ආදරය ප්‍රථම ප්‍රේමය ලෙසම.....
ගලා යන කදුලැලි
ප්‍රථම ආදරයට මිස
නොමැති බව දන්නේද
දෙවැනි ආදරයට ඉඩක්...
කියන විට අවැසි බව නිවසක්
පැද යන්න රෝද හතරක වාහනයක්...
අමතක කර දමා හැර යනු මිස
මතක් වේවිද රෝමියෝ ජුලියට් නැවතත්...
ගෙදරින් ගෙනෙන කටයුත්තක
නිහඩවම සිට රකිමින් මුනිවත
රැගෙන ඇය තුරුලට
විදින්නට සිතනු හැර මතක් වේවිද
සාලිය අශෝකමාලා දෙදෙනත්.......
ඇයගේ දෙමවුපියනුත්
පතයි නිවසක් සමගින් ආදරයක්
නොලැබෙනා විට එවන් මිනිසෙක්
ඇයට දෙයි පත්තරේකින් කොටසක්
ලියා එව්වේ - මගේ සඳ (http://magesanda.blogspot.com/)

Sunday, June 19, 2011
අනතුර
තවත් එක දවසක්.. ඒත් අද මට ඒ මුහුණ දකින්න බැරි උනොත් ආයි සති ගානකට බලන්න වෙන්නේ නැහැ.. සුපුරුදු විදියට බස් නැවතුමට පල්ලම් බහිද්දි ඈතින් පෙණුනේ ඇයව.. මම දකින්න ආසම කරන ඒ සුන්දර මුහුණ... මාස ගනනක් කියා ගන්න බැරිව හිතේ තෙරපෙන හැඟුම් සමුදාය එක පාරට හිතට එබිකම් කලා වගේ මම ඒ මුහුණ දිහා බලාගෙන පාර පැන්නා..
චරා...ස්...
මගේ කණ ලඟින් ඇහුණු බ්රේක් සද්දෙට ගැස්සිලා මම වටපිට බැලුවා කාර් එකේ රියැදුරා කිසි දෙයක් හිතා ගන්න බැරිව මා දිහාම බලා ඉදැද්දි.. පිටිපස්සෙන් ආපු බයිසිකලේ තරුණයා සෙනඟ මැද මටයි කාර් රියැදුරාටයි බැනවැදුනා. ආපහු පාරේ අනිත් පැත්තට ඇවිත් බලද්දි ඇය ලේන්සුවෙන් මුහුණ වහගෙන හොරෙන් හිනාවෙනවා.
ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)

Thursday, May 26, 2011
පිනට වැඩ..
ඔයාට පිස්සුද?ඇය මා දෙස බලා සිටියේ අමුතු සතෙක් දෙස බලා සිටින්නා සේය.
ඇයි?
ඇයි කියන්නේ? ඇයි එක එකාට පිනට වැඩකරලා දෙන්නේ? ඔයා ඔහොම ඉන්න ඕනි කෙනෙක්ද?ඇය අනාගතය ගැන සිහින දකිමින් සිටියාය. ඇයගේ අනාගතයේ ෆුල්ඔප්ෂන් ගෙයක්, හොඳ ඉස්කෝලෙකට යන ලමයි දෙන්නෙක් මැරිමැරී ඉපදේ.
ඒක මගේ ආසාව. ඔයාට ඒක තේරුම් ගන්න බෑ. තමන් තෘප්තිමත් දේ කාටවත් කරන්න බෑ. අඩුගානේ මම ඒකට උත්සාහ කරනවා.ඇය මුහුද දෙස බලා සිටී. පරාජය පිලිගෙන සෙයකි.
දුරකථනය සාක්කුව තුල දෙදරයි.
අයියේ. හෙට වීඩියෝ Shoot එකක් තියෙනවා පිලිමතලාවේ.
මම එන්නම්..
ආයි හම්බ කරලා දෙන්න යනවා නේද? ඔයා හැදෙන්නේ නෑ.ඇය දඟකාර සිනාවක් පා මගේ උරහිසට බරවිය..
ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)
Saturday, April 9, 2011
මොහොතින් මොහොත...
සුරංගනා කතාවක හිම වැටුණ රැයක විදුලි කණුවක් යට ලා එලියක ඇය නටමින් හිටියා... ඒ නැටුම කෙලවරදි අඳුරු මුල්ලක හිටපු මගේ පපු තුරුලට වෙලා ඈ ඇගේ ආදරේ මට කිව්වා... මම ඒ දෑස් දිහා බලන් හිටියෙ පුංචි මොහොතක්. ඒක ජීවිතේ නැවතුණු මොහොතක් වුණාට මම ඒ මොහොත ඇතුලෙ ජීවිත කාලයක් හිටියා...
ඊළඟ දවසෙ ආයෙමත් උදේ නැගිටල මුහුණ හෝදල පටන්ගන්න ඉරි තලපු ජීවිතේ ඇය සාමාන්‍ය ගෑණියක්... ජීවිත කාලෙන් මොහොතක් ඈත් එක්ක ගෙවන එක කෑම පිඟානක්, පත්තරයක්, චිත්‍රපටියක්, ක්‍රිකට් තරගයක් වගේ සරල දෙයක් වෙලා.
ඒත් හිම පියලි වලින් වැහිල ඇගේ නෙත් දෙක තාම ආරක්ෂිතයි... විශේෂ කෑමක්, හොඳ කාටුන් එකක්, දැණෙන චිත්‍රපටියක්, සික්සර් එකක් වගේ...
-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Thursday, March 24, 2011
මතකය..
ඔයාගේ මම කැමතිමදේ කියන්නද..?
හ්ම්..
ඔයාගේ ඔය පුංචි ලස්සන ඇස් දෙක..
ඇත්තට..?
සත්තමයි..
ඇයි ඒ..?
ඇයි කියන්න මම දන්නේ නෑ, ඒත් ඔය ඇස්දෙක දිහා බලනකොට මම අමුතුම ලෝකයකට ඇදිල යනව වගේ දැනෙනවා..
මාත් ඉන්නවද ඒ ලොකේ..?
හ්ම්.. ඔයයි මමයි විතරමයි.
බීප්.. බීප්... බීප්...
ඔයාගේ මම කැමතිමදේ කියන්නද..?
හ්ම්..
ඔයාගේ ඔය පුංචි...
එය නැවත වාදනය කලෙමි. නැවත නැවතත් වාදනය කලෙමි.කොතරම් ඇසූවත්, අසා නිමකල නොහී දෙයක් ඒ තුල ගැබ්ව ඇත.අද මා සතුව ඇත්තේ මේ හඬ මතකය පමණි.ඒ ඇස් දෙක තවදුරටත් ලඟ නැත.අප දෙදෙනා වෙනුවෙන්ම සැදි ලෝකයට ආගන්තුකයෙක් පැමිනියේ කෙසේදැයි නොදනිමි.යලිත් ඒ ලෝකය දෙදෙනෙකුට පමණක්ම වී ඇත, වෙනස වන්නේ මම ආගන්තුකයෙක් වීමම පමණි.
ලියා එව්වේ - බූටා
Sunday, March 20, 2011
හැඩතල ( Matha හා අහවල් එක)
මීට වසර කිහිපයකට පෙර ඇය සෘජුකොනාස්‍රයක් වැනිය හිස සිට පාදාන්තය දක්වා වැසුනු රුව, සංවෘතය..
එහෙයින් මම ඇයට සංවෘත්ත සෘජුකොනාස්‍රයක් යැයි කියමි.
ත්‍රිකොන හා වෘත්ත දාර බලන්නන්ට ඇය අහරක් නොවිනි හෙයින් මගෙ හිතලු ලොවෙහි වසන සංකීරණ හැඩතලයක් වන "කොක් බොතලයට" ඇය සමාන කලෙමි.
හේතුවකට හො අහෙතුවකට ඇය කෙරෙහි යම් හැගීමක් ඇතිවූයෙයැයි මට දැනුනෙ මගෙ හිස තුල වසන කාක්කා ඉලිප්සීය බිජු දමන විටය.
එලියට බට කපුටු පැටව්, ත්‍රිකොනාකාර සිදුරු මා ගොලීය හිසෙහි ඇතිකරනවිට, මම හඳෙ ආවාට ගනින්නට වුනෙමි.
මෑතකදී ඇය නැවත දුටිමි, එවිට ඇගෙ හැඩය හරි හතරැස්ය.. ඈතසිට ඇය ඩම්බෙලාකාර බැල්මක් දැම්මාය..............
හඳෙ ආවාට මම හිතන්නෙ 64ක් විතර ඇති, තාම ගනිනවා බං...
ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)

Labels:
ඇය,
ත්‍රිකෝණ,
මුදිත හර්ෂන දසනායක,
සෘජුකෝණාශ්‍රාකාර,
හැඩතල,
හැඩය
Tuesday, March 8, 2011
ආදරය?
පාලු කාමරයේ නිහඬතාවය බිඳී ගියේ ටෙලිපෝනයේ නාදයෙනි.
ඔහු : හෙලෝ
ඇය : හෙලෝ රංග, මම මේ දසුනි. ඔයාට කෝල් එකක් වත් දෙන්න බෑ නේද?
ඔහු : අනේ සොරි, මම හිතුව ඔයා අලුත් බෝයිය එක්ක බිසි කියල
ඇය : අපෝ කතා කරන්න එපා ඌ ගැන
ඔහු : ඇයි මොකද උනේ?
ඇය : මම දැන් ප්‍රෙග්නන්ට්. ඌ කියනව අම්මල අකමැති නිසා බඳින්න බෑ කියල
ඔහු : ඔයාට ශුවර්ද ප්‍රෙග්නන්ට් කියල?
ඇය : ඔව් මම ඩොක්ටර් කෙනෙක් ලඟටත් ගිහින් බැලුව
ඔහු : දැන් මොකද කරන්නෙ?
ඇය : මම ලමය හදා ගන්නව
ඔහු : අම්ම දන්නවද?
ඇය : තාම නෑ.
ඔහු : අනේ මංදා.
ලියා එව්වේ - රංග (http://r4ng4.blogspot.com/)

Sunday, February 27, 2011
ඇය මගේ
ඇය මගේ,
තවකාලික බැඳීමක ආත්මර්තකාමී සිතුවිල්ල,
නමුත් ඇය මගේ නොවී වෙන කාගෙවත් උනානම්!
හිතාගන්න බැරි අවසනයක්..
එත් ඇය මගේ වෙලා හිටියනම්
ජීවිත කලයටම ඒ සොඳුරු මතකයන් අමතක නොවේවි,
ඇයට වෙන කරන්න දෙයක් තිබුනෙම නැත්නම් ඒක හැර,
ඔයාට සතුටින් ඉන්න පුලුවන්නම් මම ඕනිම දෙයක් කරන්නම්...
එත් මට කියන්න එපා අමතක කරන්න කියල විතරක්
ආදරයේ නාමයෙන් හිත හදා ගනවා නේද?
සමහරවිට ජීවිත කාලයම තනියෙන් ඉන්න
ඒක මට කරගන්න අසාධාරණක්ද?
එත් ඒ මතකයන් අතරෙ වේදනා විඳින එක මට සතුටක්..
ඇයි දෙයියනේ මම වෙන මොනව කරන්නද!
විනාස වෙන්න තව දෙයක් නැති ජීවිතේ එකම මිතුරත් සමුගන්න තව උගුරකට වඩා නෑ..
හැමදේම අවසානයේ ඉතුරුවෙන්නේ සමුගැනීම පමණද?
ලියා එව්වේ - සටපික්වලයා

Saturday, February 5, 2011
නොලිව් ගීතය..
ඇයට තියෙන්නෙ ඉතාම ලස්සන දෑසක්. මම ඒ දෑසට ආදරේ වුණේ නොදැනුවත්වම.
ඒත්…
ඇය කවදාවත් මගේ වෙන්නෙ නැහැ. ඒ නිසාම මම වෙනත් තැන් වල හිත අලවන්න සෑහෙන උත්සාහයක් ගත්තා...
ඒ හැම එකක්ම ඇයටත් කිව්වා ඇයව ඉරිසියා කරවන්න…….
ඇයත් මට ආදරෙයිද දැන ගන්න.....
මම තවම ඒක දන්නෑ.
සුපුරුදු පරිදි අද උදෙත් අපි මුණ ගැහුනා. මම ඇයට පේන්න වෙනත් ගෑනු ළමෙක් දිහා උනන්දුවෙන් බලලා 'ලස්සනයි' කිව්ව. ඈ හිනා වුණා.
ඇය තිගැස්සුනා.
කතා නැතිව ඇගේ කෑම පාර්සලය බෑගයෙන් අරන් මට දුන්නා. අපේ ඇස් හමුවුණා.
ආදරය කියන්නේ ‘අයි ලව් යූ’ කියනවට නෙවෙයි කියල මට තේරුණා.
ලියා එව්වේ - ගීත්

'මට අද කෑම නැහැ…..අම්මට සනීප නැහැනෙ'බසයේදි මම කිව්වා.
ඇය තිගැස්සුනා.
කතා නැතිව ඇගේ කෑම පාර්සලය බෑගයෙන් අරන් මට දුන්නා. අපේ ඇස් හමුවුණා.
ආදරය කියන්නේ ‘අයි ලව් යූ’ කියනවට නෙවෙයි කියල මට තේරුණා.
ලියා එව්වේ - ගීත්
Monday, January 24, 2011
නැවත උපන් යශෝදරා...
තබන තබන පය පියුමන් පිපෙනු ඇති
සිනහ නගන සොඳ මුව මල් සුවඳ ඇති
නිල් ඉඳුවර දෙනෙතත් මට අගේ ඇති
යශෝධරාවට මා හිත දැනෙනු ඇති
කළුවන් කෙස් කළඹ නිම් නැති සුළඟ වැදී
තාලෙට පැද්දේවි යස රස හැඟුම් දිදී
සිනිදු නළල සඳරැස් වැද දිදුලද්දී
මගේ දෙතොල් සිඹීවි රූ සඳ ලද්දී
රන්වන් රුසිරු රූ සිරුරඟ නලවන්නී
මගෙ සිහිනෙට හොරෙන්ම නූඹ ළංවෙන්නී
නුඹ නැතිවිට පාළුව හිත වපුරන්නී
මගේ ලෝකය සඳ එළියෙන් නාවන්නී
පුංචි හිතට මගේ ආලය තේරෙන්නයි
ආයෙත් විගසින්ම මා වෙත ලංවෙන්නයි
රෝස කොපුලෙ උණුසුම මට විඳගන්නයි
මගේ සඳට කිරි පැනියෙන් උතුරන්නයි
හැමදාමත් හිතේ ලැගුම්ගත්ත... පුංචි නෙළුමක් වගේ යශෝධරාවට, සුබම සුබ උපන් දිනයක් වේවා...!
ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න (http://prasanna86k.wordpress.com/)

අපි,
ආදරය,
ඇය,
ප්‍රසන්න කරුණාරත්න,
සුන්දරත්වය,
සුබ පැතුම
Saturday, January 22, 2011
අසරණී...
ඔයාට හොඳටම උණනේ
උදේ ඉඳන්ම තිබුණා
ඇය නිරුත්තරය
පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..
උදේ ඉඳන්ම තිබුණා
ඇයි ඉතින් ආවේ
ඇය නිරුත්තරය
ඇඳේ ඇලවී උළු ගැන්නෙමි...
ඔයා පටන් ගන්නෙ නැද්ද?
මොකක්ද?
ඇයි අද ආවේ
නිවාඩු දවසනේ
ඉතින්,
ඔයාට උණනේ
පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..
ඇගේ ජීවිත කතාව මිමිණුවාය...
ඌ මාව වික්කෙ 15000 කට, මම වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා, මුන් මාව අතින් අත මාරු කරනවා
මම යනවා, ඔයා ඕකට බෙහෙත් ගන්න...
ඔයා ඉන්න මට දන් හොඳයි, සල්ලි ගෙවලනෙ ආවේ අපරාදේ..
සල්ලි? මම ප්‍රතිරාව කළෙමි,
ඉන්න මම වොශ් එකක් දාගෙන එන්නම්
තෘප්තිමත් අවසානයක, අවසානයේ ඈ මට තුරුල්වී සිටියාය,
ආපු තුන් පාරම මාවම ඉල්ලුවේ ඇයි?
ඇඳුම් ටික දාගෙන එලියට බැස්සේ පෙට්ටිකඩය දෙස බලාගෙනමය....
ලියා එව්වේ - සටපික්වලයා
Tuesday, January 4, 2011
ආදරය
ඔයා තාමත් හර්ෂිට ආදරේද?අවුරුදු 2කට කිට්ටුවෙන්න පැල් බැඳගෙන ආදරේ කරලා අන්තිමට දෙමාපියෝ හින්දා අපි ඒ සම්බන්දේ නතර කරලා දැම්මා. හැමදේම අමතක කරන්න පිටරට ආවත්, ලංකාවට ආපුවෙලේ හිත අරියාදු කරපු නිසාම විනාඩි ගණනකට හරි ඇයව මුණගැහෙන්න අමතක කළේ නැහැ.
“ම්ම්ම්....
එතකොට මට?උරහිසට බර දීලා, අරක්කු ගඳත් ඉවසගෙන, ඇස් ලොකු කරලා කටින් පිටවුණු වචන ටික ඇහුණහම, ඇඟේම තිබ්බ ඔක්කොම මත බැස්සුණා.
“ආදරෙයි!එතනින් එහාට කථා කරන්න මගේ හිත ඉඩ දුන්නෑ. මගේ ආදරෙත් පාරක් නොදන්න කළාමැදිරි එළි වගේ කියලා දැනුණා. ඒත් මට පිච්චෙන්න ඕනි නැහැ.
“කමක් නෑ අයියේ, මට තේරෙනවා!තේරෙනවා ඇති, ඒත් මොන විදියටද කියලා මම අදටත් තේරුමක් හොයනවා.
ලියා එව්වේ - අංජන ජයවීර (http://www.anjana-j.com)
Thursday, December 30, 2010
මේ මෝඩ කොල්ලට සමාව දෙන්න රත්තරන්...
මගේ ලෝකෙට ඇවිත් මගේ ජීවිතේ විනාස කලා කියලයි මන් හිතුවෙ.
ඔයා මගේ ආදරේ විහිලුවක් කරගෙන කියලයි මං හිතුවෙ.
මගෙ ලඟටම වෙලා මාව විනාසකලා කියලයි මන් හිතුවෙ
කවදාවත් දාල යන්නෙ නෑ කිව්වම මන් හිතුවෙ බොරුවක් කියල
මන් ඔයාගෙමයි කියල පපුවට තුරුලු වෙද්දි හිතුවෙ මන් දකින්නෙ හීනයක් කියල
ඒත් ඔයා මගේ ලෝකෙට ඇවිත් මාව ආරක්ෂා කරල මටත් හොරෙන්
මගෙ ආදරේට පණටත් වඩා ආදරේ කරල ඔයා මටත් හොරෙන්ම
මගේ ලඟටම වෙලා ඉඳලා මගේ දුක බෙදාගෙන මටත් හොරෙන්ම
දහසක් සිතුම් පැතුම් කැප කරල මං වෙනුවෙන්ම
දෙයියනේ....!!!! මන් මොන තරම් මෝඩයෙක්ද......
ඇයි මට ඇත්ත ආදරේ තේරුම් ගන්න බැරි උනේ....
මේ මෝඩ කොල්ලට සමාව දෙන්න රත්තරන්...
ලියා එව්වේ - $hine (http://mathakasithuwili.blogspot.com/)

Sunday, December 26, 2010
ඇයද ? මමද ?
"අම්මේ මම ---- අයියට මොකක්ද කියන්නෙ ?"
"ඔයාට කැමති එකක් කියන්න"
"ඔයාට කැමති එකක් කියන්න"
"මම ආදරෙයි"
ඇය මගේ උරහිසට බර දී සුරත අල්ලාගත්තාය ...
"ඔයා ---- අයියා එක්ක යනව එනවට තාත්ත කැමති නෑ. තාත්ත ඔයාව කාට දෙන්න බලගෙන ඉන්නවද දන්නෙ නෑ.. මම කොච්චර කැමති උනත් තාත්ත අකමැති උනොත් මට කරන්න දෙයක් නෑ.."
“අවුරුදු එකහමාරකට පස්සෙ ඇයි එයා අකමැති ?”
"ඒත් තාත්ත අකැමති උනොත් කරන්න දෙයක් නෑ අයියෙ.."
ඇය එසේ කිව්වෙ මගෙ සුරත අත හරිමිනි.
මොහොතක් නිරුත්තරව බොඳ වී යන රොටරි මාවත දෙස බලා සිටියෙමි..
"ඔයා අඬනවද?"
පපුව තුල කැකෑරී ආ දුම් උගුරක් කියාගෙන ගියේ "මොඩයො සිගරට් වලට උඹේ ඔය ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ?"
ලියා එව්වේ - සටපික්වලයා
Saturday, November 13, 2010
ගල් පිලිමය..
ඈතදීම මම ඇයව හදුනාගතිමි.. ඇය උන්නේ සැණකෙළි බිමේ මැදක් හරියට වන්නටය.
පසුගිය වසර දහයටම ඇය වෙනස්වී ඇත්නම් ඒ මද වශයෙනි. ඒ වෙනසිනුත් අඩකට වගකිව යුත්තේ ඇගේ සිරුර පුරා ගල්වා තිබූ කලු සායමයි.
ඈ එකල මගේ දුගී පෙම්වතිය විය.
දැන් ඈ ගල් පිළිමයකි.
කුඩා කොලු රැලක් ඈ වටකරගෙන ඈට විසුලු කරමින් හිදිති. ඈ හිනස්සා ත්‍යාගය දිනාගන්නට උන් අසමත්ය.
මදක් පැකිලෙමින් මම ඇයට පෙනෙන සේ ඈ ඉදිරියෙන් සිටගනිමි....ඇගේ සිරුර මෙන්ම දෙනෙත්ද නිශ්චලය.. එහෙත් ඇය මා නොහදුනනවා විය නොහැක.
කාලය ගතවයයි..... ඈ තවම නිශ්චලය.
අතීතයේ දිනක් සිතින් ස්පර්ෂ කරමින් මම යන්නට හැරෙමි.
එදා ඈ සිටියේ හැඬීමට ළංව නමුත් නොහඬමින් වග හදිසියේම මට සිහිපත්වේ.
ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Thursday, November 11, 2010
ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ හිත...
මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?
වෙන කෙනෙක් කසාදබදිනවා..
මෝඩයා....
ඇයි..
මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා.....
මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?
කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...
කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?
වෙන මොකද්ද...
මන්දන්නෙ නෑ.... කැමත්තක්...
එහෙනම් තරහගත්තෙ.....
ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද?
මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...
බෝධිසත්වයෙක් වෙන්නද...?
නෑ... නිකමට...
කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....
එ ඇයි...? මටනෙ එතකොට අඩන්න වෙන්නෙ
ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ.... පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??
කොහොමද?..... ඔයාම කියන්න...
අම්මා එනවා....? තියන්නම් පැටියො... උම්මා
බීප්... බීප්.... බීප්....
ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා

Sunday, November 7, 2010
නිර්වචනය සොයා දෙන්න...
අද රෑ අපේ ගෙදර යමන් තිසා
අපෝ බෑ වයිෆ් එක්ක අදත් චැට් කරන්න බැරි උනානේ
එක දවසක් මිස් උනාට
අඩෝ උඹ මානව දයාව ගැන ලියන එකා නේද?
ඒකනේ අයියා මමත් මෙයාගේ ඒවට වලි දාන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..
පටන් ගන්න ඕන ලෝකෙම පීරලා හරි මානව දයාව කියන එකට තියෙන හරිම නිර්වචනය හොයා ගන්න...
ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)
අපෝ බෑ වයිෆ් එක්ක අදත් චැට් කරන්න බැරි උනානේ
එක දවසක් මිස් උනාට
අඩෝ උඹ මානව දයාව ගැන ලියන එකා නේද?
ඒකනේ අයියා මමත් මෙයාගේ ඒවට වලි දාන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..
මොකාක්..?
ඔයා සතුටු වෙන්න කැමති ඕනෑම විදිහකින් ඔයාට සතුටු වෙන්න ඉඩ හදලා දෙන එකයි...
ඔක්කෝටම වැඩිය ඔයා වැඩියෙන්ම සතුටු වෙන මම සතුටු වෙන හැමදේටම විරුද්ධ වෙලා කඩාකප්පල් කරන එකත් ඉඳලා හිටලා අකමැත්ත පෙන්නන්න එක එක හේතු කිව්වත්, උපේක්ශාවෙන් ඉවසගෙන ඉන්න එකත් මගේ මානව දයාව කියලායි මම හිතුවේ...
ඔක්කෝටම වැඩිය ඔයා වැඩියෙන්ම සතුටු වෙන මම සතුටු වෙන හැමදේටම විරුද්ධ වෙලා කඩාකප්පල් කරන එකත් ඉඳලා හිටලා අකමැත්ත පෙන්නන්න එක එක හේතු කිව්වත්, උපේක්ශාවෙන් ඉවසගෙන ඉන්න එකත් මගේ මානව දයාව කියලායි මම හිතුවේ...
පටන් ගන්න ඕන ලෝකෙම පීරලා හරි මානව දයාව කියන එකට තියෙන හරිම නිර්වචනය හොයා ගන්න...
ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)
Saturday, November 6, 2010
සීනි
අහස කළු වෙලා. වැහි ලිහිණියො මුළු අහසම උන්ගෙ කරගෙන. මහ වැස්ස පෙනි පෙනිම ඔයත් ඇවිත් මාව හොයාගෙන. ඔයා නම් වැස්සට තෙමෙන්න ආසයි වගේ. පුංචිකාලෙ මාත් එහෙමයි.
වහ වරුසාවත් පටන් ගත්තා. "අපි තේ බොමු?" ඔයා කියනවා. හොඳ අදහස. ඇඟ චුට්ටක් රත් වෙන එක මේ ඇටමිදුලු පසාරු කරන් යන හීතලට.
පල්ලෙහා වෙල් යායම පිරිලා. හරියට වැවක් වගේ. කොළඹ කුණු කානුත් උතුරලා ඇති. කළු පාට වතුරින්. සපත්තුවේ හිල් අස්සෙන් වතුර ගිහින් වගේ. 'චිකිස් චිකිස්' සද්දෙට කිති කැවෙනවා කන් දෙකම. බණ්ඩාරනායකලා, සේනානායකලා කපුටු ගඳ යන්නත් එක්ක හොඳට නානවා ඈති!
ෂූ...................
අහ්, කේතලේ උතුරනවා. වැස්සෙ තෙමීගෙනම මං ගෙට ගොඩවුණා. අපිට තේ හදන්න.
හැමිණෙයි!
සීනි ඉවරයි.
ලියා එව්වේ - කෝසල සෙනෙවිරත්න (http://kombuwaonline.blogspot.com)

Thursday, November 4, 2010
නැවත උපන් සතී
නිශාගේ මලගෙදර ගිහින් ගෙදර එන්න බස් එකට නැගපු වෙලාවේ ඉඳන් මම කල්පනා ලෝකේ.
මම ආයේ අලුතෙන් ඉපදුනා වගේ මට දැනෙනේ ඇයි??
ඒක හරිම පුදුමයක් නෙමෙයිද?
විශේෂයෙන් නිස්සංක විජේකෝන්ගේ මරණයෙන් සරස්වතී මානවඩුට අලුත්ම ජීවිතයක්
ලැබුනා වෙන්නේ කොහොමද?
ඒත් ඒක එහෙම වෙලා.
නිශාගේ නිසල සිරුර දිහා බලාගෙන ඉන්නකොට මට හිතුනේම මගේ දවස හෙට නෙමෙයි කියලා මම කොහොමද කියන්නේ කියන එක.
"ලෝකයට තමන්ගේ යුතුකම් ඉටු නොකරන මිනිස්සු ජීවත් වුනත් මරුණා වගේ සතී " නිශාගේ වචන ඔව් මම අයුක්තියට විරුද්දව හඬ නගනවා. ඒකයි මගේ යුතුකම.
ඒ මම, අත්තම්මා, අයියා, අක්කලා, බෝ ගහ වත්තේ මිනිස්සු විතරක් නෙමේ හැමෝම වෙනුවෙන්.
මට හිතුනේ මම ආයේ අලුතෙන් ඉපදුනා කියලා.

Subscribe to:
Posts (Atom)