ඔය නඩුකාර නෝන ඉන්නවනේ. උන්දැ වැඩේ අතෑරියෙම නෑ. ලොක්කයි සොක්කොයි එක්ක කොක්කටමයි උන්නෙ.
අන්තිමේදි සමස්ත ලංකා කාන්තා එකමුතුව සංවිධානයේ නෝනල නඩුකාර නෝන වෙනුවෙං පාරට බැස්ස. එතන ගිණි විජ්ජුම්බරයක් වුණේ. ඇයි උන්දලට පොලුවලිං ගහන්ටයැ.
අන්තිමේදි දොදොල් මූණක් තියෙන ඇමතියෙක් යෝජනාවක් ගෙනාව කාන්තාවො තහනං කොරන්ට ඕන කියලා. ලෝකෙ තියෙන හැම ප්‍රස්ණෙටම මුල කාන්තාවොය කියල ඔප්පු කොරන්ට ආණ්ඩුවට මහ ලොකු කාලයක් ඕන උණේ නෑ.
අන්තිමේදි කාන්තා තහනම් පනත පාර්ලිමේන්තුවෙදි කැහිල්ලක් නැතිව සම්මත කොරගන්ටත් උන්දලට පුළුහං උණා.
ගෑණුංට නිසි තැන දුන්නයින්නෙ සේරම. දැන් කාන්තාවො ඉන්නෙ රති කෙලියටයි ළමයි වදල හදන්ටයි විතරයි.
ගෑණුංව පිරිමි කොරන්ට බෑ තමා ඒත් චුත කරන්ට පුළුහං!
ලොක්කයි සොක්කොයි සව්දිය පිරුවා.
ලියා එව්වේ - hare :-)
Showing posts with label ලංකාව. Show all posts
Showing posts with label ලංකාව. Show all posts
Monday, January 21, 2013
Monday, April 9, 2012
(ෆ්‍රී)රැඩිකල්වාදය
මගේ මිත්‍රයෙක් ලඟදි රැඩිකල් වෙලා.
"මචන් මාත් හිතුවා කොන්ඩෙයි රැවුලයි වවන්න."
"ඒ මොකටද? "
"එතකොටනෙ රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම රැවුල තියන පොරවල් නේ. රැඩිකල් මිනිස්සු. කෙල්ලොත් කැමති උන්ට තමයි. "
"එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, රැඩිකල් නෙමෙයිද බන්?"
"පිස්සුද බන් උන්ට කිසිම රැඩිකල් ලුක් එකක් නෑනේ. උන් හරි ගූඪ චරිත."
"හරියට විරාගයේ අරවින්ද වගේ? "
"ඒ කවුද බන්? මම දන්නෙ නෑ... උඹත් මචන් රැඩිකල් විදිහට හිතපන්. එතකොට පට්ට."
"චේ ගුවේරලා, ලෙනින්ලා, කස්ත්‍රෝලා රටක් වෙනස් කරන්න විප්ලව කරපු මිනිස්සු. එතකොට මෙච්චර රැඩිකල්වාදියො ඉඳලත් ඇයි බන් ලංකාව තාම එක තැන?"
මගේ මිත්‍රයා කරබා ගත්තා.
ලියා එව්වේ - පියසටහන් (http//www.piyasatahan.tk)

Monday, February 21, 2011
එහෙදී සහ මෙහෙදී
සමහර අය අවුරුදු 10 - 12 පිටරට සිට ලංකාවට පැමිණෙයි. පසුව ලංකාව තරං සුන්දර රටක් නැතිය කියා මෙහේ සිටන අයට දේශනා දෙන අතරේ තමන් සිටි රට ගැන පොර ටෝක් දෙති. හරියට ඒ රටේ ඉපදුනාක් මෙනි. ඒ රටේ නං මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙයි කියමින් මෙහේ කහ ඉර පෙනි පෙනී වෙනතැන් වලින් ඔහේ පාර පනියි. කහ ඉර මැදම තමන්ගේ වාහනය නවත්වයි. එහේදී නං බීලා වාහන එලෙව්වොත් සොරි ඩොට් කොම් කියමින් මෙහේදී කන සාක්කුවට වැටෙන තුරු බී වාහන එළවයි. එහේ නං පාරේ කුණු පොදක් වත් නෑ කියම්න් මෙහෙදී කන බොන සියළුම දේවල් වල කොල, පැකට්, කඩදාසි ඔහේ පාරට දමයි. ලංකාව මෙතරම් සමච්චල්ද?
ලියා එව්වේ - තිළිණ - (thilinabuwa.blogspot.com)
ලියා එව්වේ - තිළිණ - (thilinabuwa.blogspot.com)
Subscribe to:
Posts (Atom)