ලෝකෙම ප්‍රසිද්ධ මහා ප්‍රාඥයෙක් කවියක් ලිව්වා.
ඒක හරිම සංකීර්ණයි. බැලූ බැල්මට නිකංම නිකං නොගැලපෙන වචන ගොඩක් විතරක් වුණාට ඒ කවි පේලි අතර හිතාගන්න බැරි ගැඹුරක් තිබුණා.
හැමෝම කවිය ගලපගන්න උත්සාහ කලා. කවිය ගැන එක එක මත හැමදාම එක එක විචාරකයො ලිව්වා.
“ඒක බොහොම හොඳ කවියක්.”
පත්තර වලින් ඒ කවියෙ කෑල්ලෙන් කෑල්ල වර්ණනා කලා. ඒ වුණාට ඒ ටක්කෙටම විශ්වාසෙ පිට නෙවෙයි. කාටවත් කවිය තේරිල තිබුණෙ නෑ. ඒත් හැමෝම ඒක ගැන හොඳ කිව්වා.
සති කීපයක් වෙරිමතින් හිටපු ප්‍රාඥයා එකපාරම ඇහැරුණා. මිනිහ දැක්ක හැමෝම තමන් ගැන කියවන්න අරන් විත්තිය. මිනිහ බැලුවා කවිය දිහා...
“අහ්... මේකෙ අර්ථය තේරෙන්න උවමනාම වචන පේලිය මම ලියල නෑනේ...”
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
“අහ්... මේකෙ අර්ථය තේරෙන්න උවමනාම වචන පේලිය උඹ ලියල නෑනේ...” ?
ReplyDeleteහික් හික් එකයි කවියක් දැක්ක ගමන් පට්ටයි කියලා යන්නෙ නැතුව එ කවියෙ ඇතුල ගැන පොඩි විස්තරයක් දෙන්න බලන්නෙ...ගොඩක් දෙවල් මෙ සියෙන් එලියට එනවා..
ReplyDeleteආ .....මේ.....මොඩර්න් ආර්ට් වගේ....තේරෙන් නැත්තන් එක හෙන විශිෂ්ඨ ඝනයේ නිර්මාණයක්
ReplyDeleteහේ හේ හේ හේ..... අපේ සමහර පස් වෙනි මණ්ඩලේ චිත්ර පටි වගේ...
ReplyDeleteනොතේරුමේ තේරුම... අගේය.
ReplyDeleteඅර පණ ඇරලා උඩ දාපුවා සේරම ඉවරයිනේ...
ReplyDelete