Showing posts with label Terrorist. Show all posts
Showing posts with label Terrorist. Show all posts

Tuesday, September 7, 2010

එහා ඉවුර..

ගඟ ගලන්නේ ඉතාමත් සෙමිනි. එහා ඉවුරේ වූ ත්‍රස්තවාදි කඳවුර තුළ සිදුවන්නේ කුමක්දැයි මා බලා සිටියේ මා එය විමසිය යුතු වූ නිසාය. රාජකාරිය දේවකාරිය වු නිසාය. ඈ ගැන මා තුළ උනන්දුවක් ඇති වූ නිසාය.

ඈ ත්‍රස්තවාදිනියකි. මාද ඔවුන්ට ත්‍රස්තවාදියෙකි. දින කිහිපයක සිට මා ඈ දුටුවේ නැත.

ආණ්ඩුව පවසනා පරිදි යුද්ධය තව නොබෝ දිනකින් නිමා ‍විය යුතුය. ඉන්පසුව මා ඇයව විවාහ කරගත යුතුය. එසේ වීමට නම් හෙට දියත් කරනු ලබන ප්‍රහාරයේදී මා ඇයව රහසේ බේරාගත යුතුය. එවිට ඈ මා වෙත කැමති වනු ඇත. අපට රහසේම පැනයාගත හැකිවනු ඇත. යුද්ධය අවසානයේ පොදු සමාව හිමිවනු ඇත.

හදිසියේම ඇය මා වෙත තුවක්කුව මානනු දුටුවෙමි.

ඩෝං!

ලියා එව්වේ - සුදාරක (http://blog.sudaraka.com)

Related Posts Plugin for WordPress, Blogger...