සමන් බදාද වෙනකල් හිටියෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට යන්න. උදේම උවමනා ලියකියවිලි ටිකත් අරන් පිටත් වුණේ වැඩේ ඉක්මනට කරගන්න.
ඒත් කාර්යාල පරිශ්‍රයේ වැඩකරන අය කවුරුවත්ම නෑ. වැඩ කරගන්න ආපු මිනිස්සු දහ පහලොවක් තැන් තැන් වල.
කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක් දාගෙන හිටපු උගත් පෙනුමක් තිබුණ මහත්තයෙක් ගාවට කිට්ටු කරපු සමන් විස්තර ඇහුවා.
"අද මේ ඔපිස් එකේ අයට ධනාත්මක චින්තනේ ගැන දේශණයක්ලු මහත්තයෝ" මිනිහ කිව්ව.
හැබැයි ඒක විතරක් කියල නැවතුනේ නෑ.
"මම මේ වැඩේ කරගන්න ආපු තුන්වෙනි පාර. එක එක ප්‍රශ්ණ කියනවා... අනේ මුංගෙ ධනාත්මක චින්තනේ"
මිනිහ කෙල ගුලියක් බිමට ගැහුවා...
"මෙයාලගෙන් වැඩක් කරවගන්න එක ගලකින් පට්ටයක් ගන්නව වගේ..."
"මුන්ට තියෙන්නෙ ඝණාත්මක චින්තනයක්"