දසක් බලාපොරොත්තු මල් පලගන්වමින් මගේ යෝජනාවට ඈ කැමති වීමෙන් පසු
මුල්වරට අප හමුවී, යන්නේ කොහේද කියා අරමුණක් නැතුව අපි දෙදෙනා ඔහේ ඇවිදිමින්
සිටියෙමු.
ඇයත් මමත් පියවර මැන්නේ ගිනි මද්දහනේ දූවිළි පිරුණු කොළඹ
නගරයේ පාරක වුවත් මට දැනුනේ අපි ඇවිදින්නේ සීතල නුවර එළියේ උද්ද්‍යානයක්
තුල හිමිදිරි උදෑසනක කියාය .
මටත් නොදැනීම මම ඇගේ අතැඟිලි වලින් අල්ලා ගතිමි.
අද කවද්ද?.....
සඳුදා.....
නැහැ....
එහෙනම්....
මම ඉස්සෙල්ලාම ඔයාගේ අතින් අල්ලපු දවස...
ඇගේ මුවේ පැතිරුනු සොඳුරු සිනහ රැල්ල මට මුළු ලෝකයම අමතක කලා.
ඇය
දෙසට හැරුනු මම සෙමින් "ඔයා දන්නවද, ලෝකේ තියෙන වටිනාම වස්තුව දැන් මගේ
අතේ තියෙනවා, ජීවිතේ තියෙන තුරාවටම රැක ගන්න" යැයි පැවසීමි.
ලියා එව්වේ - නිෂාන්
Showing posts with label නිෂාන්. Show all posts

Monday, June 2, 2014
Friday, April 5, 2013
වෙනස
සරත් මිලදීගත් අත් ට්‍රැක්ටරයේ වන්දනා ගමන අරඹා පැය කිහිපයකි, ගමන ආරම්භයේ සිටම සුරතල් පුතු පාසැලෙන් ඉගෙන ගත් නොයෙක් කවි ගායනා කල අතර දියණියද ඔහුගේ සහයට ඉදිරිපත් විය. තොර තෝංචියක් නැතුව තෙපලන බිරිඳගේ මියුරු වදන් රිය පැදවීමේ වෙහෙස නිවාලීය.
සමරසිංහ මහතාගේ බිරිඳ සිටියේ තම අසුන ඉදිරියේ ඇති කුඩා තිරයේ විකාශනය වන හින්දි චිත්‍රපටියේ නළුවාගේ දුක බෙදාගනිමිනි. දියණිය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරී සිටි මිතුරු මිතුරියන් සමග සතුටු සාමීචයේ යෙදෙමින් සිටියාය. පුතා පරිගනක ක්‍රීඩාවක මාරාන්තික සටනක නියැලෙමින් සිටියේය. තව නොබෝ වෙලාවකින් ඔවුන් නවාතැනට ළඟාවනු ඇත. තම සුඛෝපභෝගී රථය පදවමින් සිටි ඔහුගේ තනියට සිටියේ වායුසමනයෙන් නිකුත් වන සිහිල් වායු දහරා පමනි.

Friday, March 29, 2013
අලි කෙන්ද
මේ බලපන් මගේ අළුත් මුද්ද.
නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක?
උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා තියෙනවා. හේන් වලට පැනලා මහ විනාශ කලා ඒ දවස් වල. අන්න ඒ අලියා පණපිටින් ඉන්නකොට උගේ වලිගෙන් ගලෝපු මවිල් වගයක්. මේක දාගෙන ඉන්න වෙලාවට කාටවත් බය හිතෙන්නේ නැහැ. පුදුම ශක්තියක් හිතට දැනෙන්නේ.
කොහොමද දැන් උඹලාගේ ආච්චිට
එයාගේ ඔළුව හොඳ නැහැ බන්
ඒ මොකෝ
මැරිච්ච්ච සීයගේ කෙස් ගස් ටිකක් වලල්ලක ඔතාගෙන හැමවෙලේම දාගෙන ඉන්නවා, උන්දෑ කියන්නේ ඒක තිබුනම සීයාගේ ආරක්ෂාව ලැබෙනවා, බයක් නැහැ කියලා.

Friday, March 22, 2013
ආදරයද මේ.....
සඳ...
ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....
මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...
මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි....
ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ....
ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා.....
ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....
ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට.......
මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....
ඒ මොකටද.....
අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ උපන්දිනේ....
එපා අද ඒකට යන්න...
ඔහොම ගිහින් බීලා ඔයාට මොනවා හරි ලෙඩක් එහෙම හැදුනොත් මට මොකද වෙන්නේ...
කවුද මාව බලා ගන්නේ....
ඇයි දැන් ඔයා කිව්වේ මට ගොඩක් ආදරෙයි, මොනවා උනත් මාව බලා ගන්නවා කියලා......

Friday, February 22, 2013
ආතල්
මචන් මට මේක මාර ආතල්.
ඔය මොකද්ද? ඔය වගේ දේවල් වලට ආතල් ගන්න උඹට ලැජ්ජ නැද්ද? ඕකෙන් නෙමෙයි මේකෙන් ආතල් ගනින්.
ඕවායින් මට ආතල් නැහැ, මට ආතල් මේකෙන්.
එහෙම කොහොමද උඹ, උඹට ඕනේ ඕනේ දේවල් වලින් ආතල් ගන්නේ.
ඉතින් මන් ආතල් ගන්න ඕනේ, මට ආතල් දේවල් වලින් නේ.
එහෙම බැහැ. උඹ ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නවා දැක්කම මට ආතල් නැති වෙනවා.
ඉතින් හරි, උඹ නෙමෙයි නේ මම නේ ආතල් ගන්නේ. මේක මගේ ආතල් එක.
නැහැ උඹ ඉන්නේ මෙතන නම් උඹට ඕනේ ආතල් ගන්න බැහැ. උඹ ආතල් ගන්න ඕනේ මටත් ආතල් ඒවායින් විතරයි. එහෙම නැති උනාම මට ආතල් නැති වෙනවා.

Monday, October 22, 2012
Adopt a dog
මට මේක හැමදාමත් කරන්න බැහැ ඔයාලගේ අම්මට කොච්චර කිව්වත් වැඩක් නැහැ ඇඳේමයි
ජරා කරන්නේ. මට පුළුවන්ද හැමදාම ඔය ජරාව අදින්න. ඉක්මනටම එයාව කොහේ හරි
ගිහින් දාන්න නැත්නම් මන් යනවා අපේ ගෙදර.
ලබන සෙනසුරාදට මොකුත් වැඩ නම් දාගන්න එපා. මිසිස් සිල්වියාලගේ බලු අයිතිවාසිකම් සුරෑකීමේ සංවිධානයෙන් පාරේ ඉන්න බල්ලෝ හදාගන්න දෙන උත්සවයක් තියෙනවා ඒකට යන්නම ඕනේ අපි.
අනේ බලන්නකෝ මේ පැටියා, මොන හිතකින් මිනිස්සු මුන්ව පාරට ගෙනත් දැම්මද මන්දා අපි මූව හදාගමු නේද??...
දැන් කවුද මේකව නාවන්නේ, කවන්නේ, පොවන්න, උගේ ජරාව අදින්නේ?
මන් කරන්නම්....
දැන් කොහෙද මූව ගිහින් දාන්නේ කූඩුවක්වත් නැතුව...
ඇයි ඔයාලගේ අම්ම හිටපු එළියේ කාමරේ තියෙන්නේ දැන් ඒක හිස් නේ.

Monday, October 8, 2012
සත්ව කරුණාව
ළමයෝ, ඉක්මනට මෙහාට වරෙන්...
මේ අහිංසක බලු පැටියට කවුද ගහලා...
ඌ කකුලක් කොරගහනවා....
රත්නේ අයියේ ආරංචිද වැඩක්....
ඊයේ රෑ සුමපාලයව ඉස්පිරිතාලේ ගෙනිහින්. අර අලුතෙන් ආපු උන්ගේ ගෙවල් ගාව වැටිලා ඉඳලා. ඒ ගෙදර උන් එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ බීලා වැටිලා කියලා, ඒත් මන් හිතන්නේ අරුන් ගහලා.
උන්ගේ &^*(^*&....
කොල්ලෝ ගෙනෙන් අර ඇඳ යට තියෙන කිතුල් පොල්ල මන් ගිහින් ඕකුන්ට පාඩමක් උගන්නලා එන්න. සුමනේට අත තියන්න උන් කවුද???
පිටින් ආවනම් ඒ විදිහට ඉන්න ඕනේ කාලකන්නි හැත්ත.
මන් ඉක්මනට ගිහින් අරූගේ අණ්ඩක් කඩලා එන්නම්....
ළමයෝ අර මේසේ උඩ සල්ලි ඇති, කඩෙන් බිත්තරයක් ගෙනත් හදලා දීපන් ඔය අසරණ සතාට.

Monday, July 16, 2012
බිස්නස්
ෂා ෆොටෝ එක නියමෙට එඩිට් උනා දැන් මේක ෆේස් බුක් දැම්මම අල්ලපු කඩේ එකාගේ බිස්නස් දවසින් වැටෙයි...
මුදලාලි ඇල්පෙනෙත්ති තියෙනවද????
නියමයි දැම්මා විතරයි ලයික් 25යි කමෙන්ට් 10යි ෂෙයා 5යි, ෂික් කොහේද මේ වාතයක් ආවනේ කඩේට...
මොනාවද අංකල් ඕනේ???
ඇල්පෙනෙත්ති????
කීයක් ගනන්ද? ???
දහයක්....
දහයක් දෙන්නේ නැහැ ගන්නවනම් එකක් රුපියල ගානේ සීයේ පැකට් එකක් ගන්න...
10 දෙන්නේ නැද්ද???
නැහැ ඕයි 10ක් විකුනලා ඉතුරු 90 මන් ** ගහගන්නද???
ඒ ගමන අල්ලපු කඩේට යනවා, ෂික් කාලකණ්නි ඇල්පෙනෙත්තක් ගන්නත් යන්නේ උන්ගේ ගාවට ජාතිය ගැන කිසි හැඟීමක් නැහැ
..........
එන්න සර් මොනාද බැලුවේ???
අල්පෙනෙත්ති තියෙනවද???
තියෙනවා සර් එකක් සත පනහයි ගොඩක් ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්.....

Monday, July 9, 2012
මනුෂ්‍යයා
විශ්වය එක්ක බැලුවාම මිනිස්සු පෘතුවි වැසියෙක් විතරයි. ඒ වැසියා ලෝකේ එක්ක බැලුවම ආසියාතිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. ආසියාව ඇතුලේ දකුණු ආසියාතිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. දකුණු ආසියාවේදි ශ්‍රී ලාංකිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. ලංකාව ඇතුලේ අහවල් ජාතිකයෙක් උනා කියලා, අහවල් ආගමිකයෙක් උනා කියලා, අහවල් ආයතනයේ, අහවල් විශ්ව විද්‍යාලයේ, අහවල් ඉස්කොලේ, අහවල් පංතියේ, අහවල් පලාතේ, අහවල් දිස්ත්‍රික්කයේ, අහවල් නගරයේ, අහවල් ගමේ, අහවල් කුලේ, අහවල් පවුලේ කියලා මේ හැම එකක් නිසාම ආඩම්බර වෙනවා
අන්තිමට තමන් විතරක් තනි වෙනවා ඒතකොට ආඩම්බර වෙන්නේ මොකක් ගැනද?
එතකොට කවදාවත් මනුෂ්‍යයෙක් වෙච්ච එක ගැන ආඩම්බරයක් නැද්ද මනුෂ්‍යයන්ට??? මනුෂ්‍යයෙක් කියලා ආඩම්බර වෙන්න මතක් වෙනකොට අවසානය ලඟා වෙලාද ඉවරද???

Monday, July 2, 2012
ඔන්ලයින් වැඩකාරයෝ
උඹලා සේරම හෙට දවල්ට ඔන්ලයින් එන්න ඕනේ.
ෆේස් බුක් එකේ සෆ්රාස්ලට දුවන්න ගේමක් සෙට් කරලා තියෙන්නේ මම.
ගෙදරට වෙලා ජොබ් එකකුත් නැතුව ෆේස්බුක් එකේ එල්ලිලා ඉන්නවා කියලා ගෙදරින් හැමදාම බනිනවා රී ලෝඩ් වලට සල්ලි ඉල්ලන්න ගියාම.
ණයට හරි රී ලෝඩ් එකක් දාන් වරෙන් බන් මන් ෆොටෝ එක ෂෙයා කලාම, උඹලා පට ගාලා කමෙන්ට්, ලයික් දාලා ෂෙයා කරපල්ලා
........
කොහොමද අරුන් තාම සද්දයක් නැහැ ෆේස්බුක් එකේ.
අන්න අමිලයා දුවගෙන එනවා.
උඹලා දන්නවද ඇයි අරුන් පහුගිය ටිකේ ඔන්ලයින් හිටියේ නැත්තේ කියලා?
අන්න උඹලාගේ මාමගේ හන්දියේ වහලා තිබ්බ තට්ටු දෙකේ කඩේ අරගෙන සේරම එකතුවෙලා අළුතෙන් කඩයක් දානවලු. ඒකේ වැඩ නිසා උන් ඇවිත් නැත්තේ.

Wednesday, April 27, 2011
උන්ට හොඳ නම් අපිත් කරහම මොකෝ
එහා ගෙදර කරුනාවතීගේ ළමයාගාව ඩොලර් කොලයක් තිබ්බා කියලා ඊයේ කඩේගාව කතා උනා, අලුත් ගෙදරට ඇවිත් ඉන්න සුදු මහත්තයා නිතර ඒ පැත්තේ යනවා මිනිස්සු දැකලා තියෙනවා. මාත් පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් එන්න ඕනේ. මහත්තයා ඉරිදට පල්ලි ගිහින් ආපහු එන්නේ එක එක ජාතියේ නෝනලා එක්කලු පහුවදාටලු ආපු උදවිය ආපහු යන්නේ
33 කාමරය
කවුද සෝමදාස කියන්නේ
මහත්තයාගේ වෛද්‍ය වාර්ථාව අනුව මහත්තයා එච්.අයි.වී ආසාධිතයෙක්.
රූපවාහිනියේ විද්වත් සාක්ච්ඡාවේ "ඇමරිකාව ඉරාකේ වියට්නාමේ කරපු යුධ අපරාධ ගැන හොයන්නේ නැතුව අපේ ඒවා ගැන හොයනවා" කියන වියතාගේ හඬ සහ "දැන් මිනිස්සු කියන්නේ බෞද්ධයෝ තමා නරකම අනික් ආගම් වල අය නරක නැහැ" කියන භික්ෂුවගේ හඬ සිහිනයකින් මෙන් සෝමදාසට ඈතින් ඇසුනා

Sunday, April 24, 2011
කරුමේ...
ආ නංගියේ වාඩි වෙන්න...
කොහොමද අක්කේ දැන් දරුවන්ට?
දැන් ලොක්කිට හරි සරුයි ඕස්ට්‍රේලියාවෙනේ ඉන්නේ, බෑනත් ලොකු කොම්පැනියක ලොක්කෙක් ලමයි දෙන්නත් දැන් ලොකු කොලීජී වලලු ඉගෙන ගන්නේ ලොකු පුතා එංගලන්තේ, මහ රැජින ගාවනේ වැඩ කරන්නේ කාලෙකින් ආවේ නැහැ ලංකාවට. උන්ට එහේ හරියට වැඩ රාජකාරි නොවෑ
කෝ මේ කරුණාවති ???
මේ නෝනා නැන්දට තේකක් හදාගෙන වරෙන්, ඊට පස්සේ ඔය කුස්සිය අස් කරලා මගේ රෙදි හෝදලා මිදුල අතුගාලා දාපන්
උඹේ මිනිහට කියපන් පොල් ටිකක් ලෙලි ගහලා දාලා අර වත්ත සුද්ද කරලා දාන්න කියලා මන් දැක්කා කැලේ වැවිලා හොඳටම
දැන් අපි එක්ක ඉන්නේ කරුණාවති විතරයි ඒකිගේ කරුමෙට අර පොල් කඩන සිරිපාල එක්ක පැනලා ගියා

Monday, April 18, 2011
මහා කරුණාවෙන්
මේ ඇහුනද...
කෝ මේ මිනිහා කොහාට මකබෑ උනාද???
තමුසේ අද දවල්ට මොනා හරි තම්බන් කනවා.
මට සිල්ගන්න යන්නා පරක්කු වෙන නිසා මොකුත් හැදුවේ නැහැ.
අද සිල් ඇත්තන්ට දානේ මන්ත්‍රීතුමාගේ ගෙදරින්ලු සරුවට තියේවි.
නොදකින් ඒ ගමන අර කරුණාවතී ඇවිත් මල් ගහේ සේරම මල් කඩනවා කොහෙද, පරක්කු වෙන නිසා මන් සද්ද නැතුව ඉන්නේ නැත්නම් ඕකිට මන් කියනවා හොඳවෑයින් දෙකක් කන්දෙකේ ඇඟිලි ගහගන්න. දැන් මන් පූජා කරන්න මල් කොහෙන් කඩා ගනන්ද?
දුප් වල් බැළළි ආව මෙතන ඤාව් ගාගෙන අවලමේ ගිහින් පැටව් හදාගත්තා මදිවට වැදගත් ගමනක් යන්න හදනකොට එනවා මෙතන කකුලේ පැටලෙන්න.
මන් යනවා ඉක්මනින් ගියේ නැත්නම් බිත්තියක් අයිනේ අල්ල ගන්න බැරිවෙනවා සිල් ගන්න.

Monday, April 4, 2011
ඔවුන්
පාළු රෑක ඇගේ කාමරේ අසලින් යනවිට සිහින් ගෙරවිල්ලක් ඇසෙනවා සේ දැනෙන්නේත්, උඩුරැවුලක් සහිත වැඩිහිටි පිරිමියෙක් දකිනවිට යන්තමින් මතකයේ රැඳී ඇති ඔහුගේ රුව මැවෙන්නේත් තවමත් ඔවුන් අහිමි බව පිළිගැනීමට සිත අකමැති නිසා විය හැක.
තනිව නැගීසිටීමට තරම් දෙපා යන්තමින් සවිමත් නමුත්, තව කලක් ඔවුන් අප සමග සිටියානම් එය මහමෙරක් තරම් යැයි සිතෙන වාර ගනනේ නිමක් නැත. ලෙඩක් දුකක් නිසා හැමෝගේම මුවින් පිටවන එකම වචනයත් පිට නොකර හිතේ තබාගෙන සිටින්නේ පිට වුනත් එය අසන්නට කෙනෙක් නොමැති නිසාවෙනි.
සිටින විටට වඩා නොමැති විට සිය දහස් වරක් අගේ දැනෙන ඔවුන් අවාසනාවකට මෙන් අද අප අසල නැත. ඒ අඩුව පිරවීම කිසිවෙක් කිසිදා සමත් නොවනු ඇත.

Subscribe to:
Posts (Atom)