"යමු අපිත් එක්කම"
හැඩකාර තරුණයකුගෙන් ඔහුගේ වාහනයේම වෙඩින් හෝල් එකට යන්නට අපටත් ආරධනා ලැබුණා.
දෙපාරක් නොහිතපු මධු මටත් කලින් කාරයට ගොඩ උණා. ධාරණිපාත වරුසාවේ මාර්ග නීති නොතකා අසීලාචාර වේගයෙන් රථය ඉදිරියට ඇදුනේ මගේ ඇගේ ලේ වතුර කරමින්.....
"මචං කෝකටත් සීට් බෙල්ට දාගමු, යන විදිහට අවසානය හිතා ගන්නවත් බෑ"
දෙතුන් වතාවක් දෙපැත්තට වැදුණු මාවත්, එකපාරටම ගහපු බ්‍රේක් නිසා ඩැෂ් බෝඩ් එකේ වදින්නට ගිය ආත්තම්මාත් නිසා මම කිව්වා.
"මළත් මොකෝ මෙවන් කොල්ලෙක් ලඟ"
මධු බලන් හිටියෙම රියදුරු අසුනෙ වුන් තරුණයා දිහාමයි.
ඉදිරියෙන් ගිය වෙඩින් කාර් එකෙන් හදිස්සියෙම බැසගත් පුන්චි කෙළි පැටියෙක් ලඟ අපේ කාර් එක නතර උණා.
"තාත්තී අම්මිගෙන් හදිස්සි කෝල් එකක්ලු"
ලියා එව්වේ - අහිංසකි (http://ahinsaki.blogspot.com/)
සිරාවටම නියම කතාව. දවසේ වැරුද්දට දාන්නත් පුළුවන්.
ReplyDeleteඅක්කට වුනු දෙයක්ද? :D
ReplyDeleteමිනිස්සුනේ ඔක්කොම..!
ReplyDeleteපව්.. මධු
ReplyDelete"මළත් මොකෝ මෙවන් කොල්ලෙක් ලඟ"
ReplyDeleteහික් හික්
දුකම තමයි....
ReplyDeleteචිකේ...දුකේ බෑ.
මධූගෙ බලාපොරොත්තු සුන් නේ....
ReplyDeleteමේ කතාව ඔය කඩවසම් තරුණයගෙ විව් පොයින්ට් එකෙන් ලියන්න පුළුවන් නම්.... ඒ වුණාට ඒක සදාචාරෙට හරි යන එකක් නෑ...
හයියෝ! මදැයි ඉතිං !
ReplyDeleteස්තුතී සැමටම :)
ReplyDeleteනියමයි..දවසේ කතන්දරේ.
ReplyDelete