ටවුම මැද තිබුණ පරණ රත් හඳුන් ගහක්.
ඒ ගහේ වයස කියන්න පුළුවන් කෙනෙක් හිටියෙ නෑ. ටවුමෙ කෞතුකාගාරෙ තියෙන අවුරුදු එකසිය පණහකට විතර කලින් ගත්තු පින්තූර වලත් ගහ ඒ වගේම තියෙනවා.
රවුන්ඩබවුට් එක වටේ පාර ලොකු කරන්න ඕන කියල ආණ්ඩුකාරයට හිතිලා ඒකට යෝග්යතා අධ්යයනෙ කැඳෙව්වා.
වැඩේ කරන්න නම් රත් හඳුන් ගහ කපන්න වෙනවා.
ගහ වගේද පාර? ඔන්න ගහ කපන්න තීරණය වුණා.
ඒකට පරිසරවේදියො සෙට් එක ඇවිස්සුණා. රත් හඳුන් ගහ වෙනුවෙන් සංවිධාන කීපයක්ම හැදුණා. දවස් කීපයක් ඇතුලත කට්ටිය හතලිහක් පණහක් සෙට් වුණා ගහ ගාවට.
එකෙක් "හඳුන් ගහ බේරාගනිමු" කියල ගහපු බෝඩ් ටිකක් අඟලෙ ඇණ වලින් ගහ වටේ ගැහුව.
පටන් ගත්ත කෑ ගැහිල්ල.
ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)