හිතවත් අයැදුම්කරුව,
පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි
එවනලද අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව අප ආයතනය විසින් තීරණය කරනු ලැබුයේ ඔබ වෙත ඉහත තනතුර ප්රදානය නොකිරීමටයි. නමුදු දිගින් දිගටම ඔබ විසින් කරන්නට යෙදෙන විමසීම් හේතුවෙන් අප තීරණයට හේතුව මෙසේ දන්වා එවමු.
ඔබගේ නම ඇතුලත්කර, ගූගල් සෙවීම් යන්ත්රය මගින් බොහෝ තොරතුරු ලබාගත හැකිවිය. ඒවා උපයෝගී කරගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී ඔබ බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, ඔබගේ ප්රොෆයිලය බොහෝ බ්ලොග් අතර නිරතුරු දැකිය හැකිවීමද, ඔබ දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන තීරණාත්මක සාධක සළකා බැලීම අපගේ තීරණයට හේතුවිය.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය
ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)