නුඹ මා කුස රැඳුනු දින....
සියක් දහසක් සිහින මැවිනි මසිත....
මව් කිකිළියක් වෙන දින නුදුරේම මල් පළ දරාවි...
තැබුවෙමි පය පරිස්සමින්, වෙයි අනතුරක් යැයි සිතා නුඹ හට...
ඇහිඳ කෑවෙමි ඉස්තරම් පණුවන් නුඹ වෙනුවෙන් මම...
පාරම් බෑවෙමි අනිත් කිකිළියන් හා මම.....
එකියක් සිනිඳුවට හොටින් කුස පිරි මැද කොක් හඬලති....
නුඹ පියානන් මවෙත ආදර බැළුම් හෙලයි..…
සඟවමි මම කෝල නෙතු ඔහු වෙතින්.......
නුදුරේම නුඹ මගෙ පසුපස දැවටෙනු ඇති......
ඇවිදිමි නුඹ සමග ආඩම්බරයෙන් අනිත් කිකිළියන්ටත් පෙනෙන ලෙස......
නුඹට පණුවන් ඇහිඳින හැටි කියා දෙමි.......
එනමුදු, හොත් දිනම සොරා ගොසිනි නුඹ......
කෙලෙස සිතන්නද මම.....
හාෆ් බොයිල්, බුල්ස් අයි හෝ ඔම්ලට් එකක් වෙන්න යන වග නුඹ......
ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)
Showing posts with label සත්ව හිංසනය. Show all posts
Showing posts with label සත්ව හිංසනය. Show all posts
Monday, January 3, 2011
Wednesday, December 15, 2010
නුඹ නටාපං අපේ හෙට දවස වෙනුවෙන්........
ගොදුරක් හොයා
ඇදීගෙන
හතුරෙක්ට
ඔය පෙන ගෙබේ
පුප්පගෙන
තුඹහකට වෙලා
දරන ගහන්
නිදියගෙන
නිදහසේ උන්නු
උඹේ දිවිය
බට පෙට්ටියක
හිර කරන්
එහාට මෙහාට
කුදලන් ගිහින්
උඹව
නටව නටව
උඹට දෙන
දස වදේට
මට
සමාවෙයන්
නයි හාමි,
එක අතකින්
මම වැරදිත් නෑ
මේක අපෙ
පරම්පරාවෙන්ම
එන උරුමෙ
අපේ අප්පොච්චිලත්
උඔලගෙ වරිගෙ
උන්ව හිරකරන්
නටවපු එකේ
මටයි කියල
ඒකෙ වෙනසක් නෑ
අපි උඹලට
දෙයියන්ට වගේ
සළකනව
සත්ව හින්සනේ
සමාජ සම්මතේ
ඔය බම්බු වලින්
අපේ බඩවල්
රැකෙන් නෑ බං
බඩ රැකුනොත්
තමයි
අපි රැකෙන්නෙ
උඹ නැටුවොත්
තමයි
අපේ බඩවල්
සැනහෙන්නෙ
අපිට නින්ද
යන්නෙ
මං නලාව
පිඹින්නං
ඉතිං උඹ
නටාපං
අපේ හෙට දවස
වෙනුවෙන්...........
ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)
ඇදීගෙන
හතුරෙක්ට
ඔය පෙන ගෙබේ
පුප්පගෙන
තුඹහකට වෙලා
දරන ගහන්
නිදියගෙන
නිදහසේ උන්නු
උඹේ දිවිය
බට පෙට්ටියක
හිර කරන්
එහාට මෙහාට
කුදලන් ගිහින්
උඹව
නටව නටව
උඹට දෙන
දස වදේට
මට
සමාවෙයන්
නයි හාමි,
එක අතකින්
මම වැරදිත් නෑ
මේක අපෙ
පරම්පරාවෙන්ම
එන උරුමෙ
අපේ අප්පොච්චිලත්
උඔලගෙ වරිගෙ
උන්ව හිරකරන්
නටවපු එකේ
මටයි කියල
ඒකෙ වෙනසක් නෑ
අපි උඹලට
දෙයියන්ට වගේ
සළකනව
සත්ව හින්සනේ
සමාජ සම්මතේ
ඔය බම්බු වලින්
අපේ බඩවල්
රැකෙන් නෑ බං
බඩ රැකුනොත්
තමයි
අපි රැකෙන්නෙ
උඹ නැටුවොත්
තමයි
අපේ බඩවල්
සැනහෙන්නෙ
අපිට නින්ද
යන්නෙ
මං නලාව
පිඹින්නං
ඉතිං උඹ
නටාපං
අපේ හෙට දවස
වෙනුවෙන්...........
ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)
Labels:
අසරණකම,
මිනිස්සු,
සත්තු,
සත්ව හිංසනය,
සොඳුරු මිනිසා,
සොබාදහම
Subscribe to:
Posts (Atom)