සුභා, නිශාන්තයා කිව්වා හෙට රෑ කෑමට එන්නැයි කියලා. ඔයා එහෙ ගිහින්ම නෑ නේද?
--------------------------------------------------------
අනේ හරී සිරියාවන්ත දුවක්. ලස්සනේ බෑ. දුව අපේ පියුමි දුවගේ යාළුවෙක්ද?
නෑ ඇන්ටි. නිශාන්තයි මගේ හස්බනුයි යාළුවෝ. මම හස්බන්ඩ් එක්ක ආවේ.
අනේ..... ඒ පුතා හරිම වාසනාවන්තයි දුව වගේ සිරියාවන්ත කෙල්ලෙක් ලබන්න. කෝ ඒ පුතා?
අර ඉන්නේ ඇන්ටි අතන මේසේ ගාව.
අර ළමයා? ඒ ළමයනම් දුවගේ හස්බන්ඩ් වෙන්න බෑ. එයා හරි වයස පාටයිනේ බොරු නේද?
ඇත්තමයි ඇන්ටි...
--------------------------------------------------------
ඔයා දන්නවද වැඩක් නිශාන්තලාගේ අම්මා කිව්වනේ ඔයා මට වඩා සෑහෙන්න වයස පාටයි කියලා.
කොහෙද ඔයා ඔය කොන්ඩෙවත් ඩයි කරගන්න එකක්යැ.
ආ මට කියන්න අමතක උනානේ සුභා.... ඒ ඇන්ටිට පිස්සු!
ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)
Showing posts with label සතුට. Show all posts
Showing posts with label සතුට. Show all posts
Friday, March 9, 2012
Friday, March 2, 2012
ඇඬෙනවනෙ තනි ඇහැට
අඬනකොට ඇයි කදුළු එන්නෙ
දන්නෙ නෑ අනේ
දුක වැඩි හින්දා වෙන්නැති
එතකොට දුකටද අඩන්නෙ
වෙන්න ඇති
සතුටටත් කඳුළු එනවනේ
අයියෝ ඒ සතුට වැඩිකමටනෙ
අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක්
මාරයි නේ
ඔයාට මොකටද ඒ පණ්ඩිතකම්
නෑ ඔයා අඬනකොට මූණ රතු උනා
මාව අඬවලා ඔයාට සතුටුයිනේ
නෑ බබා ඔයා හිනාවෙනකොටත් මූණ රතූ වෙනෝ
හැබැයි මන් ආස ඒ රතු මූණට
අනේ නිකන් ඉන්න
එක නෙවේ
මොකටද අනේ තනි ඇහට ඇඬෙනවා කියන්නෙ?
ආහ්.... ඒකද දැන් බලන්න බබා තෙල් මිල
ඔයාව තියන් යන්න අද බයික් එකට පන්සීයකම තෙල් ගැහුවා
අතේ සතේ නෑ බබා
චොකලට් එක කීයද
තියෙන එකම ඩෙනිම පට්ට ගහන්නෙ
ඉතින් මට
ඇඬෙනවනෙ තනි ඇහට
ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Tuesday, October 18, 2011
සතුට
අහස රතු පාටට හැරුනා. තවත් දවසක් ගෙවිල ගියා නේද කියල මට හිතුනා.
ඔයා හිටියේ සතුටින්. ආ ගිය ගමන්, යාලුවොත් එක්ක කතා කරපු දේවල්, ඔක්කොම ගිරවෙක් වගේ කියෙව්වා.
"ඇයි අද වැඩිය කතා නැත්තේ?" හිටි හැටියේම ඔයා ඇහුවා.
මගේ දුක තවත් හංගන්නේ නැතුව කියනවා කියල හිතුනා.
"අද අපේ යාළුවො ටික මාර වැඩක්නේ කලේ..." ඔයා තවත් කතාවක් පටන් ගත්තා. මාත් අහගෙන හිටියා.
ඇත්ත... ඔයාගේ සතුට දැකල මටත් සතුටු දැනුනා. එත්.... මගේ හිත....
"දවසෙම යාළුවො එක්ක හිටියට ඔයා දුකින් නෙවෙයි නේද ඉන්නේ?" හිටිහැටියේම ඔයා ඇහුවා.
"අනේ නෑ." කම්මුල් දිගේ වැටුණු කඳුළු ඔයා දකීවි කියල මම ඉවත බලා ගත්තා.
ඔයා තවත් මොනවද කියනවා මට ඇහුනා.
ලියා එව්වේ - Starry Angel (www.tharuatharin.blogspot.com)

Wednesday, June 8, 2011
ආයෙ නම් එන්න එපා කවදාවත්....
ආදරේ කියන්නෙ ජීවිතේ එකදෙයක් විතරයි කියල කියා දුන්නෙ ඔයයි මට..
එත් ඔයා දන්නෙ නැහැ ඒ දෙයට මම මගේ ජීවිතේ තුල ගොඩාක් ලොකු වටිනකමක් දීල තියන බව...
අදටත් ඔයා ඒක දන්නෙ නැහැ වගේම කවදාවත් ඔයාට ඒක තේරෙණ එකකුත් නැහැ…
මගේ ජීවිතේ සතුට ඔයා කියල කිව්වම ඔයා පුදුම වුනා මතකයි... පුදුම වෙන්න දෙයක් නෑ මොකද මගේ හිත මං වෙනකාටවත් දීල තිබුනෙ නැහැනෙ ඔයා වගේ...
ඔයා ඔයාගෙ අතීතයේ ජීවත් වෙනගමන් මගේ ජීවිතේට ළං උනේ ඇයි...? මගේ ආදරේ විහිලුවට ගත්තෙ ඇයි?
කමක් නෑ මම හැමදාම කලා වගේ ඔයා වෙනුවෙන් ඒ හැම දුකක්ම අද විඳ දරා ගන්නම්...
මොකද ඔයා කියන විදියට මට ඇත්තටම පිස්සුනෙ නේද..?
ලියා එව්වේ - දීපිකා කුමාරි (http://paatapaatasithiwili.blogspot.com/)

Saturday, May 28, 2011
සිහින මාලිගාව
අපි දෙන්නා හැදුව සිහින මාලිගාව බිඳිලා යන්න ගියේ තත්පර කීයද?
ඔයාගේ ඔය සීතල අත්දෙක මගේ මුහුණට තියලා තද කරගන්ත ඒ තත්පර විස්ස තිහ මට මාව කවුද කියලා අමතක කෙරෙව්වා. රත්තරන් මම ඔයාට ආදරේ ඒක නිසා.
ඒක හරිම පූජනීයයි.
මුහුණට වැටිලා හුළඟේ ඔහේ පාවෙලා යන දඟකාර කෙහෙරැල්ල දිහා බලාගෙන මට ශතවර්ෂ ගානක් ගෙවන්න පුළුවන්. මගේ දඟකාරි ලඟ මගේ හිත නතර වෙලා. ඔයත් එක්ක අත් අල්ලගෙන සිරීපාදෙ නගින්න. පේරාදෙනිය මල්වත්තේ ඇවිදින්න. ඔය උකුල උඩ ඔළුව තියාගෙන ඇස්දෙක පියාගෙන ඉන්න. මම තාමත් පෙරුම් පුරනවා.
මගේ ජීවිතේ තියෙන සතුට රැඳිලා තියෙන අංශු මාත්‍රයම තියෙන්නේ ඔයාගේ ලඟ.
තාමත් මගේ රත්තරන්ට මම ආදරේ මගේ පණටත් වඩා...
ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Wednesday, May 11, 2011
මම කිනිස්ස අතට ගතිමි..
ඔයා මට ඇත්තටම ආදරේද?ඇය ඇඳෙන් ඉස්සීමට දුබල උත්සාහයක යෙදෙමින් සිටියාය.
මම ඇයගේ ඉණවටේ අතදමා ඇයව ඔසවා තබා ඇය අසලින් හිඳගතිමි.
මම ජීවිත කාලේම ජීවත්වුනේ මේ මොහොත වෙනුවෙන්.ඇය සුන්දර සිනාවක් සමග අමාරුවෙන් රාත්‍රියේ අප දෙදෙනා ආවරණය කල ඇඳරෙද්ද ඉවත්කලාය.
පැල්ලම අඳුරු පැහැයට හැරී තිබුනි. අද හවසම අළුත් රෙද්දක් රැගෙන ආ යුතුය.
දැන් ඔයාගේ වාරය.ඇය කොලපැහැති මිටක් තිබුන කිනිස්ස මදෙසට දික්කලාය.
පිස්සු හැදීගෙන එනවාද?මම ඇයට ආදරේ කලෙමි.
මම කිව්වානේ බෑ කියලා.
ඔයාට ඕනි මාව විඳවලා මැරෙනවා දකින්නද?ඇයගේ දෑස් ප්‍රීතියෙන් දිලිසේ. මට ඒ දීප්තිය දරාගත නොහැක.
මේකෙ අවසානයක් තියෙන්න ඕනි. ඒක වෙන්න ඕනි මෙහෙම.....
මම කිනිස්ස අතට ගතිමි..
ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)
Subscribe to:
Posts (Atom)