චුටි කතාවක් මතක් වුනා. කෂ්ටිය අහල ඇතිනෙ සමහරු ඔය හිරි අරින්න, ඈනුන් අරින්න එහෙම අත් දෙක උඩට ඉස්සුවම උරහිස් ජොයින්ට් එකද කොහෙද පැනල අත් දෙක හරි, එකක් හරි, ආපහු පහල දාන්න බැරුව ලොක් වෙනව කියල. එහෙම සීන් එකක් වෙලා මං වැඩ කොරපු තැන කෙනෙක්ව අල්ලපු වැටේ තියෙන, ඉස්පිටිතාලෙට (අලව්වෙ) අරන් ගියා. එතන හිටියෙ, ලස්සන තරුණ දොස්තර නෝන කෙනෙක්, එයා ෆුල් ට්‍රය් එකක් දුන්න ලොක් එක ගලෝල බුවාගෙ අත් දෙක පහලට දාන්න…. ම්හු….. හරි ගියෙම නැහැ. ඔතනට ආපු ඇටෙන්ඩන්ට් පොරක් කලේ මොකද දන්නවද? ලෙඩාගෙ සරම කැඩුව. නෝ කතා, නෝ හිනා, අරූගෙ ලොක් නිකම්ම ගැලවිලා අත් දෙකම පහලට දාල සරම අල්ල ගත්ත.
ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)
Showing posts with label සරම. Show all posts
Showing posts with label සරම. Show all posts
Wednesday, July 6, 2011
Wednesday, September 29, 2010
අවාසනාවට ඇත්ත කතාවක්!
ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැණුදු මා ඉදිරිපිට සියුම් ජල පහරේ වැදිවැදී සැලෙයි. මා හට කෙතරම් රිදෙව්වද ප්‍රාණයක් නොවෙත්දැයි යලිත් වරක් සිත මිමිනුවේය. නැවතත් බඩ රිදීමට ගත් බැවින් සියලු සංස්කාර ධර්මයන් පසෙක දමා එම වැඩෙහි නියැලිය යුතුව ඇත.
*******************************************************************************
තකහනියක් සරම කඩාගෙන වැසිකිලියට දුවගත්තේ පෙර දින රාත්‍රියේ කෑ හන්දියේ කඩේ කොත්තුව, බඩේ කනු කුනු ගාන්නට ගත් නිසාවෙනි. නිදහස් නිවහල් රාජ්‍යයක අතරමංව සිටි මට ඇගේ මල වද ඉවසිය නොහැකි විය. දවසේ සොඳුරුම මොහොත ඈ කා දැමුවේය.
********************************************************************************
මනස තවත් නොකැලඹෙනු පිණිස ඝන ටැප් වතුර පහරක් ඇය දෙසට හරවා ඇයව දෘෂ්‍ය පරාසයෙන් ඉවත් කලෙමි. ඈ නම් වූ තවත් එක් මදුරුවාට මට නොවිදිය යුතුව තිබුනි.
ලියා එව්වේ - මුචලින්ද ( http://muchalindha.blogspot.com/ )
Subscribe to:
Posts (Atom)