Wednesday, June 8, 2011

ආයෙ නම් එන්න එපා කවදාවත්....

ආදරේ කියන්නෙ ජීවිතේ එකදෙයක් විතරයි කියල කියා දුන්නෙ ඔයයි මට..

එත් ඔයා දන්නෙ නැහැ ඒ දෙයට මම මගේ ජීවිතේ තුල ගොඩාක් ලොකු වටිනකමක් දීල තියන බව...

අදටත් ඔයා ඒක දන්නෙ නැහැ වගේම කවදාවත් ඔයාට ඒක තේරෙණ එකකුත් නැහැ…

මගේ ජීවිතේ සතුට ඔයා කියල කිව්වම ඔයා පුදුම වුනා මතකයි... පුදුම වෙන්න දෙයක් නෑ මොකද මගේ හිත මං වෙනකාටවත් දීල තිබුනෙ නැහැනෙ ඔයා වගේ...

ඔයා ඔයාගෙ අතීතයේ ජීවත් වෙනගමන් මගේ ජීවිතේට ළං උනේ ඇයි...? මගේ ආදරේ විහිලුවට ගත්තෙ ඇයි?
කමක් නෑ මම හැමදාම කලා වගේ ඔයා වෙනුවෙන් ඒ හැම දුකක්ම අද විඳ දරා ගන්නම්...

මොකද ඔයා කියන විදියට මට ඇත්තටම පිස්සුනෙ නේද..?



ලියා එව්වේ - දීපිකා කුමාරි (http://paatapaatasithiwili.blogspot.com/)

9 comments:

  1. ආදරේ කියන්නෙ ජීවිතේ එකදෙයක් විතරයි තමා ඒත් ඒ දේ කොච්චර ප්‍රභලද?සමහර වෙලාවට ජීවිතයක් එහෙම පිටින්ම වෙනස් කරන්න "ආදරේ"කට පුලුවන්නේ...

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ උදේ පාන්දරින්ම ගොඩ උනා මේ පැත්තට. මේක හරියටම මට වුනු දෙයක් බලන් ඉඳල ලිව්ව වගේ නොවැ...

    ReplyDelete
  3. පොලා ,

    ne meka api godak ayata unu deyak balala liyala wage.

    :( :(

    ReplyDelete
  4. පුළුවන් නම් comment දාන හැටි හොයා ගත්තෙ ඒත අනිත් බ්ලොග් වලට comment දාන්න බෑ
    අනේ පුළුවන් නම් බ්ලොග් ලියන්න කියල දෙනවද

    ReplyDelete
  5. ඔයා එයත් එක්ක සතුටින් ඉන්න..මමයි වැරදි, එයා ඔයාගෙන් දුරස් වෙලා හිටි ටිකට ඔයාට ලං උන නිසා..ඒ නිසාමයි මම යන්නම යන්නේ..ඔයාගේ පාලු මකන්න තවදුරටත් මට බෑ.ඔයා ඇහුවනේ තරහද කියලා,මම කවදාවත්ම තරහා නෑ,ආදරේ කරන කෙනෙක් එක්ක තරහ වෙන්න බැරි බව ඔයා දන්නේ නැතුව ඇති..අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔයා මතක් වෙන හැම වෙලාවකටම ම්අට හිතෙන්නේ එකම දෙයයි.... " ඇයි දෙයියනේ මම ටිකක් ඉක්මන් උනේ නැත්තේ.."

    ReplyDelete
  6. @ sugandi,

    http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=112498#createblog

    ඉහත දීල තියෙන ලින්ක් එකට ගිහින් බලන්න බ්ලොග් එකක් ඕපන් කරන හැටි

    ReplyDelete
  7. ඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක් !!


    වචන 1500 කට විතර කෙටි කරලා ලස්සනට ගලපලා ලියන්න බලන්න....
    අමාරුයි තමා....

    http://palamupema.blogspot.com

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...