හැමදාමත් පාර අද්දර තැපැල් කන්තෝරුව අසල වාඩි වී සිටිනා හිඟන සීයා දක්නට නොසිටියේය. සති කීපයක් එය ඔහුගේ නවාතැන විය. ටිකක් විපරමින් වට පිට බැලුවෙමි. හොඳින් ඇඳ පැළඳ ගත් දෙදෙනකු ඔහු ද රැගෙන දුම්රියපළ වෙත යනු දුටුවෙමි. මට දුකක් දැනුණි.
මම හැමදාමත් කොච්චියෙන් බැස එන විට කීයක් හෝ මුදලක් ඔහු අතට දී ඒමට පුරුදු වී සිටියෙමි. එය ගත් ඔහු "දුවට දෙවි පිහිටයි" කියා ආශීර්වාද කළේය. මා අත මුදල් නැතිදාට සිනහවකින් සංග්‍රහ කිරීමට අමතක නොකළෙමි.
"අර මෙතන හිටපු හිඟන මිනිහාගේ පුතා ඒ මනුස්සයාව ගෙදර එක්කං ගියා." එතැන සිටි මිනිසකු කියනා හඬ මට ඇසුණි.
ඔහු යන දෙස බලා සිටි මට විශාල සතුටක් දැනුණි.
ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)
අඩේ.... මොනව උනත් පුතාට පස්සෙ හරි තේරුන එක හොදයි..!
ReplyDeleteඑක්කන් ගියේ දේපල ලියවගන්නද දන්නෙ නෑ..
ReplyDeleteනාකියො දෑන්වත් ඔය කාතාව නවතා තරුනයන්ට තෑන දෙන්න නාකියො........
ReplyDeleteසමා වන්න මාගේ සහොදරයාට සුලු මොලයෙ ආබාධයක් ඇති අයෙකි ඔබට සිඳු වු අපහසුවට මාගේ කනගාටුව ප්‍රකාශ කරම් සමාවන්න
ReplyDeleteමටත් හිතුණෙ පිණිබිඳුට හිතුණ දේමයි. ඉඩමක් ලියවගන්න සීයගෙ අත්සනවත් ඕන වෙලාද?
ReplyDeleteඒ වුණාට අපි එහෙම හිතන එක වැරදියි. ඒ දරුවට කලින් රස්සාවක් තිබිල නෑ තාත්තට සලකන්න. ඔය රස්සාවක් හම්බ වුණ ගමන්මයි ඇවිත් තාත්තව එක්කරගෙන ගිහින් තියෙන්නේ...
පාරවල් ගානෙ රස්තියාදු වෙවී ලැජ්ජ කොරනව කියල ගෙදර කාමරේක හිරගත කොලාද දන්නැහැ.. ....
ReplyDelete