ඔයත් සැණින් වෙනස්වෙන අහස වගේ... මට හිතුණා.
අහස්කුසේ ඇතිවෙන සැම විපර්යාසයකම ප්‍රතිපල භුක්තිවිඳින මහපොලොව මං වගේ.
ඔයා මොනතරම් ඈත වුණත් කිසිදාක හිමි නොවුණත් ඔය ඇහිපිල්ලමක වුණත් වෙනසක් මට දැනෙනවා.
වෙරළේ හැපෙන රැල්ල මොහොතකින් ආපහු මුහුදට යනවා.
ඔයත් මේ රැල්ල වගේ. වෙරළ බලාගෙන ඉන්නවා රැල්ල ආයෙත් එනකම්, හරියට මම වගේ.
කිසිදාක ළග නොරැඳෙන බව දැනුණත් ඔයා ළඟට එනකොට මගේ හිත පිරෙනවා,
එනකන් මගේ හිත ඇඟිලි ගණිනවා.
දකින්න මගේ ඇස් දැවෙනවා.
ඒත් වෙරළ රිද්දල යන රැල්ලවගේ මාව රිද්දලා ඔයා ආයෙත් යන්න යනවා.
අනේ මේ හිත හැමදාම එකම තැන ඉඳන් විඳවනවා.
ලියා එව්වේ - පබලු (http://magethanikama.blogspot.com/)