දුම්රිය සෙමින් සෙමින් ස්ටේෂමට සේන්දු විය. දුම්රිය තුළට වැදුනු මා දෙනෙත් සෙවූයේ ආසනයකි. ඉදිරිපසම හිස්ව තිබුණු අසුනක මා අසුන් ගත්තෙමි.
ඉදිරි පස අසුනේ මට මුහුණලා සිටියේ තම දෑස් බිමට නැඹුරු කර ගත් පැවිද්දෙකි. තැන් තැන් වල අණ්ඩ දමා තිබුණු සිවුරත්, විවර්ණ වුණු කුඩයත්, පාවහන් පවා නොපැලඳ සිටි උන්වහන්සේගේ මුහුණින් විහිදුනේ පුදුමාකාර කාන්තියකි. මුළු ශරීරයෙන්ම අමුතුම දිස්නයක් විහිදුණි. දකිනාවුනගේ නෙත් සිත් ආකර්ශණය කර ගත් ඒ රුව තුල පැවතුනේ පුදුමාකාර ප්‍රසන්න පෙනුමකි. ශාන්තියකි !
උන් වහන්සේ කැලණිය දුම්රිය ස්ථානයෙන් බැස යන තුරුම මා උන් වහන්සේ දිහා ඇසි පිය නොහෙළා බලා සිටියා යැයි වැටහුණේ එවිටය. කිසිදු දිනෙක එතරම් ශාන්තියක් මා සිතට දැනී නොමැත.
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)