ප්‍රසාද් හෙට මම පාන්දරින්ම යනවා.
හතරටවත් පිටත්වෙන්නෝනිනේ.
උදේටත් ඔයාට උයාගන්න වෙයි.
මං කපන කොටන දේවල් කරල ෆ්‍රිජ් එකේ දැම්මා.
හරි හරි මාලි, මං බබෙක් නෙමෙයි.
ඔයා එනකොට මං රෑටත් උයල තියන්නම්.
ප්‍රසාද් මං ගිහින් එන්නම් පරිස්සමින් වැඩ කරගන්න.
හරි එහෙනම් දැන් උයමු.
බත හරි. වතුරත් ගහල ඉන්නවා මාලි උදේ මෝටරේ දාන්න නෑ.
සිංදුවක්වත් දාන්නෝනි ගෙයි පාලුව යන්න.
හොද්ද ලිපේ, ඊළඟට මාළු බදිනවා.
මේවයෙ අයිස් දියවෙන්න තව වෙලා යයි, එතකන් ෂොට් එකක් දාන්නෝනි.
මහත්තයා! මහත්තයා!
මොකාද බෙරිහන් තියන්නේ? නිවාඩු දවසටවත් නිදහසේ ඉන්න නෑනෙ.
මහත්තයා වතුර උතුරනවා අපේ කොහිල පාත්තියටම ගලලා.
මොකක්! හුටා! මෝටරේ! අපොයි මාළු ටික! චෙප් හොර බළලා, ඉවරයි හොද්ද!
ලියා එව්වේ - මගේ ජීවිතය