“මම අතින් වත් අල්ලන්නේ මම බඳින කෙනා විතරයි.. ඊට එහා දෙයක් කරන්න හිතන්නේවත් ඔයා මගේම උනාම විතරයි”... ඔහු සෙමෙන් තෙපලුව...
“කොච්චර හොඳ මනුස්සයෙක්ද”... ඇය සිතුවා..
“මම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න. හැමෝම ඔහොම නෑ”... ඇය ඔහුගේ අතින් අල්ලාගෙන මිමිණුවා..
කාලයක් ගත උනා.... එක් සවසක ඔහු ඇයත් සමග දොඩමළුව සිටින මොහොතක...
“මදාරා...“
“හ්ම්ම්..”
“ඔයා හෙට මොකද කරන්නේ?”
“විශේෂයක් නෑ”
“අපි කොහේ හරි යමුද?”
“කොහේ හරි කිව්වේ?”
“ඔයා දන්නවා මම මොකක්ද කියන්නේ කියලා”
“ඒත් ඔයාමනේ කිව්වේ අපි බඳින කම් ඒ විදියට මාව අල්ලන්නේ නෑ කියල”
ඔහු මහා හය්යෙන් හිනා උනා...
“ඔයා කොයි තරම් අහිංසක ද, මම තාම රහත් වෙලා නෑ මදාරා”
ලියා එව්වේ - ජනනි අමරසේකර (http://sweetdwelling.blogspot.com/)
Showing posts with label ජනනි අමරසේකර. Show all posts
Showing posts with label ජනනි අමරසේකර. Show all posts
Friday, December 28, 2012
Thursday, February 10, 2011
අසම්මතය
"ඔයා මගේ ජීවිතේ කවුද?"
"මං දන්නේ නෑ"
"එතකොට මං ඔයාගේ කවුද?"
"දන්නේ නෑ"
"ඔයා මාත් එක්ක ඉන්නේ අපේ විභාගේ ඉවර වෙනකන්ද?"
ඈත මැයි ගහ දිහා බලාගෙන ඔහු නිහඩවම අහස පොලොව ගැටලන්න හදනවා.
අපිට උත්තර නෑ.
විශ්වවිද්‍යාලය ඇතුලේ ඉපදිලා පිට වෙන්නට කලින් ඇතුලෙම මියැදෙන පෙම්වතුන්ද අපි?
එකට වැඩ කරන නිසා, එකට කන්න යන්න නිසා, හැම තිස්සෙම යන්නේ එන්නේ එකට නිසා අපි පෙම් යුවලක් විදියට හැමෝම නම් කෙරුවට අපි ඇත්තටම පෙම්වතුන්ද?
මිනිස්සු හරි පුදුමයි..
ගැනු ළමයෙක්ගේ හොඳම යාළුවා පිරිමි ළමයෙක් වෙන්න බැරිද?
එක අසම්මතයක්ද? ඒ අසම්මත ලෝකේ අපිත් මිතුරුකමයි, ප්‍රේමයයි පටලවා ගෙන උත්තර හොයන එක වැරදිද?
"ඔබ මගේ හොදම යාළුවා"
"මමත් එහෙමයි"

Subscribe to:
Posts (Atom)