Showing posts with label කොටුව. Show all posts
Showing posts with label කොටුව. Show all posts

Sunday, November 7, 2010

නිර්වචනය සොයා දෙන්න...

අද රෑ අපේ ගෙදර යමන් තිසා

අපෝ බෑ වයිෆ් එක්ක අදත් චැට් කරන්න බැරි උනානේ

එක දවසක් මිස් උනාට

අඩෝ උඹ මානව දයාව ගැන ලියන එකා නේද?

ඒකනේ අයියා මමත් මෙයාගේ ඒවට වලි දාන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..

මොකාක්..?

ඔයා සතුටු වෙන්න කැමති ඕනෑම විදිහකින් ඔයාට සතුටු වෙන්න ඉඩ හදලා දෙන එකයි...
ඔක්කෝටම වැඩිය ඔයා වැඩියෙන්ම සතුටු වෙන මම සතුටු වෙන හැමදේටම විරුද්ධ වෙලා කඩාකප්පල් කරන එකත් ඉඳලා හිටලා අකමැත්ත පෙන්නන්න එක එක හේතු කිව්වත්, උපේක්ශාවෙන් ඉවසගෙන ඉන්න එකත් මගේ මානව දයාව කියලායි මම හිතුවේ...

පටන් ගන්න ඕන ලෝකෙම පීරලා හරි මානව දයාව කියන එකට තියෙන හරිම නිර්වචනය හොයා ගන්න...

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Wednesday, September 15, 2010

හරිද තොප්පිය

ඩෑඩ් පලමු වරට නිවසට ගෙන ආවේ ලිනක්ස් වැඩ කරනා කම්පියුටරයකි.
එතැන් පටන් වින්ඩෝස් මා සතුරෙකු වූ අතර, ඔපීසියේ එක්ස් පී කම්පියුටරයක වැඩ කරන ඩැඩාද ජන්මාන්තර වෛරක්කාරයෙකු විය.
බිරිඳ යහනට ඇද ගැනීමටත් වඩා උබුන්ටු ට'මිනලයට මා ආශා කරමි.
බ'ගරයක් කමින් කෝක් තොල ගාන මා, විකුණන වින්ඩෝස් හට වෛර කරමි. ඒවා හොරෙන් ගන්න උන්ටද වෛර කරමි.
මා පලමු වරට කම්පියුටරයක් භාවිතා කලා යැයි සිතන්නේ එයට ලිනක්ස් දැමූ පසුය. ඊට පෙර සිදුවූ කිසිවක් මාගේ මෙමරියේ ඉතිරිව නොමැත.
ඇත්තට හඳුනන්නේ පාසැල් පන්තියේ මිතුරන් කීප දෙනෙක් පමණි. ව'චුවල් මිතුරන් තොගයකි. මැෂබල් ඇතිකල් මගේ බ්ලොග ගොඩය.
ආනේ මට කමෙන්ට්ස් ගොඩකි. බියරයක් උස්සා ෆේස්බුක් හිදී සැමරිය යුතුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Monday, September 6, 2010

රවුම සහ කොටුව

මම වැල්ලෙ රවුමක් ඇන්ද. එයා වැල්ලෙ කොටුවක් ඇන්ද.

"ඇයි ඔයා කොටුවක් ඇන්දෙ?" මම ඇහුව.

"ඇයි ඔයා කොටුවක් ඇන්දෙ නැත්තෙ?" එයා මගෙන් ඇහුව.

"රවුමකට කෙළවරක් නෑ හරියට ආදරේ වගේ." මම එහෙම කිව්ව.

"දැන් කියන්න ඇයි ඔයා කොටුවක් ඇන්දෙ?" මම ආයෙත් ඇහුව.

"විසේස හේතුවක් නෑ. ඔයා රවුමක් ඇන්ද, ඉතින් මම කොටුවක් ඇන්ද. ඔයා මට කිව්ව නම් ආදරේ සංකේතවත් කරන දෙයක් අඳින්න කියල මම වෙන මොකක් හරි අඳිනව."

"මම එහෙම කිව්ව නම් ඔයා මොකද්ද අඳින්නෙ?"

"දන්නෙ නෑ. ඒත් මම කවදාවත් රවුමක් අඳින්නෙ නෑ."

"ඒ ඇයි?"

"රවුම එක තැන කැරකෙනව, හරියට අපේ ආදරේ වගේ"

එකපාරටම ආපු රැල්ලකින් අපි රටා ඇන්ද මුහුදු වැල්ල අලුත් වුනා.

ලියා එව්වේ - නොදරුවා (http://nikamatawage.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...