Wednesday, June 29, 2011

මෙ ඔබ අමතන්නෙ ***** නගර සභාවයි

බ්‍රම්..... බෘම්..... (වාහනයක හඩ ඇසෙයි)
කන හිරි වට්ටන පීකර් හඩක්ද ඇසෙයි (ලාවට)

මෙ ඔබ අමතන්නෙ ***** නගරසභාවෙ ප්‍රාචාරක අංශයයි (ලාවට ඇසේ)
ඉදිරි සතිය තුල පැවෙත්වෙන ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් නොමිලේ පැවැත්වෙන (මහ හඩින් ඇසේ)
දියවැඩියා පරික්ෂනයට සහභාගි විමට ඔබටත් අවස්ථා.... (ආයෙත් ලාවට ඇසේ)

සහභාගිවිම සදහා ******************************* (ඇසෙන්නේම නැත)

ඔන්න ඔහොමයි අපෙ පැත්තෙ නගර සහාවෙ ප්‍රචාරක අංශේ
සම්පුර්ණ විස්තරය අසා ගැනිම අවශ්‍ය නම් වහාම යතුරු පැදියක නැග ප්‍රචාරක අංශය හඹා යන්න...
අමතක නොකර හිස් ආවරණයද පලදින්න... මන්ද ප්‍රචාරක අංශය ඉතා වේගවත්ය....
ගමේ එක කොනකට මුල් වචන ටිකද අනෙක් කොනට අවසානයද ප්‍රචාරය කරන නගර සභාව මාරයි!

ඔන්න ඔහොමයි ඉතිං නගර සභාවෙ පරචාරක අංශේ දැනුම


ලියා එව්වේ - තොප්පියා (www.thoppiya.info)

6 comments:

  1. ඕක හැමතැනම ඔහොම තමයි.
    සම්පූර්ණ විස්තරේ අහගන්න ඕනනං අපිත් වාහනයක් අරං පස්සෙන් යන්න ඕන. :D

    ReplyDelete
  2. අපේ පැත්තෙ මෝටර් සයිකලේ ගිහින් මාලු විකුනන මනුස්සයෙකුත් ඉන්නව ඔය වගේ...."මා" කියනව ඈතින් අහෙනව.....ආපහු "ලෝ" කියනව අහෙනව අනිත් පැත්තෙ ඈතින්....එලියට එනකොට පාරෙ දුම විතරයි !

    ReplyDelete
  3. ඇත්ත කතාව මචන්...

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ මම සෑහෙන්න කැමති වුණ විධියෙ සටහනක් තොප්පි මචෝ... මේක වැදගත් වෙන්නෙ අපේ පැත්තෙත් මේ වගේම නිසා නෙවෙයි. උඹ මේක සාමාන්‍ය සිදුවීමක් විධියට අමතක නොකර ඒක විශ්ලේෂණය කරලා කතාවක් හදලා ඒක වචන සීයකටත් කැටි කරපු නිසයි...

    සුභ පැතුම්!

    ලියමු දිගටම!

    ReplyDelete
  5. බොහොම ස්තුතියි කස්ටිය මම ලියපු 1වෙනි වචන 100 අදහසට අදහස් දැක්ක්වුවට... :)

    :D මෙම 5 දෙනෙක්ටම රහක් නැලු :D කමක් නැ ඊලග පාර බලමු :)

    ReplyDelete
  6. රහක් නැති කතා ගණන් ගන්න එපා... මේ ලෝකෙ රහක් නැති ඒව තියෙන්න බෑ අපට රහ නොතේරෙනව මිසක්. ඒක ඉතිං අපේ අවුලක්නේ... උඹ ලියහං..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...