Showing posts with label ගැලවුම්කාරී. Show all posts
Showing posts with label ගැලවුම්කාරී. Show all posts

Monday, December 3, 2012

ගැලවුම්කාරී

"උඹ දන්නවද කෙල්ලේ මං උඹට කොච්චර ආදරේද කියල, උඹ දන්නවද මං උඹට ආදරේ කලේ ඇයි කියල"

"ඔව් මං දන්නවා උඹ ආදරේ කලේ මගේ ලස්සන දිග ඇස් දෙකට, මගේ පුංචි කටට, දිගම
දිග කොණ්ඩෙට.. මං හිතන විදිහට, තව..... යන එන
විදහට..... නේද?"

"බම්බුව....." උඹ හිතනවද මං උඹේ අවයව වලට ආදරේ කළා කියල. එතකොට උඹේ
හැසිරීමට....? විකාර... යන එනමන් නැතුව එක එකාගේ අතපල්ලේ  වැටිලා  උන්නු මම එදා  උඹව දැක්කේ  ඉටුදෙවතාවියක් විදිහට."

"ඒ කියන්නේ දැනුත් උඹ ආදරේ කරන්නේ මට නෙමෙයි කියලද ඔය කියන්නේ....?"

"විකාරද.... සත්තකින්ම උඹට තමයි..... මේ ලෝකේ එදා ඉඳන් මං වැඩියෙන්ම ආදරේ
කරන්නේ උඹට.. ඒ ඇයි දන්නවද.... උඹයි මගේ එකම ගැලවුම්කාරී"
 
ලියා එව්වේ - පැතුම් (http://sithumpethum.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...