Showing posts with label කෘතවේදීතාව. Show all posts
Showing posts with label කෘතවේදීතාව. Show all posts

Friday, December 3, 2010

සීයේ ඒවා සීයක් (100 * 100)

එක එක පැතිවලින් ලස්සන වචන එකතු කරලා අදහස් මවන ලේඛකයින් හතලිස් තුන්දෙනෙක්..

කියවන උන් දහස්ගාණක්.. කතන්දර, කවි, සිද්ධි, අදහස්, සුබපැතුම්, නා නා විධ පැතිවලින් අකුරු කරපු වචන..

ලියන කියවන එවුන් එකට එකතු කරපු පුංචි ක්‍රියාදාමයක්..

පුංචි වැඩක්..! ලොකු පවුලක්..!

එදා ඉඳන් අද වෙනකොට සීයෙ ඒවා සීයක්!

සම්මාන අද තියෙයි.. හෙට නැතිවෙයි.. ඒත් අපි හැමදාම ලියයි..

ලියපු කාගෙත් නම්ගම් පලකරන්න ගියොත් නම් වචන සීයක් මදි.

ඒ නිසා මේ සටහන ලියවෙන්නෙ one|zero|zero වෙත ලියමින් සහ අදහස් දක්වමින් එය ඉදිරියට තල්ලු කරපු හැමෝටම කෘතවේදීව, උපහාරයක් විධියට..

මේක අපි ඔක්කොගෙම සැමරීමක්..

ඔබත් ලියන්න!

අන්තිමේදි අපි සේරම උත්සාහ දරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත වලට හොඳක් එකතු කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...