Showing posts with label මල් කැඩීම. Show all posts
Showing posts with label මල් කැඩීම. Show all posts

Wednesday, February 22, 2012

ලොකු ලයින්..

මම දන්නවා උඹලට වෙනස දැනෙනව කියල, ෆෝන්එක ඔබ ඔබ හිනාවෙනව, අඬනව, කෑගහනව ‍උඹලට ඇහෙනව, රෑ මැද ෆෝන්එක කනේ එල්ලගෙන වත්ත පුරා ඇවිදින ඒව උඹලට පේනව කියල.

තව, මම දන්නව උඹලත් අගක් මුලක් හොයාගන්න බැරිව ඉන්නෙ කියල. ඒකනෙ "අඩුම ගානෙ බෝඩිමේ එවුන්ටවත් කියපං" කියල චාටරේ දාන්නෙ.

මාත් කැමතියි උඹලට ඔක්කොම කියන්න, හිත හෑල්ලු කරගන්න...

ඒත්,

උඹල කියාවි "ඉතින් උඹල දෙන්නට දෙන්න කැමති නං එච්චරයි" කියල, එහෙම නැත්තං "උඹ කරල තියෙන්නෙ මහ බලු වැඩක්" කියල

එකෙක්වත් මාව තේරුම් ගනීද?. හයියට ලඟ ඉඳීද? දේවල් ඔය තරම් සරල වෙන්න කියල මම හිතපු වාර ගාන උඹල දන්නවද? කමක් නෑ බං චාටරේ දාපං, මට මෙහෙම හොඳයි...



ලියා එව්වේ - බූටා

Related Posts Plugin for WordPress, Blogger...