Wednesday, June 22, 2011

වෙඩි තැබීම

මහසෙනගක් රැස්වෙලා. නඩුවක්.. කාගෙද? පහුගිය දිනක නගරේ මරලා දාලා තිබුණු නගරාධිපතිතුමාගේ මිනීමරුවා අහුවෙලා. අලුත් නගරාධිපති නඩුව අහනවා. මහා සෙනගක් බලන් ඉන්නවා.

නගරාධිපති - උඹලම නේද හිටපු නගරාධිපති තුමාව පත්කරේ. මට මතකයි තෝ අන්තිම දවසේ එතුමා කරතියාගෙනත් ගියා අපේ එකා දින්නා කිය කිය.. බොරුද මම කියන්නේ.


මිනීමරුවා: ඇත්ත.. මම ඌ කරතියාගෙන ගියේ අපි වගේ මිනිස්සුන් වෙනුවෙන්...


නගරාධිපති: එතකොට එහෙම පත්කරපු එතුමා මරලා දැම්මේ මොකටද?


මිනීමරුවා: ...ඒත් මිනිස්සු වෙනුවෙන්


නගරාධිපති: එහෙමද?.. ආරක්ෂකයනි මුට ප්‍රසිද්ධියේ වෙඩි තියන්න අණ කරනවා


මිනීමරුවා - හ්ම්ම්.. අපි මැරුණේ ටික කාලෙකට කලින්.. දැන් වෙඩි තියපල්ලා.. ඒත් හිටපු නගරාධිපතියා අපිට වෙඩි තිව්වේ කලින්.. දැන් මැරෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ අපිට


ලියා එව්වේ - Janaranga Dewasurendra (http://www.hearttoheartsrilanka.blogspot.com/)

7 comments:

  1. හොඳ වෙලාවට මේ යකා මැරිල යනව... අනිත් උන් මැරි මැරි උපදින්න එපැයි D

    ReplyDelete
  2. ඌව පත්කලෙත් අපි මැරුවෙත් අපි...

    ReplyDelete
  3. කර තියන් ගිය ඔක්කොටම දැන් මැරෙන්න වෙලා. බලන් හිටි උන් මැරිලත් ඉවරයි !

    ReplyDelete
  4. කොහෙත් වෙන්නේ එකයි..අද වෙන්නෙත් ඕක..හෙට වෙන්නෙත් ඕක

    ReplyDelete
  5. චන්දෙ දීපු එකා ඇඳ යට, නොදීපු එකා ඇඳ උඩ (ඉස්පිටිතාලෙ හොඳේ....)

    ReplyDelete
  6. Observer ගැලවිජ්ජාව පිණිස ඇඳක් යොදාගැනීම පිළිබඳ යකඩ ඇදන් තනන්‍නන්ගේ සංගමයේ න්‍යායාචාර්යවරයා විදියට දැඩි විරෝධය පලකර සිටිනවා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...