බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය,
පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි.
මා පිළිබඳව ගූගල් යන්තරයෙන් බොහෝ තොරතුරු ලබාගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී මා බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, මාගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග්හි නිරතුරු දැකිය හැකිවීමද, මා දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන නොවැදගත් සාධක මත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමට ගත් අදූරදර්ශී තීරණයට මා කණගාටු වෙමි.
එය හුදෙක් මා ඉහත කී රැකියාව ගැන අනේකවිධ බලාපොරොත්තු පොදිබැද සිටීම නම් නොවේ. ෆේස්බුකියේ, ගූගල් බස් එකේ, බ්ලොග් අවකාශේ නිරතුරු රඟපාමින් වුවත් නියමිත සේවය 100% සැපයීමට හපන් සේවකයෙක් කෙදිනකවත් ආයතනයට නොලැබෙනු ඇති බව 200%ක් විශ්වාස කරමි.
ස්තූතියි,
මෙයට,
අයදුම්කරු.
ලියා එව්වේ - තනෝජා රාජපක්ෂ (http://thanojar.blogspot.com)
Showing posts with label තනෝජා රාජපක්ෂ. Show all posts
Showing posts with label තනෝජා රාජපක්ෂ. Show all posts
Thursday, March 17, 2011
Friday, February 25, 2011
මේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ...
ලොකු දූ: අම්මෙ මාව වොලිබොල් වලට තෝරගත්තා
මම: ඉතිං හොදයිනෙ පුතේ.. කොහොමද තේරුවේ?
ලොකු දූ: අපිට රවුමෙ ඉන්න කියල සර් වොලිබෝලෙ එව්වා එක එක්කෙනාට.... මම ගැහුවම සර්ගෙ අතටම ගියා....
මම: ඉතිං ඊට පස්සෙ?
ලොකු දූ: සර් මිස්ට කිව්වා මෙයාගෙ නම ලියාගන්න කියලා
ප.ලි. මට නැතිවෙච්ච අවස්ථාවන් ගොඩක් ලබන්න තමයි රත්තරන් මේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ... සෑහෙන බලාපොරොත්තු ගොන්නක් එක්ක අලුත්ම අලුත් ඉස්කෝලෙකට දැම්මෙත්…
අනේ ඔය අලුත් ඉස්කෝල කොච්චර කල් තියෙයිද?
ආණ්ඩුව පෙරලුනොත් ඉස්කෝලෙට මක්වෙයිද?
අපේ ළමයින්ට අත්දැකීම් ගන්න බැරිවෙයි.
මට ඕව එකක්වත් ඇහුනෙ නෑ...
මට ඕන වුනේ සත්තකින්ම
අංක 1 මිශ්‍ර පාසලක්..
අංක 2 අමතර දේවලට ගොඩක් අවස්ථාව ලැබෙන පාසලක්....

Subscribe to:
Posts (Atom)