Showing posts with label අමින්ද ඉෂාර. Show all posts
Showing posts with label අමින්ද ඉෂාර. Show all posts

Thursday, February 14, 2013

වැලන්ටයින් උඹත් ආවේ

වල්ඩ් කප් පැරදුනා නේ, ඉසෙඩ් අකුරකුත් හිර උනේ, අර මේජර් කෙනෙකුත් ගුටිකෑවේ, සෝනු නිගමුයි ජෝන් සිකාඩයි ඉස්ටැන් කෙලීත් ආවේ, ඇයි සුමන ගෝමස් අක්කත් මෙහෙ ආවේ, විභාගේ ප්‍රශ්නත් පිට උනේ, ඒ අස්සෙනේ ෆෝන් වලට මයිටාවොත් ආවේ, ඇයි පාට පාට වැහි හිටන් වැස්සනෙ, කොහොම හරි ලෝක විනාසේත් ආවනේ, නයෙක් උසාවිත් ගියේ, දක්ෂිණ අධිවේගේ කැන්ටිමකුත් ඇරියනේ, චන්ද්‍රිකාත් උඩ ගියේ, පාර්ලිමේන්තුවේ මෙනු එකත් වෙනස් උනානේ, ඔය අස්සේ අසරණ රිසානවත් මැරුවනේ, ඇයි අප්පේ ඔබාමාත් ආයේ දින්නේ, හිර ගෙදර එවුනුත් ආතල් දුන්නේ, හලාල් සිද්දියකුත් ඇදිලනේ, බොදු බල සේනා දෙය්යනේ කියල හිස ඔසවලා තියෙන අස්සෙනේ වැලන්ටයින් උඹත් ආවේ. ආස්චාර්ය බොල ආස්චාර්ය. වරෙන් වරෙන් ඉඩ තියෙනවා ඕන තරම්.

ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Friday, December 7, 2012

රාවණා එනවලු

 "මචන් උබ දන්නවද රාවණා රජතුමාව ?
අර රාමායනේ ඉන්නේ...
රාවණා රජ්ජුරුවෝ අයෙමත් එනවලු,
රාවණාට වරයන් 2 ක් හම්බුනලුනේ බන්,
ඒ එකකින් එයා අමරණීය වෙන්න ඉල්ලුවලු,
දැන් කියන විදියට එයා සැතපිලාලු  ඉන්නේ කොහෙද ගලක් යට,
ඒ නිසා ඒ නින්දෙන් ඇහැරිලා අපහු එනවා කියල පොත් වල කියනවා
ලගකදී ෆොටෝ එකක එතුමගේ දඩුමොනරේ වගේ දෙයක් වැදිලා තිබ්බලු 
ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ ,
හැබැයි එහෙම අවොත් අපේ රටේ අලුතින් කතාවක් ලිය වෙයි නේ බන්..."
"හ්ම්ම්...
එත් රාවණා එතකොට මෙච්චර කාලයක් නිදාගෙන හිටියේ මොකද ?
රාමට අහුවෙයි කියල බයේද ?
විබීශනට බයේද ?
කොටියන්ට බයේද ?
නැත්තන් වෙන සුදු වෑන් වලට බයේද ?"
ලියා එව්වේ - අමින්ද ඉෂාර (wikarapituwa.blogspot.com)

Wednesday, July 18, 2012

බේබද්දෙක් ?

අදත් මම බිව්ව. ඔවු ඒ හැමදාම වගේ උඹ හින්ද. මීට කලින් අරක්කු බොන එක පවු කියල හිතන් හිටපු මම දැන් බේබද්දෙක්. උඹ හින්ද තමා මේ ඔක්කොම. මම දැන් මෙහෙම බීල බීල මැරිල යයි. ගමේ එවුන්, රටේ එවුන් කියයි අරූ බීල බීලම නාස්ති වෙලා මලා කියල. මගේ යාලුවො කියයි අරූ කෙල්ලෙක් හින්ද ජීවිතේ නැති කර ගත්ත කියල. එතකොට බලපන් උඹේ යාලුවො, අර මට වල කපපු එවුන්, උන්ම උඹට ඇවිත් කියයි මම උඹ හින්ද ජීවිතේ නැති කරන් කියල. එතකොට උඹ ටම හිතෙ.....

මචන් උඹ ඕක බොන්නැත්තන් කියහන් මමම ඉවර කල්ල දාන්න. කයිය විතරයි, හැමදාමත් වගේ පටන් ගත්තු කෝප්පෙ කෙල ගානව විතරයි, බොන්නෙත් නෑ...

ලියා එව්වේ  - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Friday, June 8, 2012

වයසෙ වැරැද්ද..

අවුරුදු 10 දි අවුරුදු 15දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 15 දි අවුරුදු 18දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 16 දි අවුරුදු 19දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 17 දි අවුරුදු 20දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 18 දි අවුරුදු 22දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 20 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 25 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා


හ්ම්ම් අවුරුදු 5ක් එතකොට කරන්න දෙයක් නැතුව නිකන්ම හිටියද ?
නැත්තන් කරන්න තියෙන ඔක්කොම දේවල් කරල තියෙන හින්ද ඒවම ආයෙ ආයෙත් කර කර හිටියද ?

ස්ස් මල්ලි , උබල අපි කරපු දේවල් කරන්න හිතලවත් නෑ..
බම්බුව තමයි...


ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Friday, April 27, 2012

කොල්ලො අඩන්නෙ නෑ

මේකෙ කිසි විද්‍යාවක් නම් නෑ..

හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ..

අහන අහන හැම එකාම කියන්නෙ ...

"කොල්ලො අඩන්නෙ නෑ"

"නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා"

"කොල්ලෙක් උනාම සංවේදී වෙන්න හොඳ නෑ බන්.."

"ඔහොම ඉකි ගගහ අඬන්න ලැජ්ජ නැද්ද මිනිහො කොල්ලෙක් වෙලා"

"අපිටත් එක්ක ලැජ්ජයි.."

බම්බුව තමයි...

ඇයි යකෝ, කොහෙද මොන පොතේද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් රඳා පවතිනව කියල??? කොල්ලෙක් ඇඬුව කියල මොකක්ද වෙන්නෙ? ඇයි කොල්ලන්ට අඬන්න හොද නැද්ද??? සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්.

මේව ලියනකොටත් ඇ‍ඬෙනව තනි ඇහැට..

හා හා කොල්ලො අ‍ඬන්නෙ නෑ..


ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Wednesday, April 11, 2012

කාලකන්නියෙක්ගේ හීන

හීන...

දැන් ඒවත් මාත් එක්ක විහිලු කරනවා. මාවත් විහිලුවකට අරන්. වෙලාවකට හිතෙනවා මේ නිදාගෙන ඉන්නේ වෙන මොකෙක් හරි එකෙක්ද කියල.

මුන් ඔක්කොම මට විරුද්දව පෙළ ගැහිලද කොහෙද. ඉරිසියාකාර යක්කු. මුන් මට විරුද්දව දර්ශන පෙන්නනවා. මුන් හදන්නේ මගේ මානසික මට්ටම වට්ටලා මට ප්‍රහාර දියත් කරන්න. ඒවා කොහෙද මාත් එක්ක.

මට ලබා ගන්න බැරි දේවල් මට පෙන්නලා තව තව මාව වට්ටන්න හදන්නේ. මම දැන් ඕවට අහුවෙන්නේ නෑ. එත්, ඒවා දකිද්දී, ඒ කාලේ, මම ඒ දවස් වල, කොච්චර සුන්දරද?

හනේ බලන්න අර අපි, හරි සතුටින්, අර අර ඈත අත් අල්ලගෙන, ලැජ්ජයිත් එක්ක...

හීන හීන......

කාලකන්නි මදුරුවා. ඒ ලස්සන හීනේ කෑවා..

දැන් නිදාගන්නැතුව ඉන්නද?



ලියා එව්වේ - අමින්ද ඉෂාර (http//wikarapituwa.blogspot.com)

Friday, January 6, 2012

හ්ම්ම් ඩවුන් හලෝ :\

හායි !

{ජීවිතේට හායි කියපු නැති කට්ටිය එක පාරටම මොකද?}

හායි !

කොහොමද රිසල්ට්ස්?

{මට හිතුන ඕක අහයි කියල, මුන්ට නැත්තන් මගෙන් මොන වැඩක්ද?}

හ්ම්ම්... ඩවුන් හලෝ :\

ආහ් එහෙමද, ගණන් ගන්න එපා.. ඊලඟ පාර කරල ගොඩ දාගමු....

{ඔවු ඉතින් තොපිලට මොකද. මමනෙ නයිට් ගගහ පාඩම් කලේ... මමනේ රෑ දෙගොඩහරි යාමෙ පාන්දර 3ට 4ට ක්ලාස් යන්න කියල යාලුවන්ගෙ ගෙවල් වල ඉදල ගෙදර ආවෙ. මමනේ පාන්දර ඇහැරිල උදේට තේ එක විතරක් බීල ක්ලාස් ගිහින් ඒකෙ ඉඳන් රෑ වෙනකන් ගණන් හැදුවෙ. මම වින්ද දුක මමනෙ දන්නෙ. විභාග කොමසාරිස් ඕනවට එපාවට මාර්ක් කෙරුවට මම මොනව කරන්නද?}

හ්ම්ම්.... ඔව්... ඊලඟ පාර කරනව..

ඕෆ් ලයින්



Related Posts Plugin for WordPress, Blogger...