හැමදාමත් පාර අද්දර තැපැල් කන්තෝරුව අසල වාඩි වී සිටිනා හිඟන සීයා දක්නට නොසිටියේය. සති කීපයක් එය ඔහුගේ නවාතැන විය. ටිකක් විපරමින් වට පිට බැලුවෙමි. හොඳින් ඇඳ පැළඳ ගත් දෙදෙනකු ඔහු ද රැගෙන දුම්රියපළ වෙත යනු දුටුවෙමි. මට දුකක් දැනුණි.
මම හැමදාමත් කොච්චියෙන් බැස එන විට කීයක් හෝ මුදලක් ඔහු අතට දී ඒමට පුරුදු වී සිටියෙමි. එය ගත් ඔහු "දුවට දෙවි පිහිටයි" කියා ආශීර්වාද කළේය. මා අත මුදල් නැතිදාට සිනහවකින් සංග්‍රහ කිරීමට අමතක නොකළෙමි.
"අර මෙතන හිටපු හිඟන මිනිහාගේ පුතා ඒ මනුස්සයාව ගෙදර එක්කං ගියා." එතැන සිටි මිනිසකු කියනා හඬ මට ඇසුණි.
ඔහු යන දෙස බලා සිටි මට විශාල සතුටක් දැනුණි.
ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)