උදේ ඉදන් වැටුණු මහ වැස්ස අපේ හමුවට බාධාවක් උනේ නැහැ. කඳුකර පාරේ ඔයාගේ
අතේ එල්ලීගෙන ඇවිදන් යෑම මට හැමදාමත් සුන්දර අත්දැකීමක්. අපි ඇවිදන් ගියේ
කඳු මුදුනේ තියෙන සුන්දර මිටියාවතට.. කහ මල් වලින් වැහුණු කොළපාට තණ
නිල්ලේ වාඩි වෙලා මුමුනන්න.
තවතින්න.. අර... බලන්න..
තෙත් මාවතේ එක් තැනක පේලිය පැනගෙන එක චූටි ගෙඹි පැටව් ටිකක්.
මට ඊළඟ ආත්මේ මේ වගේ නිදහසේ පැන පැන යන ගෙඹි පැටියෙක් වෙන්න ඔනි..
සෙන්ටිමීටරයක් තරම් පොඩි ඒ පැටව් දිහා බලන් ඉන්න ගමන් ඔයා කීවා..
මාත් එහෙනම් ගෙම්බියෙක් වෙනවා...
අපිව පහුකරන් ගිය මොන්ටේරෝ රිය වංගුවෙන් හැරිලා නොපෙනී යද්දි.. මියගිය
අසරණ ගෙඹි පැටවුන් දිහා බලාගෙන ඔයා ලොකු හුස්මක් ගත්තා.
ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)
හ්ම්ම්ම්ම මොනවා කරන්නද අක්කා...........
ReplyDeleteඊට පස්සෙ අපි තණ තිල්ලෙ වාඩි වෙලා ගස් හුළඟට වැණෙන නිස්කලංක බව වින්දා. එතකොට ඔයා අමාරුවෙන් කිව්ව ඔයාට ගහක් වෙන්න ඕන කියලා.. එතකොට මටත් එහෙම වෙන්න ඕන වුණා...
ReplyDeleteජරබරාස්...
කවුදෝ ගස් කපන්න පටන් අරන්...
අන්තිමේ මගේ පපුවට තුරුල්වෙලා ඔයා කිව්වෙ ...
ReplyDeleteමට කවුරුවත් වෙන්න ඕනෙ නෑ
මට මේ විදියටම හැමදාමත් ඉන්න තිබුනොත් ඇති !!
හප්පා....මේ කෙල්ලන්ට කොල්ලන්ට හිතෙන දේවල්
ReplyDeleteහත් දෙයියනේ ඇයි මට මේ සුන්දර ආදරේ අහිමි
ReplyDelete