Saturday, June 18, 2011

රිදවීමක්ද?

ඇයි ඔයා කතා නොකරන්නෙ..
අනේ කතා කරන්න
ඔයාගෙ කට හඬ ඇහෙන්නෙ නැතුව
මට නින්ද යන්නෙ නෑ..
අනේ එක පාරක්...
මට ගුඩ් නයිට්,
හොඳට නිදාගන්න කියල කියන්න
මට ඒ ඇති..
දැනගනීවි
ඔව් සේරම දැනගනීවි
ඒකට කමක් නෑ..
කවදහරි කියන්න වෙනවනෙ..
ලෝකයාගෙන් හංගන්න බෑනෙ..
කමක් නෑ
ඒ හැම දෙයින්ම කමක් නෑ..
එක පාරක් ඔයා මගෙත් එක්ක..
වචනයක් කතාකරන්න...
ඇයි කතා නොකරන්නෙ..
මම ඔයා කියපු දේ
ඇහුවෙ නැති නිසාද..
ඉතිං දෙයියනේ...
ඔයා දන්නවනෙ හේතුව
ඇයි මේ තවත් කේන්තියෙන්..
ඔයා දන්නව
ඔයා තරහින් ඉන්නකොට
මට දුකයි කියල..
මම නිදියන් නෑ කියල..
ඉතිං
ඇයි මට මෙහෙම
රිද්දන්නෙ කියන්න..
මම මේ තරම්ම
ඔයාට ආදරේ කරන නිසාද...


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

4 comments:

  1. ඕක රිදවීම නෙවෙයි..ළමයෝ.
    රිදවා ගැනිම..තමන්වම.

    ReplyDelete
  2. නිදි පෙත්තක් බීල නිදා ගනින් දරුවො...

    ReplyDelete
  3. ස්තූතියි 100ට...


    මං බලාගෙන හිටියා මේක 100 දානකල්..
    අම්මෝ කොච්චර පෝස්ට් පෝලිමේ තියෙන්න ඇත්ද..

    හ්ම්ම් ස්තූතියි කොමෙන්ටු වලට... දැං ඉතිං Observer කියපුදේ තමයි කොරන්ට වෙන්නෙ.. :(

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...