Showing posts with label ඇවිද්ද පය. Show all posts
Showing posts with label ඇවිද්ද පය. Show all posts

Friday, March 8, 2013

ඇඩිඩාස් නම හදුනා හැටි (ප්‍රබන්ධයකි)

මේක ඇඩිඩාස් අයිති ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා තමන්ගේ සපත්තු සමාගමට නමක් හොයා ගන්න බැරිව අතරමං වෙලා ඉන්දියාවට ගිහිං නමක් හදා ගත්ත හැටි. එතුමා ගියා ඉන්දියාවේ පාපන්දු තරගයක් බලන්න. 

 ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී ගෝලය අසලට පන්දුව පාස් කරගෙන යනවා. එතකොට එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ මහා හඬින් කෑ ගහනවා

"අඩි - ඩා" 

කියලා. අනිත් කණ්ඩායම පන්දුව ගෝලය අසලට ගෙනිච්චත් ඇහෙන්නේ

"අඩි - ඩා" 

කියලා. මේ වචන දෙක අන්තිමට ඇඩොල්ෆ් මහත්මයාගේ දෙසවන් වල රැව්-පිළිරැව් දුන්නා. 

අන්තිමට එතුමාට මෙහෙම හිතුනා

"මගේ නම ඇඩොල්ෆ් ඩැස්ලර්, මේ මිනිස්සු කෑ ගහනවා අඩි - ඩා කියලා. මේක ඇඩි - ඩා කියලා ගත්තොත් හරි.

හරි.... හරි..... හරි 

 "ඇඩි-ඩාස්" මේක තමයි නම. 

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Wednesday, January 16, 2013

තෙල් බේත් වෙළෙන්දාගේ පාපොච්චාරණය ....

"මහත්තයෝ සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. ලේසියෙන් ගලවන්න ඕන නිසෑ  තව සුද්දෙක් හැදුවා ලෙස්. සපත්තු දැම්මම කිසිම සැප පහසුවක් නෑ.  තව සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක දාගෙන එනවා.  ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්.තව එකෙක් ටිකක් කල්පනා කර කර ඉඳලා ඊළඟට හැදුවා පොලිෂ්. පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා. ෂයින් කරන්න රෙදි කෑලි දාගෙන උලන්න ඕනේ. තව එකෙක් හැදුවා බ්‍රෂ්. ඒකට අපේ එවුන්. මම මේ අඹ ගහ යට ඉඳන් තෙල් බෙහෙත් විකුනනවා. තව එකෙක් ආවා ඌත් විකුනන්නේ තෙල් බේත්. ඒ මදිවට තවත් එකෙක් ආවා. ඌත් තෙල් බේත්. නෙද්දකින් කාලකන්ණි"

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Wednesday, January 2, 2013

සල්ලි දෙවියන්ගේ මල්ලි

අන්නාසි, ඇපල්, බෙලි, පේර, දිවුල්, කෙසෙල්ගෙඩි, මිදී, සීනි කැකිරි වගේ තෝරා ගත්ත පලතුරු කිහිපයක් වට්ටියක පිළිවෙලට තියල රතු නැත්නම් නිල් පාට මල් මාලයක් දානවා. සමහර පලතුරු තියන්නේ දෙකට කපල. ඒත් සමහර පලතුරු වර්ග පොත්ත පිටින්ම තියනවා. ඒ මදිවට එක උඩින් බුලත් කොලයක් තියලා, එකටත් උඩින් ඉස්සර නම් වර්නසේන රාසපුත්‍රම් අත්සන් කරපු සීයේ කොලයක් තියනවා. දැන්නම් දාහෙන් උඩ කොලයක් තමයි තියෙන්න ඕනේ. ඇත්තටම මේ දෙවියෝ මේ වගේ පලතුරු කෑලි ටිකකට අහු වෙන හැටි දැක්කහම වෙලාවකට හිතෙනවා දෙවියොත් මේ මනුස්සයෝ වගේ ජරාවට බර පොරවල් ටිකක් කියලා. නැත්නම් රුපියල් දෙතුන්දාහකට අහු වෙලා එක එක පොරොන්දු ඉෂ්ට කරන්න බාර ගනීද? සල්ලි දෙවියන්ගේ මල්ලි නෙව.

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Monday, September 3, 2012

ත්‍රිපුද්ගල කමිටුව

මුලින්ම කියන්න ඕනේ මේක මම හෝ වෙනත් කෙනෙක් දැකපු හීනයක් නොවන බව.

මම මේ පොඩි පහේ රස්සාවක් කරන්, බ්ලොග් එකක් ලියාගෙන ඉන්න මිනිහා. කිසිම හේතුවකට කාටවත් පහර වදින දෙයක් මගේ බ්ලොග් එකේ ලියන්නේත් නෑ. එහෙව් එකේ අහවල් එහෙකටද ත්‍රිපුද්ගල කමිටුවක්.

මට කියල හතුරොත් නෑ. ඒත් දැන් ඉතිං මුහුණ දෙන්න වෙනවනේ. ඕව මේව කල්පනා කර කර ඉඳල හරි යන්නෑනේ.

තුන් දෙනාගේන් පළවෙනිය මට ඇටෑක් කරන්න පටන් ගත්තා. නිකම්ම හිටියොත් හරි යන්නැති නිසා මමත් ඇටෑක් කලා. ඊලඟට දෙවෙනිය. තුන්වෙනියාත්.

කොහොමින් කොහොමින් හරි  තුන් දෙනාවම නිහඬ කලා.

තුන්දෙනා කවුද කියල මට කියන්න බැරි වුනානේ. වෙන කවුරුවත් නොවේ මදුරුවො තුන්දෙනෙක් මගේ නෙට් එක ඇතුලේ. 


ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Friday, June 1, 2012

ඔබා මාමා

එදා ඇවිත් හිටියත් සයිබර් සැණකෙළියේ
ඔබා මාමා නැත මා හට හමු වූයේ
වරද මගෙ බව දනිමි අද දිනයේ
පිරිවර වට කරන් නෙව මාමා හිටියේ

දුටුවෙමි ඔබෙ සිනා යනෙනා විටදී
හිතුනද දොඩන්නට මාමේ ඔබ ලඟදී
දිරියක් නොම වීය මේ ළදරුව හට එහිදී
හිඩැසක් තිබේ මගෙ හිත තුල අද දිනදී

ඔබා කවුරුන්ද යන බව මම අද දනිමී
ලැබ තිබු ගෞරවය හැම තැනදීම මම දුටිමී
කමෙන්ට් දමා හැම දෙන හට නොම ඉදිමී
නිහතමානි ඔබහට මම හිස නමමි

ඉන්නා තැනක සිට අප දෙස ඇස යොමපන්
කොලු-කෙලි පැටව් ටික නුබගේ යයි සිතපන්
යනවා නම සිත් තොසින් ඔබ ලැබ අමා නිවන්
එය සතුටකී පතනෙමු ඔබට නිවන්

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Friday, May 25, 2012

යාදුන් පුද්ගලික කරණය - ලංකාවේ මොබයි කතාව

මුලීන්ම සෙල්ටෙල් කියල ජාතියක් ආවා. ඒවා ගත්තේ රටේ ලොකු බිස්නස් පොරවල්. ඊට ටික කාලෙකට පස්සේ කෝල්ලින්ක් ආවා. එතකොට නං සාමාන්‍ය බිස්නස් කාරයොත් ගත්තා. ඊට පස්සේ මොබිටෙල් ආවා. ඩයලොග් අන්තිමට ආවා. ඒත් ගාණ අඩු සහ ඩිජිටල්(ජී.එස්.එම්) නිසා ඩයලොග් ජනප්‍රිය වුනා. පස්සේ ඔක්කොම ඩිජිටල් වුනා. මේ සමාගම් එකක්වත් ආරම්භ කරපු අය නොවෙයි වර්ථමාන අයිතිකරුවන්. සෙල්ටෙල් ටිගෝ වුනා දැන් එටිසලාට්. කෝල්ලින්ක් හච් වෙලා. මොබිටෙල් පටන් ගත්තේ ටෙලියා කියල කට්ටියක්. දැන් අයිති ටෙලිකොම් එකට. ඩයලොග් වල නම වෙනස් වුනේ ඇක්සියේටා කියල අගට එකතු වෙලා, ඒත් මේ සමගම මුලින් මහරාජා පස්සේ ටෙලිකොම් මැලේසියා, සෙල්කොම්, අන්තිමට ඇක්සියේටල ගත්තා. එයාටෙල් අන්තිමට ආව. විනාඩියකට 25කට ඇවිත් දැන් 2.50.

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Friday, March 30, 2012

මහා භාණ්ඩාගාරයේ අලුත්ම ලේකම් - නුවන් කුලසේකර?

පරතරය අවම කිරීම ගැන මේ දවස් වල ඕනෑ තරම් කථා වෙනවා. අය-වැය පරතරය, ඇති-නැති පරතරය. මේ කියන්න යන්නේ එදා කරපු අරුම පුදුම පරතරය අවම කිරීමක්. මේක උනේ ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එදා පැවැත්වුනු ක්‍රිකට් තරගයේදි. කුලසේකර ගහන්න පටන් ගන්නකොට.

බෝල 85 ලකුණු 155 පරතරය 70. ඊට පස්සේ

බෝල 80 ලකුණු 142 පරතරය 62,

බෝල 75 ලකුණු 129 පරතරය 54,

බෝල 70 ලකුණු 112 පරතරය 42,

බෝල 65 ලකුණු 104 පරතරය 39,

බෝල 62 ලකුණු 94 පරතරය 32,

බෝල 50 ලකුණු 74 පරතරය 24,

බෝල 25 ලකුණු 37 පරතරය 12,

බෝල 14 ලකුණු 21 පරතරය 7.

තරගය දිනුව වගේ සතුටක් දැණුනා.


ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...