ස්ටාෆ් රූම් එක කෙළවර ඇය හඬනවා.
පෙම්වතාගෙන් Good Morning Message එක ඇවිත් නැති වේදනාවට.
සියලු ගුරු යෙහෙළියො ප්‍රේමෝපදේශ දෙන්න වෙනදා වගේම ඇයව වට කරගෙන.
පීරියඩ් එකට තව වෙලාව තියනවා.
ඉතින් මමත් පාඨමාලාවට සවන් දුන්නා.
ශානි- ඌව අතෑරපං. ඔහොම අය වැඩක් නෑනෙ
වින්දි- Sure වෙන කෙල්ලෙක් ඇති.
මධු- එයාලාට තේරෙන්නෙ නෑ. අපිට Message එකක තියන වටිනාකම
මල්මි- තමන්ගෙ ගෑණි වෙනුවෙන් තත්පර හතරක් දෙන්න බැරි මිනිහාගෙ වැඩේ මොකක්ද?
මට එතැනට කියන්න කිසි දෙයක් තිබුණෙ නෑ.
ඒත් බොහෝ ආදරියන්ට පෙම්වතාගෙන් උදේ පාන්දර එන Good Morning Message එක යහගුණයෙන් ඉදිරියට යන්න බලය ජවය වඩවන මෝල්ට් පානයක් වගේ එකක් ද කොහෙද කියලා මට නිකමට හිතුණා.
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)
Showing posts with label ප්‍රේමය. Show all posts
Showing posts with label ප්‍රේමය. Show all posts
Friday, November 22, 2013
Wednesday, May 30, 2012
ෆේස් බුක් ප්‍රේමය.
"බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශණය නැරඹීමට හා පොත් මිලදී ගැනීමට විශාල පිරිසක් අවට සැරිසරමින් සිටියහ. විනෝජ් උසස් පෙළේ ඉගෙනුම ලබනා කොලුගැටයෙකි. ඔහු තම මිතුරාත් සමඟ එතැනට විත් සිටියේ මූණු පොතින් හමුවූ තම අලුත් පෙම්වතිය මුණ ගැසීමටය.
වේලාව තත්පරයෙන් තත්පරය ලං විය. ඒ අතර සුන්දර කෙල්ලන්ගේ මුහුණු පෙනී නොපෙනී ගියේය.
"හෙලෝ ඔයා විනෝජ් නේද?"
යැයි පමනට වඩා ශරීරයෙන් විශාල කළුම කළු කෙල්ලක් ඔහුගෙන් ඇසුවාය. ඇය ඇඳ සිටියේ විනෝජ්ගේ ප්‍රේමවන්තිය කියූ ආකාරයටමය. කට හඬඳ දුරකථනයෙන් ඇසුනු ඒ හඬමය.
"බුදු අම්මෝ….." කියා ගෙනම විනෝජ් සෙනග පීරාගෙන ඉදිරියට දිව්වේය. සිදු වූ දේ වටහා ගත නොහැකි වූ ඔහු මිතුරා ඔහු පසු පසින් තරඟයට මෙන් දිව්වේය.
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)
Wednesday, April 6, 2011
ආයෙමත් ඇවිදින්
"ගෙදර කවුද?"
නිවස තුළින් වසර හැටක පමණ පිරිමි කෙනකු එළියට ආවේය.
"මම ආවේ මිස්ටර් කොඩිකාර හම්බවෙන්න" යැයි ඇය මඳ සිනහවක් පෑවාය.
"මම ලිහිණි වේවැල්වල" ඇය ඇයව හඳුන්වා දුන්නාය.
ලිහිණි, කොඩිකාරට වඩා වසර විසි පහකින් ලාබාල ගැහැණියකි. මීට වසර දහ තුනකට පෙර නැති වූ ඒ ප්‍රේමය නැවතත් ඔහු සොයා ඇවිදින්. වසර දෙකක පමණ කාළයක් දුරකථනයෙන් පෙම්බස් දෙඩුවත් කවදාවත් එකිනෙකා නොඳුටු ඔවුන් දෙදෙන හමු වූයේ අදයි.
“මට ඔයාව දකින්න ආස හිතුනා ඉතින් මං ආවා" යයි කියා ඇය මඳ සිනහවක් පෑවාය.
"එහෙනම් මම යන්නම්" කියා ඇය දණ ගසා ඔහුට වැන්දාය.
"බුදුසරණයි" ඔහුට කියවුනි.
"මම යන්නම්" කියා එම නිවස දෙස නොබලාම ඇය යන්නට ගියාය.
-
ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Friday, February 4, 2011
ප්‍රේමයක් නිමා වූ සඳ..
මගෙ හොඳම යාලුව ගෝතමී, යාලු වෙලා හිටියෙ රොෂාන් එක්ක, ඒක රාමා සීතා වගෙ ප්‍රේම කතාවක්,
ඒ ලෙවල් කරද්දි මම ඕස්ට්‍රෙලියාවට ගියා, පස්සෙ යාලුවො ගැන මොනවත් ආරංචියක් නැති උනා,
ලංකාවට ආවම මම කලේ මුලිම්ම ගෝතමී ඉන්න තැන හොයපු එක,
පස්සෙ ඔන්න ආරංචියක් ආවා,
මම ගෙදර හොයාගෙන ගියා, ගෝතමී දොර ඇරියා,
ලියා එව්වේ - රවී වීරසිංහ
ඒ ලෙවල් කරද්දි මම ඕස්ට්‍රෙලියාවට ගියා, පස්සෙ යාලුවො ගැන මොනවත් ආරංචියක් නැති උනා,
ලංකාවට ආවම මම කලේ මුලිම්ම ගෝතමී ඉන්න තැන හොයපු එක,
පස්සෙ ඔන්න ආරංචියක් ආවා,
මම ගෙදර හොයාගෙන ගියා, ගෝතමී දොර ඇරියා,
"අජන්තා"එයා මාව බදාගෙන ඇඬුවා,
"මොකද ලමයෝ,උනේ"මම ඇගේ දෑසට එබිලා ඇහුවා
"ඔයා දන්නවනෙ රොෂානුයි මමයි කොච්චර ආදරෙන්ද හිටියෙ කියල? අපි දෙන්නම කැම්පස් ගිහිල්ල අවුට් වෙනකනුත් පුදුම සන්තෝසෙකින් හිටියා "
"ඉතිං?"මම ඇහුවා,
"ඊට පස්සෙ අපි දෙන්න බැන්දා,"මොනවද කියන්නෙ කියල හිතාගන්ඩ බැරිව, මම ඇඟේ කඳුලු පිරි දෑස දිහා බලං හිටියා,
ලියා එව්වේ - රවී වීරසිංහ
Thursday, January 13, 2011
කල්‍යාණි
"මේ ඒයි..."
"මොකද බං... පොඩ්ඩක් හිටපන් මම තාම කෑවෙත් නෑ.."
"පොඩ්ඩකට මෙහාට එන්නකෝ....."
"හිටපන් බං බත් කටක් කනකන්, නැතිනම් අරුං මට බත් ඇටයක්වත් තියන එකක් නැහැ..."
"එහෙනන් බත් කාල එන්නකෝ...."
"හරි ඇයි කල්‍යාණි කතා කලේ...?"
"ආ ඔයාගෙ කෙමෙස්ට්‍රි පොත, මම නෝට්ස් ටික ලියා ගත්තා..."
"බලපං, උඹට පොත දීපු නිසා මටත් පාඩං කරන්න බැරි උනා..."
“මේ එක නෙමෙයි, අර ඉස්සරහා පේලියේ ඉන්න බෝයි මගෙන් යාළුවෙන්න ඇහුවා...."
“නියමයිනෙ, ඉතින් උඹ හා කිව්වද..?
“මම ඔයාව පෙන්නල ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියල කිව්වා, කමක් නැද්ද..?”
“කල්‍යාණි.....!, මට කෙල්ලෙක් ඉන්නවනේ....”
කල්‍යාණි බිම බලාගෙන........
“මා තනිවී නැත ලෝකේ............... මටද කුමාරියක් ඇතේ.............”

Subscribe to:
Posts (Atom)