විරාමයෙන් පස්සෙ ඔබ ආයෙත් එකතු වෙන්නෙ මෙවර සාහිත්‍ය උළෙලෙදි හොඳම නවකතාවට සම්මානය හිමිකරගත් සයිමන් මහත්මයා සමග කතාබහ කරන ශනිදා උදා හෝරාවත් සමගයි. සයිමන් මහත්මය මම ඔබේ පොත කියවල බොහොම තදින් කම්පණයට පත් වුණා. මම බොහොම කැමතියි අර දුම් බීමෙන් මිදෙන චරිතයට. ඔහු ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන ආකාරයට. දුම් බීමේ ආදිනව ඔබ බොහොම අපූරුවට ඒ චරිතයෙන් නිරූපණය කරල තියෙනවා. ලස්සන ජීවිතයක් ඒ ඇබ්බැහිය නිසා විනාශ වෙන්න යන විධිය හරිම ශෝචනීයයි... ඔබ ඒ චරිතය ගොඩනංවල තියෙන්න විධියට වෙලාවකට සැකයකුත් ඇතිවෙනව ඔබත් දුම් පානය කරන්නෙක්ද කියල. සමාවෙන්න මෙහෙම අහනවට... ඔබ දුම් පානය කරල තියෙනවද කවද හරි?
නැතුව...? දැනුත් බොනවා... සිගරට් නොබී කොහොමද පොත් ලියන්නේ...?
ලියා එව්වේ - hare :-)
Showing posts with label මත්වීම. Show all posts

Friday, December 21, 2012
Tuesday, June 21, 2011
විප්ලවය? බම්බුව තමයි!
කුමාරයි මමයි හෝල්ට් එක මගඇරලා මුල්ලකට ගියේ තිත තියපු භාණ්ඩයක් එක්ක.
අපි නිහඬවම ඒ ආශ්වාදය වින්දා.
ප්‍රොෆෙෂනල් හිඟන ඇඳුමක් ඇඳගෙන වයසක මනුස්සයෙක් වෙව්ලමින් ආවා...
"අනේ මහත්තයෝ.. තේ එකක් බොන්න කීයක් හරි..."
ඒ මිනිහ අත පෑවා.
මම අහක බලාගත්තා.
කුමාර සාක්කුවෙන් විස්සක් ඇදල අරන් ඒ මිනිහට දුන්නා. මිනිහ කුමාරට වැඳල යන්න ගියා.
"උඹට පිස්සුද බං?" මම ඇහුවා.
"ඇයි?"
"උන්ට ඔහොම කලාම තවත් හිඟන්නු වැඩි වෙනවා."
"ඉතිං?"
"ඉතිං කියන්නේ? අපි හිඟන්නු නැති සමාජයක් හදන්නයි ඕන..."
"බම්බුව තමයි...!!!"
කුමාර කිණ්ඩියට හිනා වුණා.
"උඹගෙ ඔය හිඟන්නු නැති සමාජෙ හැදෙනකල් අර මනුස්සය බඩගින්නෙ ඉන්නද...?"
කුමාර විස්සෙ කොටේ විසි කලා.
"උන්ට ඕන අද දවසෙ ජීවත් වෙන්න"
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Saturday, October 30, 2010
අවසන් මොහොත
විශ්වයේ මහා පිපුරුමේ ශක්තිය පෘථිවියට දැණෙන්න තව හෝරා කීපයයි.
ඒ ශක්තියෙන් පෘථිවිය පැය කීපයකින් පුපුරා යන්නට නියමිතයි. මේ ලෝකයේ අවසානයයි. කාටවත් හැංගෙන්න තැනක් නෑ...
ලෝකය පුරාම එදිනෙදා ක්‍රියාවලි ඇණ හිටල. මිනිස්සු ගොඩගහගත්තු මුදල් වලින් උපරිම සැප විඳිමින් හිටිය. මුලින්ම හිඟ වුණේ දුම්වැටි, මත්පැන් සහ මත් ද්‍රව්‍යයි.
මිනිස්සුන්ට සිහිය අමතක කරන්න ඕන වුණා.
පාරෙ තැනින් තැන අහුමුළු වල ගෑණු පිරිමි සංසර්ගයේ... තවදුරටත් ඒවට තහනමක් නෑ...
දැන් නීති රීති, ආගම් කියල දේවල් නෑ... කාටවත් ඒ ගැන ප්‍රශ්ණයකුත් නෑ...
සමහරු කණ්ඩායම් පිටින් දිවිනහගත්ත.
ගොඩක් මිනිස්සුන්ට ආයෙත් ජීවිතේ දැනෙන්න අරන් ආසාවන් ලුහුබඳිමින් හිටිය...
මැරෙණ බව නොදැන ඉන්නකොට වඩා හැමෝටම මොහොතක ජීවිතේ ලේසි වෙලා තිබුණ....
------
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Wednesday, October 13, 2010
පරමාදර්ශ
“උඹ හිතන්නෙ පොර ගෑණු ආශ්‍රය කරන්නත් නැතිව ඇති කියලද?”
මට නිහඬවම ඇද්දා තව දුම් උගුරක් පපුව පිරෙන්න.
“ඔව් එහෙම වෙන්නත් ඇති”
“අන්දල තියෙන ඇඳුම් ගැලෙව්වම ඌත් අපි වගේ මිනිහෙක් විතරයි. එකම දේ ඌ කියපුව අහන්න ගොඩක් මිනිස්සු හිටියා.”
මගේ අතින් දුම අරගත්තු කුමාර උගුරක් ඇදල ඒක දිහා බලන් හිටිය.
“මේක නිසා කියන කතා නෙවෙයි. ඒත් මේව හිතෙන්නෙ මේක නිසා”
මම හඬ අවදි කලා.
“කතා ගොඩක් තියෙනවනේ ඔළුව පිරෙන්න. ඒව එහෙම නෙවෙයි කියල හිතන එක...”
“හික්”
සෙන්ටිමීටරයක කොටේ විසි කරපු කුමාර නැගිටල ඩෙනිමෙ වැලි පිහිදුව...
“පරමාදර්ශ කඩල දාන එක අමාරු වැඩක්. ඒත් කවද හරි උඹට තේරෙයි පරමාදර්ශ කියල එකක් නෑ කියල”

Subscribe to:
Posts (Atom)