ගෙදර සීනුව වදිනවා...
සති ගාණකට සැරයක් දකින එයා ඇවිත් ඉස්සරහා හාන්සි පුටුවේ වාඩිත් වෙලා...
තෙත කොණ්ඩේ පිහිදාමින්ම මම එයා ළගම ප්ලාස්ටික් පුටුවේ වාඩිඋනා.
"මට මොනාද ගෙනාවේ...." කියලා වෙනදා වගේ අද නෑහුවේ මොකුත් එපා කියලා මමම කිව්වනේ...
"ඉතිං..."
"ඔන්න බෑග් එකේ ඔයාට පොතක් ඇති"
සුමන ආලෝකබණ්ඩාරගේ පෑළවිය.. බුක් මාර්ක් එක තිබ්බ තැනට ඉබේම පොත පෙරළුනා..
ඔහු දකින මම, පිටු අතර මට හිනාවෙනවා..
"මම දන්නවා මේ ඔයා නෙවෙයි කියලා... සමහර විට මට ඔයා විදියට පෙන්නේ නැතුව ඇති.. කවදාහරි දවසක මං ඔයාව ඔයා විදියට අඳින්නම්.. අඩු තරමේ උත්සහයක් දරන්නම්"
ආත්ම ගණන් නොවුනට මාස ගාණක් පරණ ආදරේ මගේ හිත ඇතුලේ අළුත් වුනුබව දැනුනද රෝමියෝට?
ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)