Showing posts with label උඹ. Show all posts
Showing posts with label උඹ. Show all posts

Monday, May 28, 2012

මායාවක සිරගතව

“උඹට මොනවද ඕනි කියපං”

“අනුහස් අයියාව”

“හික්ස්.......... පිස්සි ඒකව හම්බ වෙන්නෑනේ වෙන දෙයක් කතා කරපංකෝ, එයා නැතුව වෙන මොනවද ඕනි?”

“එයා නැතිව මට වෙන මුකුත් එපා , මම ඉල්ලන්නේ ඉරයි හදයි තරුයි නෙවෙයි”

“ඉතින් ඔය මොනව උනත් එකයි නේ”

“ඒ ඉර හරි හඳ හරි තරුවක් හරි උනානම් මට අහිමියි කියලා ඉවසන් ඉන්නවා”

“ලැබෙන්නැත්තං මොනව කරන්නද උඹට කියලා හදන්න බෑ කෙල්ලෙ උඹට හැදෙන්න උවමනාවකුත් නෑ අනේ මන්දා මට තේරෙන්නෑ කෙල්ලෙ”

“මටත් තෙරෙන්නෑ මේක බොළඳ කමක් කියලා හිතන්න එපා බන් මම ජීවිතේ දකින්නේ මේ විදියට මගේ පපුව රිදෙනවා මම යනවා”

“උඹ දුක් විද විද හිටපං උඹට හැදෙන්න ඕනි නෑ උඹව හදන්නත් බෑ”

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Sunday, July 31, 2011

ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක...

උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
අමතකම කරපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මගේ දිහා බලන්නැතුව හිටපන්
බලන් නැතුවම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මාත් එක්ක කථානොකර හිටපන්
කතා නොකරම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මාත් එක්ක හිනානොවී හිටපන්
හිනා නොවීම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
ඇති තරම් මාව අඩවපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
එපාම කරවපන්
ඒත් මට
උඹ දිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
මට ඒක කොහොමවත් කරන්න බැහැ
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

ලියා එව්වේ - දසුන් මධුසංක (http://karumakkarayekugekadulu.blogspot.com/)

Tuesday, April 12, 2011

අනේ ඇයි බං පුතේ මේ........... ?

“අනේ බං පොඩි එකෝ.........

උඹට අහවල් දේකින් අඩුවක්ද? මොකද්ද බං මේ වෙනකම් බලන් ඉන්නේ?

අපි දෙන්නා ගැනවත් හිතුවද?

උඹට එහෙම දෙයක් වෙනවට වඩා හොඳයි මටයි තාත්තාටයි වෙන එක. එහෙම දෙයක් වුනාට පස්සේ අපි ඉඳලා පලක් තියේද?

උඹට එහා උඹේ යාළුමිත්‍රයෝ. උනුත් කටක් ඇරලා කිසි දෝසයක් නැතුං උඹට ඔය නම කියනවානේ.

ඇයි පුතේ, උඹට අපි පොඩි කාලේ දාපු නම ඔච්චරටම අසෝබනයි කියලා හිතිලද මෙහෙම නමක් දාගත්තේ?

උඹ නං අයියාගේ අහලකින්වත් තියන්න පුළුවන් ‍පුතයෙක් නෙමෙයි. කනමොදයා වගේ බීගෙන............. මේ විදිහට ගියොත් උඹ නමකුත් දාගෙන වෙනකම් බලන් ඉන්න එක, ඉෂ්ට වෙනවා වැඩිකල් නොයාම.

වෙනකන් බලාගෙන ඉන්න
මගේ මරණය

තුහ් විතරක් මොකටද මගේ කට”.

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Wednesday, November 24, 2010

කඩඉමෙන් එහා

ඉගිලෙන්නට හිතයි
පියාපත් විහිදා
මේ ප්ලාස්ටික් සිහින වලින්
තව ටිකක් ඔබ්බට
මෝහයේ නිද්‍රාව
ගත වෙලා ගන්නට කලින්
එකම එක සැරයක්
ඔය දෑස් හැර බලන්න
රුදු වස්සානයෙන් සේදී ගිය
ඒ වසන්තය දිහා
තැලී පොඩිවී මියැදුනු
සමනල පියාපත් වල ගීතය
ඔහේ දෝංකාර දෙන හැටි
ගොම්මනේ විලාපයටත් උඩින්
මොකද මේක අපේ කථාවයි
සිතිජයෙන් එහා තනිවුණ
නූපන් ආත්ම වල
සිනහවෙන් වැසී ගිය
කඳුලු වල අඳෝනාවයි
නිම් නැති නිමේශයක
කළුම කළු යථාර්තය
නෙතින් නික්මී
පලා යන්නටත් මත්තෙන්
ගිම්හාන කටු ඇනුණු හදවතක
ඇදුම් කන පැතුම් පොදි
නෙක සුසුම්හී රැඳී
වියැකී යන්නටත් කලියෙන්
පුළුවන් නම් අහන් ඉන්න
එකම එක් වතාවක්
මොකද අපේ තනියට
අද නෑ තරු අහසවත්

ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Tuesday, November 2, 2010

වචන 100 වෙත පළමු ලිපිය

මගේ යාලුවේ,

ලෝකය නැමැති බෝඩිමේ ඔබත් ලියන මමත් තාවකාලික ලැගුම් කරුවන් බවද එය යථාර්තය බවද වටහාගන්න.

මිතු දමෙන් මහ මගට..!

ජීවිතේ සැලකිය යුතු කාලයක් බෝඩිමේ ගතකල මට සෑම කාලය තුලම යාලුවෝ,
නෑ මම මෙහෙම කියන්නම් මගේ සෙට් එක තමයි මගේ ජීවිතේ...

ඒත්,

වැල පැටලුන ගැටලු තුලින් සිනාසී
ජීවිතය දකින්නට
තනිවූ විටක මට
සහෝදර සබැදියාව දෙන්නට
සිටියේ උඔයි මගේ යාලුවේ...
එදා මම උඔ තුලින්
මගේ ලෝකය දැක්කා
එදා මට කප්‍ රුක
අරුමයක් වුනේ නැහැ
අද උඔ නෑ...
හිත කියන මිරිගු බදුන
අද හිස් වෙලා
හිස් බදුන අත දරාන
මං මහ මග තනිවෙලා


යාලුවේ,
බෝඩිං ජීවිතේ තාවකාලික බවද,
උඔ මට පසක් කලේ?

ලියා එව්වේ - බෝඩිං (http://bordingkaraya.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...