කුමාරයි මමයි හෝල්ට් එක මගඇරලා මුල්ලකට ගියේ තිත තියපු භාණ්ඩයක් එක්ක.
අපි නිහඬවම ඒ ආශ්වාදය වින්දා.
ප්‍රොෆෙෂනල් හිඟන ඇඳුමක් ඇඳගෙන වයසක මනුස්සයෙක් වෙව්ලමින් ආවා...
"අනේ මහත්තයෝ.. තේ එකක් බොන්න කීයක් හරි..."
ඒ මිනිහ අත පෑවා.
මම අහක බලාගත්තා.
කුමාර සාක්කුවෙන් විස්සක් ඇදල අරන් ඒ මිනිහට දුන්නා. මිනිහ කුමාරට වැඳල යන්න ගියා.
"උඹට පිස්සුද බං?" මම ඇහුවා.
"ඇයි?"
"උන්ට ඔහොම කලාම තවත් හිඟන්නු වැඩි වෙනවා."
"ඉතිං?"
"ඉතිං කියන්නේ? අපි හිඟන්නු නැති සමාජයක් හදන්නයි ඕන..."
"බම්බුව තමයි...!!!"
කුමාර කිණ්ඩියට හිනා වුණා.
"උඹගෙ ඔය හිඟන්නු නැති සමාජෙ හැදෙනකල් අර මනුස්සය බඩගින්නෙ ඉන්නද...?"
කුමාර විස්සෙ කොටේ විසි කලා.
"උන්ට ඕන අද දවසෙ ජීවත් වෙන්න"
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
මාතෘකාව දැක්ක ගමන්ම මට හිතුනා මේක උඹ තමයි ලියන්න ඇහ්ත්ටේ කියලා :D
ReplyDeleteඕක තේරුම් ගන්න බෑනෙ අපේ ගොඩක් මිනිස්සුන්ට.. බම්බුව...
ReplyDeleteමටත් දැනුයි තේරුණේ...
ReplyDeleteඇත්ත කතාව
ReplyDeletehmmmm arthavath kathaafvak :)
ReplyDeleteඑල කිරි..... වැදුන එකත් වැදුනා එලටම.....
ReplyDeleteඒක තමයි ..යථාර්තය.
ReplyDeleteහ්ම්ම්.. හොදා හොදා.. ! කොහොමත් ඉතිං අතල් එකට පුච්චනවට වඩා කාට හරි දෙන එකත් හොඳයි තමයි..!
ReplyDeleteඅපි කොයි තරම් වැඩක් නැති දේවල් කරනවද සල්ලි වලින්... දුප්පත් මිනිහෙක්ට රුපියල් දහයක් දෙන එක තමයි අපි ලොකුවට හිතන්නෙ... මේ කිව්වට මටත් සමහර වෙලාවට එහෙම හිතෙනව තමයි... සාමාන්‍යයෙන් බස් ස්ටෑන්ඩ් එකකදි ඔය වගේ සල්ලි ඉල්ලගෙන කී දෙනෙක් එනවද? ඒ හැමෝටම දෙන්න පුළුවන්ද?
ReplyDeleteඒව එහෙම තමයි...
බම්බුව!
රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com/
ReplyDeleteකව්ද බොලේ මේ රෙස්ලින් කාරය? යන යන තැන ඉන්නව, මල්ලව පොර බදන්න හය්ය නැතත් ඇවිල්ල බලන්නංකො, ඕනෙ බම්බුවක් කියල
ReplyDelete