බස් එකේ පුජ්ය පක්ෂයට වෙන් කරල තියෙන ආසන දෙකේ සීට් එකේ, ආසන දෙකම අල්ලගෙන ඩෝප් කාරයෙක් ෆුල් සැපට නිදි. මගදි නැග්ග හාමුදුරු නමක්, කොන්දොස්තර උන්නැහෙ ඩෝප් කාරයව ඇහැරවල, හාමුදුරුවන්ටත් ඩෝප් කාරය ලඟින්ම වාඩි වෙන්න ඉඩ සලස්සල දුන්න. ඩෝප් කාරය සීට් එකේ ඉඩ දුන්නෙ "දෙන්න හිතයි අපවත් වෙන්න" කියල හෙමීට කියාගෙන. ස්වාමීන් වහන්සෙ කිසි කතාවක් නැතිව ලැබුන ඉඩ ටිකේ ශාන්ත දාන්තව වාඩි වෙලා දැන් බස් එකේ යනව. මගදි බුදු පිළිමයක් දැක්ක ඩෝප් කාරය, නැගිටලම වැන්ද. ස්වාමීන් වහන්සෙ කිසි හැල හොල්මනක් නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩ ඉන්නව. ඩෝප් කාරය ඒ පාර හාමුදුරුවන්ගෙන් අහනව "අර ඔහෙලගෙ බොස් නේද, නැද්ද කිසි ගරු සරුවක් දක්කන්නෙ?" කියල.
ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)
Showing posts with label බස් එක. Show all posts
Showing posts with label බස් එක. Show all posts
Monday, August 1, 2011
Monday, April 11, 2011
පස්සෙන් බහින්න
දවසක් මායි නංගියි බස් එකේ යනවා. පුරුද්දට වගේ කතා කරනවට වඩා හිනා වෙනවා. හිනා වෙනවා කිව්වට වඩා හිනා යනවා කිව්වාම තමයි හරි. බස් ගමන් අපි දෙන්නට එහෙමයි හොඳේ.
බස් කොන්දොස්තර බරටම වැඩ. වටේම ඉන්න මිනිස්සුන්ට බනිනවා. හිටපු ගමන් බනත් දෙසනවා.
අපි බහින්න ලංවෙන හෝල්ට් එකත් ආවා. නංගියි මමයි බස් එකේ ඉස්සරහ දොර පැත්තට හෙමින් සේන්දු වුනා. මොකද අපි ඒ දොර කිට්ටුව හිටපු නිසා. බස් එක නවත්තන්න ඔන්න මෙන්න.... එකපාරටම කොන්දා කෑ ගහන්න පටං ගත්තා "ඔය නෝනලාට තෙරෙන්නෙ නැද්ද? පස්සෙන් බහින්න... පස්සෙන් බහින්න"
"ඇයි දෙයියනේ මෙච්චර අගේට කකුල් දෙකක් තියෙද්දි මොකටද පස්සෙන් බහින්නේ" මං ඇඟට නොදැනී එහෙම කියල බස් එකෙන් බැස්සා....
ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Subscribe to:
Posts (Atom)