Showing posts with label අංජනම. Show all posts
Showing posts with label අංජනම. Show all posts

Monday, November 12, 2012

ඩුප්ලිකේට් අංජනම

ඕං.. ඒස්වාහ..... ඒස්වාහ... අංජනම් දේවතාවියගේ අනුහසින් මට පේනවා
ඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ!
ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා! හොඳින් පැහැදිලියි ස්ථානය...
ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්‍ටු දෙකේ ගෙයක්...
ඉහළම තට්‍ටුවේ කාමරයක අල්මාරියක යතුර තියෙනවා...
ඔව්.. මට තවත් පේනවා.. ඔව් ඒ යතුරමයි..
අල්මාරියේ ලාච්චුවක පුංචි පෙට්ටියකයි... යතුර තියෙන්නේ...
අංජනම් දේවතාවිය අවසරයි...
මම හිතන්නේ ඔය අපේ ගෙදර!
ඔව් ඔව් යුෂ්මතාගේ ගෙදරමයි යතුර තියෙන්නේ! ගෙදරමයි! ගෙදරමයි!
සමාවෙන්න අංජනම් දේවිය මම දන්නවා ඔය කියන යතුර! ඔය ගෙදර අල්මාරියේ ලාච්චුවේ අරන්තියෙල තියෙන ඩුප්ලිකේට් යතුර!
තවත් යතුරක් තිබුණා ඒකයි නැති වෙලා තියෙන්නේ...
මේකත් ඒ යතුරමනේ.. මම හිතන්නේ අංජනම් දේවිට පොඩ්ඩක් පැටලෙන්න ඇති.

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...