Showing posts with label සිත්තම්. Show all posts
Showing posts with label සිත්තම්. Show all posts

Friday, March 4, 2011

ඔයාම තමා මට කිවුවේ...

සිතක සිත්තමක් වගේ
සිත්තරෙක් නොමැතිවම
කාටවත් නොදැනීම
ක්ෂණිකව ජනිත උනු
රාත්‍රිය පුරාවට
එකිනෙක පෙළගැසුණු
මා දුටු සිහින තුල
සිටියේ අපි විතරමයි...

ඔයා හරි තරහින්...
මම ගොඩාක් දුකින්...
අපේම නොවී දුරස් උනු
ලෝකවල හිර වෙලා
ප්‍රශ්න අතරමන් වෙලා
සතියකට කිහිපවරක්
සිහින සිත්තම් වෙලා
රාත්‍රිය පුරාවට
සිතක අසරණ කම
ඉකි ගසා හඩනවා

ගැස්සිලා ඇහැරුනත්
සිතට ඇති වෙන සතුට
නොදැනී එන සැනසීම

මොන තරම් නිවනක්ද?

ඒ සිහින සිත්තමක
අපි එකට හිටියනම්
එක මගක ගියා නම්
ආදරේ කලානම්...
පියවි සිහියෙදි හිත,
මොන තරම් දුක් වෙයිද?

ඉතින් මං ආසයි
දුක හීන තව දකින්න...
ඔයාම තමා මට කිවුවේ
හීනෙන් දකින හැම
දේකම
ඇත්තට වෙන්නේ, අනික් පැත්ත...


ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා (http://asipiyakamahima.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...