මං අතරමං වෙලා... අතීතයත් වර්තමානයත් අතර අතරමං වෙලා...
එදා "හැම දෙයක්ම දාලා මං ළගට එන්න.මං පුංචි සුදු රෝස මලක් වගේ ඔයාව බලාගන්නම්" කිව්ව ඔයාම "ඔයත් එක්ක ජීවත් වෙන එක මහ කරුමයක්" කියන්න තරම්," මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ ඔයා මං ළග නම් විතරයි" කියපු ඔයාම "ඔයා නිසයි මට හැම දෙයක්ම නැති වුනේ.. ඔයා එක්ක ඉන්න එක අමාරුයි නෙවෙයි, ඉන්න බෑ" කියන්න තරම්,මගෙන් වුණු වැරැද්ද මං තාම හොයනවා.
මමත් වැරදි ඇති.. ඒත් මෙච්චර හිත රිද්දන්න තරම්, මගෙන් මිදිලා ඈතට යන්න හිතන්න තරම් වරදක් නම් කරලා නෑ මං.
මට උදවු කරන්න පුළුවන් නම්, ආයෙමත් ඒ ලස්සනම ලස්සන හීනයක් වගේ අතීතයට යන පාර හොයාගන්න..
ලියා එව්වේ - Smiles Tears