Showing posts with label හාමුදුරුවෝ. Show all posts
Showing posts with label හාමුදුරුවෝ. Show all posts

Friday, April 22, 2011

අනේ සාදු……!

“හේතුවෝ..“

“හාමුදුරුවනේ…“

“උඹ මොකක්ද කර කර උන්නෙ?“

“පන්සල පහල රබර් කට්ටියෙන් දර වගයක් ඇහින්දා. ඒ ටික අඩුක් කලා හාමුදුරුවනේ.“

“හොඳා හොඳා.. උඹෙන් අහන්න හැදුවේ…. ආ.. පුංචි වලව්වෙ දානෙ කවදැයි කියලද කිව්වෙ බං?“

“ලබන සෙනසුරාදා හාමුදුරුවනේ..“

“මේ ගමන මුං මට නොකියම මැද පන්සලට ආරාධනා කොරලනෙ. මට නිකංවත් මතක් කලාද?“

“මහ නිලමෙ නැතිවුණත් හරි පුංචි වලව්වෙ ඈයො හරියට වෙනස් වෙලා හාමුදුරුවනේ..“

“මට හිතෙනව ගිහිං උන්ට දෙකක් කියල එන්න. ගමේ එකාල හැටියට උන්ට තියෙනව යුතුකමක්…. හේතුවො කුසුමගෙ ගෙදරට ගිහිං කියාපං ඇවිත් මගෙ කාමරේ අස් කරන්න කියල. හැඩිවෙලා. මං එනකං ඉන්න කියාපං කකුලෙ තෙල් වගේකුත් ගාගන්න තියෙනව.“

“එහෙයි හාමුදුරුවනේ..“

“කෝ ගෙනෙං මගෙ කෝට් බෑය….“

ලියා එව්වේ - සකුස් (http://sakus-matahithenaheti.blogspot.com/)

Monday, December 6, 2010

පූජ්‍ය පක්ෂයට පමණයි

138ක්, සාමාන්‍ය සෙනඟක් බස්එකේ,
විදේශීය හාමුදුරුනමක් බස්එකට වැඩිය.

"පූජ්‍ය පක්ෂයට පමණයි" සීට්එකේ අම්ම කෙනෙක් දරුවෙක්ව නිදිකරගෙන,
අම්ම නැගිටින්න හදද්දි, හාමුදුරුවො වෙනින් අසුනකට වැඩිය.

මහත්තයෙක්ට වැඩේට අප්සෙට්,

"ඔයා නැගිටල, සීට් මාරු කරන්න"

"අනේ, මම දෙන්න හැදුව"

"එන්න හාමුදුරුවනේ... මෙතනට"

"කෝ නැගිටින්න ඔතනින්"

මහත්තයට නිවනක් නෑ,
බලෙන්ම ආසන මාරු කලා...

මහත්තයගෙන් ගාම්භීර බැල්මට් එකක් බස්එකටම...

“කරගත් කුසල කර්මයේ මහිමය”

බෙල්ලන්විල හරියෙදි භාගෙට නැගිටල, "මේං නැගිට්ට"

කථින චීවරේ වඩම්මන් "බෑ බෑ මට තව ටිකක් දුර අරන් යන්න ඕනි වගේ"

දරුවත් අම්මවත් නැගිට්ටවපු "නිවැරදි වචනය යොදා හිස්තැන පුරවන්න" දන්න මිනිස්සු,
මම බැස්ස, 154 ගන්න.

ඒත් මුලින් විදිය, වටිනාකම,
හේදිලා, අදාල හිස් තැන පිරවුනා.
අපරාදේ!

ලියා එව්වේ - සමීර දිසානායක

Wednesday, November 10, 2010

සන්තර්පන..

"සිරිසේන අයියට ඇත්තමයි බුදුබව අත්වෙන්න ඕනෙ" දහස්වර පෙරලූ සියක් පිටු අතරවූ මනස පැතූ අපමණ පැතුම් ගොන්න හමුවේ එයත් එකම එක් පැතුමක් විතරමයි.

"කෙල්ලෙක්ට හරියන්නෙ රතුපාට යට ඇඳුම් තමයි, කොච්චරවත් නිකම්ම ඉන්නවට වඩා නූල්පොටක් හරි ඇඟේ තියනවනම් තමයි ඒකේ කුතුහලයක් තියෙන්නෙ" ගිනිගන්න මද්දහනෙන් අනාථ වෙච්ච වැලිපොලව හරියට අවතැන් වෙච්ච කිසා ගෝතමී හූල්ලනව වගේ ඔහේ අහස දිහා බලාන ඉන්නවා.

නානාවිද වර්ණයන්ගෙන් පරිපූර්ණවූ පිටු පුරා රැඳි රාගික විප්ලවයේ නියමුවන්, පිරිපුන් ලැම දෝතින් ගෙන නග්න සිරුරු යොමා සිටි අයුරු දැකි මා වමතින් තණ්හා, රතී හා රගා ප්‍රහීණය කරත්ම,

"ආ.. පොඩිනම... බරටම කෙලෙස් නසනව වගේ... උඹලට ඕවද පිරිවෙණේ කියල දෙන්නෙ"

තාප්පෙට කෙලිය... මෙන්න ලොකු හාමුදුරුවො..!


ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...