Showing posts with label නොදරුවා. Show all posts
Showing posts with label නොදරුවා. Show all posts

Monday, September 6, 2010

රවුම සහ කොටුව

මම වැල්ලෙ රවුමක් ඇන්ද. එයා වැල්ලෙ කොටුවක් ඇන්ද.

"ඇයි ඔයා කොටුවක් ඇන්දෙ?" මම ඇහුව.

"ඇයි ඔයා කොටුවක් ඇන්දෙ නැත්තෙ?" එයා මගෙන් ඇහුව.

"රවුමකට කෙළවරක් නෑ හරියට ආදරේ වගේ." මම එහෙම කිව්ව.

"දැන් කියන්න ඇයි ඔයා කොටුවක් ඇන්දෙ?" මම ආයෙත් ඇහුව.

"විසේස හේතුවක් නෑ. ඔයා රවුමක් ඇන්ද, ඉතින් මම කොටුවක් ඇන්ද. ඔයා මට කිව්ව නම් ආදරේ සංකේතවත් කරන දෙයක් අඳින්න කියල මම වෙන මොකක් හරි අඳිනව."

"මම එහෙම කිව්ව නම් ඔයා මොකද්ද අඳින්නෙ?"

"දන්නෙ නෑ. ඒත් මම කවදාවත් රවුමක් අඳින්නෙ නෑ."

"ඒ ඇයි?"

"රවුම එක තැන කැරකෙනව, හරියට අපේ ආදරේ වගේ"

එකපාරටම ආපු රැල්ලකින් අපි රටා ඇන්ද මුහුදු වැල්ල අලුත් වුනා.

ලියා එව්වේ - නොදරුවා (http://nikamatawage.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...