මේ ගවුම ඔයාට ලස්සනයි.
අනේ එපා, ඒක රතුනේ.
එහෙනම් මේ කුඩේ ගමුද?
එපා, මම රතු පාටට ආස නෑ.
මෙන්න ලස්සන රතු රෝස මලක්,
එපා, I Hate RED
ඔයාගෙ කම්මුල් රතු පාටයි.
බොරු කියන්න එපා, ඔයාටත් වෙන පාටක් ඇත්තෙම නැද්ද? රතු රතු රතු, ආයෙත් මට ඔය රතු පාට මතක් කලොත් එහෙම,
හැමදාමත් ඔයා රතු පාටට වෛර කලා. හැමදාම මම හෙව්වෙ ඔයා ඇයි රතු පාටට මේ තරම් අකැමති කියලයි.
අද අපේ Home Coming එක,ඔයාට රතු පාට සාරියක් අඳින්නම වෙනවා. ඒත් දැන් මම දන්නව ඔයා ඇයි රතු පාටට වෛර කරන්නෙ කියල.
හ්ම්.... අද ඉඳන් මමත් රතු පාටට වෛර කරනවා.
"I Also Hate RED"
ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)