Showing posts with label වරාය. Show all posts
Showing posts with label වරාය. Show all posts

Sunday, August 21, 2011

ගල් වඩ්ඩා

"වරායකුත් හැදුවලු නේද....."

"ඔව්, හැදුවා තමයි, ඉතින් මොකද...?"

"ඒත් නැව් එන්නේ නෑල්ලුනේ..... මොකද ඒ?"

"තඩි ගලක් තියෙනවලු......?"

"කවුද එහෙම කියන්නේ....?"

"ඔය හැමෝම කියන්නේ.....!"

"ඉතින් ඔය ගල අයින් කරන එකනේ තියෙන්නේ.....!"

"අර අන්දරේගේ කාලෙත් රජ්ජුරුවන්ගේ කුඹුරක ගලක් තිබුනලු නේද..?"

"ඔව් ඔව් තිබුනැයි කියන්නේ......!"

"ඒක අයින් කලාද...?"

"කවුද දන්නේ.....?"

"ඉස්සර රාජ සභාවේ අන්දරේ හරි හිටියනේ ඉදිරිපත් වෙලා ගල අයින් කරන්න.... දැන් රාජ සභාවෙ එහෙම කවුරුත් නැද්ද......?"

"ගල අයින් කරන්න පුළුවං ගල් වඩ්ඩෙක්ද ?"

"ඔව් ඔව්"

"දැන් රාජ සභාවෙ ඉන්න හැමෝම අන්දරේලා තමයි, හැබැයි ඉන්න තරමක් ගල් වඩ්ඩෝ නෙමෙයි ගල් ආඳෝ... උන් ගල් අයින් කරන්න දන්නේ නෑ.... නියමෙට ගල උඩින් ලිස්සල නම් යයි.....!"



ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...