Showing posts with label සෙරෙප්පුව. Show all posts
Showing posts with label සෙරෙප්පුව. Show all posts

Thursday, March 31, 2011

සෙරෙප්පුව

මල්ලී ඇයි මොනාවා හරි හොයනවාද?
ආරොහ පරිණාම පෙනුමකින් යුත් ඔහු මාගෙන් ඇසීය.

"ඔව් අයියේ මම මේ මගෙ සෙරප්පුව හොයන ගමන්" මම පිළිතුරු දුන්නෙමි.
මල්ලිට ෂුවර්ද ඔත්නම ද තිබ්බෙ කියලා? උඩු මළුව පැත්තෙ බලමු,
සමහරවිට කෙනෙකුට මාරු වෙලා තියෙන්නත් පුලුවන් නේ?
දෙදනාම එක්ව පන්සල් භූමියම පිරික්සුවෙමු.

"ඔන්න ඔහෙ තියෙන එකක් ගනින්", කොහොමහරි යන්ටත් එපෑයැ.
නමුදු පන්සිල් සමාදන් වූ මා තරයෙ එකඟ නොවූයෙමි.
නිරුවත් දෙපයින් ගල් කැට ඇනන විට දෙපය දෙස යන්තමට බැලුවෙමි.
ඔහු කොර ගසමින් ඇවිදිනු දුටු මා තුළ කුකුසක් හට ගති.
අයියාට කකුලෙ අසනීපයක්ද?

"ආ මල්ලි මගෙ කකුල නැතිවුනෙ දැන් අවුරුදු 2කට කලින් බොම්බෙකට අහුවෙලා හමුදාවෙ ඉඳිද්දී"
ඔහු මට පැවසීය.

ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)

Related Posts Plugin for WordPress, Blogger...