අවුරුද්දට විතරමනෙ මුන්ට අලුත් වෙන්න හිතෙන්නෙ...
තුන්සිය හැට හතර දවසක් මේක පෙරේත විමානෙ වගේ තිබ්බෙ...
කාටවත් කරදරයක් නැතුව අහිංසක විදියට බිත්ති කොනක මදැයි මමත් දැලක් අටෝගත්තා...
සීලිමක්වත් නැති වහල යට හිරිකඩත් වැදි වැදි හිටියට මොකද කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුලුවං අගේ ඇති තැන...
සුමානෙකට සැරයක්වත් ගෙදර අතුගාන්නෙ නැති එවුන් අරගෙන ආවෙ නැතැයි කැප්පෙට්ටිය කොල අත්තක් බැඳගෙන ඉපලක්...
මගේ දුප්පත් ගෙදර කඩා දැම්මම තමයි උඹලටත් ගෙවල් අලුත් වෙන්නෙ...
උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕන...
දැන් අගේට TV එක වට කරගෙන 31st night බයිස්කෝප් බලන අපූරුව...
මං ඉතිං මැරීගෙන ආයෙත් බැඳපංකො මගේ දැල... හෙට එළිවෙන්ට කලියෙන්..
මටයි කියලත් ඉතිං අවුරුද්දක් තියෙන්නෙ එපැයි...
ලියා එව්වේ - ආගන්තුක සගයා (http://kanimadala.blogspot.com/)