Showing posts with label විඳවීම. Show all posts
Showing posts with label විඳවීම. Show all posts

Tuesday, February 1, 2011

ආදරය සහ මම....

ඉමක් කොනක් නැති බියකරු සයුරෙන් දිය දෝතක් බිව්වෙමි මා......
අහෝ පුදුමයකි....!!!!
කෝ එහි තිබූ ලුණු රස....
නුඹට තිබූ ආදරය නිසාමද මන්දා එය පැනි රසට දැණුනා මතකයි.....
එහෙත්.....
අද නුඹේ අතින් හැදූ තේ කෝප්පයේ ලුණු රසක්.....
මේ මොන විකාරයක්ද.....?
මම මටම කියා ගතිමි....
දැන් මා නුඹ ගැන හොඳහැටි දනිමි....
මට මගේ ජීවිතය එපා කරවූ නුඹ....
ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යද්දි.....
දෑත් පණ තිබුණානම් මට....
එහෙත්......
අසරණ මා කුමක් කරම්ද....?
දෑත පණ ඇති කාලයේදිවත් නොලැබුණු නුඹේ ආදරය දැන් ලැබේවිද...?
මියයම්ද....? තැවි තැවී වෙසෙම්ද.....?
කුමක් කරන්නද....?
දෑත පණ නැති විට.....
තවත් විඳවන්න බැරිය මට....
නුඹ දෙන දුක් ගින්දර......
මරාදමනු මැන මාව....
අනේ හිතවතුනි කරුණාකර..........

ලියා එව්වේ - කිරිපුතා (http://kiriputha.blogspot.com/)

Monday, January 17, 2011

ඔයයි මමයි..

පොලොව මත දඟකරපු ලා හිරු කිරණ වසාගෙන ඇදහැලුණු මහා වරුසාවකින් පොළොව තෙමීගියා.

ඔයත් සැණින් වෙනස්වෙන අහස වගේ... මට හිතුණා.

අහස්කුසේ ඇතිවෙන සැම විපර්යාසයකම ප්‍රතිපල භුක්තිවිඳින මහපොලොව මං වගේ.

ඔයා මොනතරම් ඈත වුණත් කිසිදාක හිමි නොවුණත් ඔය ඇහිපිල්ලමක වුණත් වෙනසක් මට දැනෙනවා.

වෙරළේ හැපෙන රැල්ල මොහොතකින් ආපහු මුහුදට යනවා.

ඔයත් මේ රැල්ල වගේ. වෙරළ බලාගෙන ඉන්නවා රැල්ල ආයෙත් එනකම්, හරියට මම වගේ.

කිසිදාක ළග නොරැ‍ඳෙන බව දැනුණත් ඔයා ළඟට එනකොට මගේ හිත පිරෙනවා,

එනකන් මගේ හිත ඇඟිලි ගණිනවා.

දකින්න මගේ ඇස් දැවෙනවා.

ඒත් වෙරළ රිද්දල යන රැල්ලවගේ මාව රිද්දලා ඔයා ආයෙත් යන්න යනවා.

අනේ මේ හිත හැමදාම එකම තැන ඉඳන් විඳවනවා.


ලියා එව්වේ - පබලු (http://magethanikama.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...