Monday, June 13, 2011

අහේතුක චෝදනා

ආ මම හම්බ වෙනකම් හිටියේ...
ඇයි මොනා හරි කියන්න තියෙනවාද?
තමුන් ඕනවට වඩා උඩ පනින්න ලෑස්ති වෙන්න එපා, වැඩිය නැටුවොත් එහෙම කරනවා හොද වැඩක්..
දැන් මම මොකක්ද කලේ?
නිකම් බොරුවට ලොක්කා වෙන්න හදන්න එපා. දගලන්නේ නැතිව ඉන්නවා...
දැන් කවද්ද මම එහෙම කලේ?
අනේ මේ නිකම් බොරුවට කියවන්නේ නැතිව ඉන්නවා. තමුන්ට වැඩිය උඩ පනින්න තියන්නේ නෑ, පරිස්සම් වෙලා ඉන්නවා..
පිස්සුද?
මේ විකාර නැතිව ඉන්නවා..
මම බලාගන්නම් තමුන් ගැන...
මගෙත් එක්ක එල්ලී එල්ලී එන්නේ මම මොනවා කලාටද?
තමුන් බබා.. විකාර කියවන්නේ නැතිව ඉන්නවා.. මම ආයේ කියන්නේ නෑ..
අනේ මන්දා මොනාද මේ කියලා
අහේතුක චෝදනා අබියස මම අන්දමන්ද වුයෙමි. කිසිත් නොකර චෝදනාවන්ට ලක්වුයෙමි.

ලියා එව්වේ - හසී (http://hashikahettige.blogspot.com/)

9 comments:

  1. මේක කියවලා මමත් අන්ද මන්ද වූයෙමි :D

    ReplyDelete
  2. අහේතුක චෝදනා නගන උන්ට කරන්න තියෙන හොඳම වැඩේ තමා ඒවට නොසැලී තමන්ගෙ වැඩේ කරගෙන යන එක.

    ReplyDelete
  3. මේ විකාර නැතිව ඉන්නවා..:D

    ReplyDelete
  4. @පූසා - එහෙනම් මේක අහගෙන හිටපු මට මොකද උනේ කියලා හිතලා බලන්න...

    @පිණිබිඳු - සහතික ඇත්ත.. මම වැටුනේ නෑ ඕක අහලා...

    @තරු - :)

    @Soda ගුනේ - ඒකම තමා මටත් කියන්න තියෙන්නේ...

    ReplyDelete
  5. ඉවසිමෙන් ඉන්න...
    අහේතුක චෝදනාවන් නගන අයටම ඒවා පාරා වලල්ලක් වනු ඇත.

    ReplyDelete
  6. හික් හික්... කවුද මේ සර්ව බලධාරී කුඩප්පච්චි කෙනෙක් ගැනද කතාව?

    කොල්ලෙක් ගැනනම් වෙන්න බෑ.

    බැරි වෙලාවත් කොල්ලෙක් ගැනනම්..... මේ ලෝකෙ වෙන කොල්ලො නැද්ද දෙයියනේ...

    ReplyDelete
  7. ලෝකෙ හොද නරක හැම දේම තමන්ගෙ හොදකට පෙරලගන්න දක්ෂයට පුලුවන්... මේ චෝදනාත් තමන්‍ට සර්ථකත්වයට යොදාගන්න කිසියම් හෝ විදියකින්

    ReplyDelete
  8. මෙයා මේ බබා වෙන්න හැදුවට, කට්ටිය දන්නවද කොරල තියෙන වැඩේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...