"මචං උඹ දන්නවද ලෝක වෙළඳ මධ්‍යස්ථානය විනාස කළේ රාවණා"
"නෑ"
"නෑ නෙමෙයි ඔව්. රාවණා ළඟදිම අවදිවෙනවයි කියලා ලංකාවේ ඈතක භාවනා කරන තාපසයෙන් බ්ලොග් එකක් ලියන කෙනෙක්ට කෝල් කරලා කියලා"
"නෑ"
"ඔව් යකෝ ඔව්. ඕක පුදුමයක් නෙමෙයි බං. රාවණා රජ්ජුරුවෝ හද්ද ඩොටේ කාලේ දඬුමොණරෙන් උඩින් ගිය එකේ"
"දඬුමොණරෙට ජෙට් ෆුවෙල්ද දන්නෑ ගැහුවේ"
"විහිළු නෙමෙයි බං. දඬුමොණරේ උඩ යවලා තියෙන්නේ මන්තර වලින්......... උඹ මොනාද කල්පනා කරන්නේ?"
"නෑ බං මං මේ කල්පනා කළේ ඔය යන්ත්‍ර මන්ත්‍ර පස්සේ දුවන රජෙක් නිසා දැන් අපේ රටට කෙලවෙලා තියෙන කෙලවිල්ල. ඇරත් ඉස්සර මිනිස්සු වෙහෙස මහන්සියෙන් මහා දාගැබ් බැන්දා. ඒකට අද... පොඩි බෝක්කුවක් හදන්නත් චීනෙන් එනකං ඉන්න වෙලා"
ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)