මෙහෙම කියද්දි ඔයා බලනවද මොකක්ද ඉල්ලන්නේ කියලා.. මොකක්ද දන්නවද මම ඉල්ලන්නේ... එදා අපේ දිහා ඇවිත් යනකොට අරන් ගිය, මගේ හිත මට ආපහු දෙන්න කියලා.
ඒත් ඉතින් මම දන්නවා ඔයා මගේ හිත අරන් ගියේ බැරි වීමකින් කියලා.. බැරි වීමකින් අරන් ගියත්, ඒ මගේ හිත දෙවියනේ.. මම ආසයි මගේ හිත ඔයා ලඟම තියෙනවට.. ඒත් ඔයා තාම දන්නේ නෑ ඔයා යද්දී මගෙ හිත අරන් ගිය බවක්.. නොදැන ඔයා ලඟ මගේ හිත තියෙද්දී නොදැනුවත්ව ඔයා මගේ දුප්පත් හිත රිදවනවා.
මම ඒක ආපහු ඉල්ලන්නේ මටම කියා ගන්න නෙවෙයි. දන්වද...... ඔයා දැනුවත්ව ඔයාටම ආයිත් දෙන්න.. ඒත් තවමත් මම දන්නේ නැහැ ඔයා ඒක බාර ගනියිද නැද්ද කියලා..
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Showing posts with label හිත. Show all posts
Showing posts with label හිත. Show all posts
Monday, March 5, 2012
Tuesday, June 14, 2011
එකම හදවතක් තුල...
සමහරක් දවස්වලට අපි පැයක් දෙකක් කියවනව. සමහර දවස්වලට විනාඩි පහක් කියවන්න තරංවත් දේවල් අපට නෑ.
"අපි දෙන්නගෙ ලෝකය පුංචි වෙලා..."
ඔයාගෙන් මැසිවිල්ලක්...
"නෑ... අපේ ලෝකෙ ස්ථායී නෑ... ඒක ලොකු වෙනව. ආයෙ පොඩි වෙනව...."
මම හිත නොරිදවගෙන සංවාදය පවත්වගන්න හේතු ගේනව...
"කවදහරි නැතිම වෙලා යයිද?"
"නැතිම වෙලා ගියත් ආයෙ ඇති වෙයි..."
"නැති වුණොත්?"
"ආයෙ ඇති වෙනකල් ඉමු."
"හ්ම්..."
අපේ ලෝකයට භූ කම්පන එන්න වගේ තියෙනකොට මම හැම වෙලේම දාර්ශණික කතාවක් දාල ඒක මගඇරියා.
ඒත් හැමදාම ඒක කරගෙන යන්න මට බැරි වුණා.
අන්තිමේ මට උදව්වට ආවෙ හදවතක්...
“ඔයා දන්නවද? අපි ඉන්නෙ එකම හදවතක් ඇතුලෙ.... දන්නවනෙ හදවත හැකිලෙන දිගඇරෙන ස්ථායී නැති වස්තුවක් කියල.”
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Friday, March 11, 2011
මායි - හිතයි
"දුක දැනුන හිත සනසන්නට කවුරුත් නැත්නම්
පුන්චි කදුලු බිදුවක දුක දිය කරලා අරින එකේ වරද නෑනෙ"
ඒත් එහෙම කරන්නේ කෝමද?
එහෙම කරන්න බැරිනම් කරන්න තියෙන්නේ ඉතින්,
අතපය රිදෙනකන් මොනාහරි කරගන්න තමයි
දැන් එහෙම කලොත් හරියයිද?
ඒක ඉතින් මම දන්නේ නෑ...
එහෙම කරන්නත් බැරිනම් ඇස් දෙක වහගෙන,
සද්දේ වැඩී කරලා සින්දුවක් අහන්න..
ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට කරදරයිනෙ..
ඒකට උඹ මොනා කරන්නද?
හිත රිද්දුවෙත් අනිත් මිනිස්සුමනම්
උඹ මොකටද උන් ගැන හිතන්නේ
ඒකත් ඇත්ත තමයි නේ..?
එහෙනම් ඉතින් මම කියපු විදිහට කරපන්
උඹ කැමති දෙයක්
මට බෑ බං ඒ හිත රිද්දන්න
එහෙනම් ඕන මගුලක් කර ගනු
මම යනවා
-මායි හිතයි අතර උන සාකච්චාවක්-
ලියා එව්වේ - MaRLaN (http://wenasak.blogspot.com/)
Sunday, October 31, 2010
රතු කොඩි...
මම නැග්ගෙ පිටකොටුව බස් එකක.138.කොටුව - පිටකොටුව.ඉඩ කඩ ඕන පදං.
සුප්‍රසිද්ධ ගායකයා ඇවිත් මගෙ ළඟින්ම ඉඳ ගන්නකල් දැක්කෙ නෑනෙ මම.මට හීන් දාඩියයි දැම්මෙ.මම යාන්තමට හිනා වුණා.මිනිහත් කට පුරෝලම හිනා වුණා.සුමුදු සුදු මුතු දසන්. :මට මතක් වුණේම මං මුලින්ම අහපු ගීතෙ.
උයනක මල්
දහස් ගණන්
පිබිදුණු අතරේ
නෙත නොගැටුණු
කටු පඳුරක
සුපිපුණු කුසුමේ........
ඒ.........................
කුසුමේ.............
මට ආස හිතුණෙ නෑ කවදාවත්ම ඒ පදවැල් වලට.රිද්මෙට.හිත ගියෙම දිග නාහෙට.හිත කැමතිම විදිහෙ එකක් ඒක,අද තමයි කැමතිම විදිහෙ දිග ඇඟිලි තියෙන බව දැක්කෙ..ගානට රෝස පාට.
බස් එක නැවැත්තුවා.
පොඩි එකෙක් පාර පනින්න යනවා.
කහ ඉරෙන්.
මම අද ඉඳන් කැමත්ත වෙනස් කරගන්නවා.
දැම්ම හිතට රතු කොඩියක් !
ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)

Wednesday, October 27, 2010
තවත් මොහොතක්...
“මේ ගෙදරට මං හුගාක් කැමති”
“අපිට කාමර තුනක් වැඩිත් එක්ක..”
“එකක් තියාගමු පාඩම් වැඩ වලට අනිත් එක “අපි”ට අනික හිස් තියමු “
“දහදාහක් හොදටම ඇති වළං මුට්ටියි උවමනා කරන අනිත් ඒවටයී”
“ඔයා පන්තියක් පටන් ගන්න”
“මම වැඩ ඇරිලා එනකන් බය නැතුව ඉන්න පුලුවන් නේද මගේ කෙල්ලට…?”
“අපි නොබැද මෙහෙම එක ගෙදරක ඉන්න එක..........????”
“අපි අනිද්දාට පදිංචියට එනවා”
ගෙදර යතුරත් බාරගෙන ආවේ හුගාක් සංතෝසයෙන්....
.............................................................................
"හලෝ"
“කොහේද…….?”
ඇඟේ පටලන් හිටපු සරම පිටින්ම බස් එකක එල්ලුනා
මගේ කෙල්ලට මොකද දෙයියනේ මේ උනේ...??
“මට වෙන කෙනෙක් බදින්න බෑ”
මගේ රත්තරං කෙල්ල රෝහලේ ඇදක් උඩ....
ජිවත් වෙන්න "තවත් මොහොතක්" හරි ඈ මගෙන් හුස්ම පොදක් ඉල්ලුවා..........
ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Sunday, October 24, 2010
නුඹ මම
ඊයේ අද නැති, හෙටක් හිමි නැති... සියක් වදනින් කියා නිම්නැති ... කතාවකි මේ...
හීන අහුරක් දෑත ගුලිකර
හිත් ඉමේ පියමනින්නේ නුඹ
නුඹට හිමි නැති මටද හිමි නැති
ලොවක ලස්සන දකින්නෙමි මම
බිඳෙන උපදින හැඟුම් අද්දර
සොඳුරු ඉසිඹුව මවන්නේ නුඹ
ඇඟිලි තුඩු අග පිපෙනවා මෙනි
මුදු සිහින රඟ විඳින්නෙමි මම
හදවතේ ඉරි තැළුණු සලකුණු
සෙමෙන් පිරිමැද මකන්නේ නුඹ
දෑත නොපොවන දුරක සිටියත්
නුඹේ සුසුම් සුව සිඹීන්නෙමි මම
කඩ ඉරෙන් ඇඳි සිතුවමක් සේ
සිතේ ගැඹරක ඇඳෙන්නේ නුඹ
පාට හැඩතල පුරනු නොහැකිව
සසැලෙමින් නිති හඬන්නෙමි මම
අවර අහසක නුහුරු දවසක
පුර සඳක් සේ පිපෙන්නේ නුඹ
සිහිනයට වැඩි හැබෑවට අඩු
මිරිඟුවට පෙම් කරන්නෙමි මම
ලියා එව්වේ - මලිති (http://sathsihina.blogspot.com/)

Thursday, October 21, 2010
පුංචි සුරංගනාවි...
නුඹේ පොඩ් ඇස් යුගල දෙස
ආදරේ පුරව ගෙන හිත තුල
බලා ඉන්නට ඇති මම
පැය ගණන් නුඹ අසල හිඳ
මිණි කිකිනි සිනා හඩ ලඟ
නුඹත් එක්කම සිනා සී මම
රැඳී ඉන්නට ඇති සෙමෙන්
ගෙවා දමමින් දින ගනන් මම
රන් පාට මුදු දෑත් මත
දැවටි දැවටී සිටින මා වෙත
පෑ දයා කරුණා අමා ගඟ
ගලා යයි මා සිත මැදින් තව
තිබුන ඒ දාංගලයට
ආදරෙන් මට තුරුළු නොවුනට
අද වගේ එදත් මට
දැනුන නුඹ මගේ බව
මගේ ඔළුවට පුංචිවත් විවේකයක් නොදී එයා ගැනම හිතන්න කිය කිය.. හිත ඇතුලේ පෙරලි කරන පුංචි සුරංගනාවිය වෙනුවෙන්.
කොයි තරම් මොනවා කියෙව්වත් මට නම් තවත් මදි වගේ.
ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න (http://prasanna86k.wordpress.com/)

Labels:
ආදරය,
චූටි දුව,
ජීවිතය,
ප්‍රසන්න කරුණාරත්න,
හිත
Tuesday, October 19, 2010
අපේ කැදැල්ල..
එකදිගට වැටුණු පුංචි පුංචි මල් වැසි නිසාවෙන් මළානික වෙලා තිබුනු දෙවල් වලට පණ ඇවිල්ලා...වස්සනය උදා උණා............!!!
වස්සනේ තරමක් දරුණු වෙනකොට වැව්තාල්ලටම හිමීට වතුර දානකොට වාන් දොරටු ක්‍රමක් ක්‍රමයෙන් විව්ර්‍ත කළා...
එය දරාගත නොහැකිව මැලි උණු නුඹේ මූණ මොහොතකින් අතුරුදන් උනා.......
වාන් දොරටු හැර තැබුවේ අපි වෙනුවෙන් වඟ දැනගත්ත නුඹේ සතුට නිම් හිම් නැතිව ගියා..........
මං බලන් හිටියේ ඒ සතුට....
නිතර මා ළඟ සැරි සරන්නට නුඹ හුරු උනේ ඉබේටම.....
මට මගේ වී ඉන්න, සංසාරේ පතා ආ ලෙස නුඹත් එක්කම පියවර මනින්නට මට හැකි උනේ වස්සානය නිසාවෙනි පුංචි මල් පෙති හිමින් හිමින් පීදුනා.
අපි දෙමව්පියන් කරලා වැව පිටාර ගැලුවා…
වස්සනය එහෙමයී..............!!!
ලියා එව්වේ - අහිංසකී (http://www.ahinsaki.blogspot.com/)

Monday, September 27, 2010
විස්මෘතිය..
"මම ඔයාට ගොඩාක් ආදරෙයි.."මා කියනා බස ඇයට නොවැටහෙයි, ඒත් මා දිහා බලාන ඉන්න ලොකු ඇස් දෙකට, ඒ නළලේ තිලකයට මම කවදත් ප්‍රිය කරනා වග කියන්නට මට තවත් සිත් දෙයි.
"මම හමුදාවෙන් පනිනවා, පැනලා ගිහින් අපි දෙන්නා ලබන සතියේ කසාද බඳිමු."මඳ සිනහවකින් මොහොතක් බලා උන් මම හෙට දින පැමිණෙන පොරොන්දුව මත හුන් තැනින් නැඟිට්ටේ සුපුරුදු බංකරය වෙත පිය නැඟීමටයි.
"ඩෝං"සිහිය එනවිටත් මා උන්නේ රෝහලේ ඇඳක් මතය. මා කවුද යැයි මටම අමතකව ඇති මුත්, ගොත ගසමින් කී වදන් පෙළ හාත්පස දෝංකාර දෙමින් වියැකිණ.
"මගේ රාජිණි, ආයේ කවදාකවත් මට දකින්න වෙන එකක් නෑ, මේ වෙළුම් පටි වලින් වැහුණු ඇස් දෙකෙන්.."ලියා එව්වේ - Ansh Lucky Sri Jay (http://www.mitiyaawatha.blogspot.com/)
Labels:
Ansh Lucky Sri Jay,
අසරණකම,
අහිමිවීම,
ආදරය,
ත්රස්තවාදියා,
යුද්ධය,
විරහව,
හිත
Sunday, September 19, 2010
හිමි අහිමි
“ඒ වුනාට ඔයා මල්ලි කෙනෙක්නේ... මං වැඩිමල්“
“ අපෝ මාස හතයිනේ වැඩිමල් “
“ඒ වුනාට....“
“එහෙනං පිරිමි අවුරුදු පහ, දහය බාල කෙල්ලො බඳින්නේ....“
“අපිට අනික් අයගෙ එව්වා වැඩක් නෑනේ...... මං යන්නද?“
“ඇයි යන්න හදන්නේ....තව ටිකක් ඉන්නවද?“
“ම්ම්............“
“මම ඔයාට ෆෝස් කරන්නේ නැහැ... ඔයා කැමති දෙයක් කියන්න ඔයාට පුලුවන්“
“අපි වලව්නේ , ඔයා දන්නවනේ“
“ඉතිං අපිත් එහෙමනේ........ මගේ වාසගමත් ඔයාගෙ එකමනේ“
නිශ්ශබ්දතාවය.............................................
“හ්ම්ම්.......“
“ඇයි ?“
“අනේ මන්දා......................................“
මහ බඹා මගෙ නලලෙ කෙටුහැටි කියන එක හරි මදිද මන්දා
රටේ හැමතැන කරක් ගහලා නුඹට හිතගියෙ මොකද මන්දා
උපන් වසරට වසක් කලියෙන් නොඉපදුනේ කරුමයද මන්දා
ඒ වැරැද්දට අහිංසක මට ලැබුන පිළිතුර අනේ මන්දා..
ලියා එව්වේ - තීර්ථ යාත්‍රිකයා (www.tirthayathrava.blogspot.com)

Wednesday, September 15, 2010
දුටු සතුට
සුපුරුදු බස් නැවතුමේ සිට අතරැදි ඔරලෝසුවට නෙත යැවුනේ කීවෙනි වරට දැයි මතක නැත. දැන් දින 3කින්ම ඇය නැත. කතාබහ කර නැතත් නමගම නොදැන ගත්තත් ඇගේ එක දසුනක් මාගේ දවසම නැවුම් ප්‍රබෝධයකින් පුරවා තබයි. දින තුනක්ම ඇය එන තෙක් බලා සිටි නිසා කාර්යාලයට ගියේද ප්‍රමාද විය.
ඊළඟ බසය පැමිණුනි. එයින් බැස ගත් පිරිසකි. සියල්ලෝම වාගේ ඇගේ වයසේ පසුවූ තරුණියන්ය.
"පොල්වත්ත පාර කොහෙද"
"ම්..."
"අර තියෙන්නේ දැන්වීමක්. කොඩි තියෙන දිගේ යමු"
"ක්ෂණිකව මගේ දෑස ද ඒ දෙසට යොමු විය"
මගේ දුටුසතුටු මල මට සිනා සෙමින් බිත්තියේ ඇලවී සිටියේ අද දින අවසන් ගමන් යන බව මට දන්වමිනි.
ඒ බසය ද මට මඟ ඇරුණි.
ලියා එව්වේ - වත් ( http://www.sodurusitha.blogspot.com/)

Monday, September 13, 2010
ප්‍රේමය..
වසන්තයම නොවුනී.
හිරු පහන් කල දින සොදුරුවිය.
වෙනසක් තිබුනා නම් ඒ ඔබව මුණගැසීම පමණකි.
ඉන් එහාට හිස්ය.
කාලය ගෙවී ගියේ මදකුදු වෙනසක් නැතිවමය
පිටුවෙන් පිටුවට දළ රූප සටහන් තිබුනා මතකය.
එහෙත් ඒ මොනවාදැයි මතක නැත....
දිනය නිමා වීමට තවත් හෝරා කිහිපයකි..
සියල්ල සමාන්‍යය උවද හිත නම් එතනමය......
නුඹ සොදුරු දසුනකි…. පන්සලක් බෝධියක් තරම්ම නිසසලය…
හිත නිවන සුළුය.
ආසා කළෙමි නුඹ ලඟ රැදෙන්නට ,... දැවටෙන්නට
"මොකුත්ම කියන්න එපා තව ටිකක් ළං වෙන්න
මගේ උරහිසේ ඔලුව රදවගෙන ඇස් පියාගන්න"
හිත නැවතුනු තරමක්
හුස්ම එකින් එක පැටළුනු තරමක් ...
“ඇයි” අසන්නට ඉතිරි වුයේ එපමණක් පමණි...
පන්සලත් එක්ක ඇවිල්ල රහත් උණාද?
හැදින ගත්තෙමි “ප්‍රේමය”

Saturday, September 11, 2010
හුදකලාව
ඈතින් ඇසෙනා සියුම් ගී හඩ
මා සිතට ජීවිතයේ අමිහිරිම වූ මතකයකට මග පාදයි
පෙර දිනයන්හි මා සිහින ලෝකයන්ට ගෙන ගිය ඒ ගී හඩ
අද ඉතා අසුන්දරවූ මතකයක් ගොඩගන්නට සැරසෙයි
ජීවිතයේ බොහෝදේ කියාදුන්
හුදෙක් භෞතික දේකෙරෙහි පමනක් ආලය කල මා
ඉන් මුදවා බොහෝදේ ගැන සිතන්නට හුරුකොට
මා ජීවිතය වෙනස් කල ඔබ
මගේ අසීමිත ආදරය ලබාගත් ඔබ
යලිත් මා දිවිය නොසිතූ සේ උඩු යටිකුරු කොට ඇත
වසර ගනනක් පෙරුම්පිරූ
දිනය උදාවූ පසු ඔබ මා අතැර ගොස් ඇත
වසර ගනනක් සිතමින් පතමින්
ඔබ වටා ගෙතූ ඒ මගේ ජීවිත කතාව
ඔබත් මමත් ඒක්වූ දා
දුෂ්ටයා ලෙස පැමිනි බීමත් රියදුරු තැන අතින් වෙනස් විය !!

ලියා එව්වේ - සහෝදරයා (http://sahodaraya.blogspot. com/)
Friday, September 10, 2010
මම ඔබේ දෑසින්
ගෙදර සීනුව වදිනවා...
සති ගාණකට සැරයක් දකින එයා ඇවිත් ඉස්සරහා හාන්සි පුටුවේ වාඩිත් වෙලා...
තෙත කොණ්ඩේ පිහිදාමින්ම මම එයා ළගම ප්ලාස්ටික් පුටුවේ වාඩිඋනා.
"මට මොනාද ගෙනාවේ...." කියලා වෙනදා වගේ අද නෑහුවේ මොකුත් එපා කියලා මමම කිව්වනේ...
"ඉතිං..."
"ඔන්න බෑග් එකේ ඔයාට පොතක් ඇති"
සුමන ආලෝකබණ්ඩාරගේ පෑළවිය.. බුක් මාර්ක් එක තිබ්බ තැනට ඉබේම පොත පෙරළුනා..
ඔහු දකින මම, පිටු අතර මට හිනාවෙනවා..
"මම දන්නවා මේ ඔයා නෙවෙයි කියලා... සමහර විට මට ඔයා විදියට පෙන්නේ නැතුව ඇති.. කවදාහරි දවසක මං ඔයාව ඔයා විදියට අඳින්නම්.. අඩු තරමේ උත්සහයක් දරන්නම්"
ආත්ම ගණන් නොවුනට මාස ගාණක් පරණ ආදරේ මගේ හිත ඇතුලේ අළුත් වුනුබව දැනුනද රෝමියෝට?
ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)
Thursday, September 9, 2010
"සියක්" ආයු ලැබ.
නිදිගැනුමට මා දොර වසාගත් වනම දොර ලඟට වන් ඈ මතුරන්නට වන්නාය.
තවමත් උදෑසන තේ කෝප්පය ඇඳ ලඟට ගෙනත් දෙන ඈ ගෙන ඒමට පෙර එය වතුර භාජනයක තබා නිවයි. ඒ මා උණු කිරට නොකමැති බැවිනි.
කෙදිනකවත් ඈ ඇස නොගැටී මා නිවසින් පිටව නොමැත.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වන්නට නොපතමි. ඒ දරු දුක ඔබට දුකක් නොවන නිසාවෙනි.
ආදරෙයි අම්මේ!
ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)
"සංසාර සරෝග විනීත නීසං"ගෙන් පටන්ගෙන තවද දහසකුත් ඈ මුමුනනවා ඇත. මෙය කන වැකුනේ තාත්තා නැන්දා සමග පවසද්දීය.
තවමත් උදෑසන තේ කෝප්පය ඇඳ ලඟට ගෙනත් දෙන ඈ ගෙන ඒමට පෙර එය වතුර භාජනයක තබා නිවයි. ඒ මා උණු කිරට නොකමැති බැවිනි.
කෙදිනකවත් ඈ ඇස නොගැටී මා නිවසින් පිටව නොමැත.
"බිව්වට කමක් නෑ. ගඟේ මූදේ නාන්නෙපා"ඈ අපල විශ්වාස කලාය. ඈ මට ඇති ආදරයට දේවාල කපුවන් පොහොසත් කලාය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වන්නට නොපතමි. ඒ දරු දුක ඔබට දුකක් නොවන නිසාවෙනි.
ආදරෙයි අම්මේ!
ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)
හොඳම තීරණය
දෙයියනේ මගෙ පර්ස් එක නෑ.
දැන් මොකද කරන්නෙ.
මෙහෙම කරනවා. බස් එකට නගිනවා, කොන්දොස්තරට සිද්දිය කියනවා.
ඒත් අනිත් මිනිස්සුන්ටත් ඇහෙයි. ඒක ලැජ්ජාවක්.
නැහැ. මෙහෙම කරනවා. බස් එකට නගිනවා, කොන්දොස්තර සල්ලි ඉල්ලද්දි බෑග් එකේ පර්ස් එක හොයනවා, " මගෙ පර්ස් එක නෑ. අනේ මගෙ පර්ස් එක නැතිවෙලා. මං දැන් මොකද කරන්නෙ." එහෙම අසරණ විදියට කියනවා.
ඒක හරියයිද? නොයයිද?
කොහොමහරි ගෙදර යන්න ඕනි.
හෝල්ට් එකේ තව කට්ටිය ඉන්නවා. එක්කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලගන්නවා අසරණකම කියලා.
මට සල්ලි දෙයිද? නොදෙයිද?
ෂික්! රුපියල් පණහක්වත් බිම වැටිල නෑනෙ.
අහ්! බස් එක එනවා.
සෙනග අතරෙන් කොන්දොස්තරට නොපෙනෙන්න නැගල ටික්කො නොපනීවායි හිතාගෙන හොරට යනවා. වාඩිවෙන්න ලැබුණම මූණ හංගන් නිදාගන්නවා.
ලියා එව්වේ - මගේ ජීවිතය (http://apedupatha.blogspot.com/)

කොන්දොස්තර,
ජීවිතය,
පර්ස් එක,
බස්කතා,
මගේ ජීවිතය,
හිත
Wednesday, September 8, 2010
ඈ මගේ දෑසින්
මගේ ඉදිරියේ ඇගේ පින්තූරයක්!
පැන්සල් තුඩ කඩදාසියේ එහෙ මෙහෙ යවමින් මම ඈව කඩදාසිය මතට ගන්න උත්සාහ කලා.
“අපෝ ඒක කැතයි”
ඇය ගත් කටටම කියාවි.... මගේ හිත කිව්වා.
කඩදාසිය පොඩි කරල විසි කලා. එතන පුංචි කඩදාසි ගුලි කන්දක්!
ඒත් මක්වෙනවද? හිත ආයෙත් කිව්වා.
“උඹ ඇඳපන් උඹට පෙනෙන ඈව. ඈට ඈ එහෙම නොපෙනුනට උඹ මොනව කරන්නද? ඉතිං ඇඳපන්”
පැන්සල ආයෙත් දුවන්න ගත්තා.
මට පේන ඈ කඩදාසියේ සිනාසුනා.
මගේ හිතේ සතුටක්!
මම දන්නව මේ ඔයා නෙවෙයි කියලා. සමහර විට මට තාම ඔයාව ඔයා විධියට පේන්නෙ නැතිව ඇති. කවද හරි දවසක මම ඔයාව ඔයා විධියට අඳින්නම්. අඩු තරමෙ උත්සාහයක් දරන්නම්.
මම කොලේ යටින් ලිව්වා.

Subscribe to:
Posts (Atom)