“මහත්තයෝ මට පිලිකාවක්…” බස් රියට නැඟුනු හිඟන්නා මට ඇහිලම කටපාඩම් වුණු සුපුරුදු දේශනාව පටන්ගත්තා…
“…මගේ පවුලටත් ඇදුම…” අතපාමින් පැමිණි ඔහු නැවතුනේ මට පසෙකින් වාඩිවී උන් මනුස්සයා සාක්කුවට අත දැමූ නිසයි…
“මිනිහා අලි හොරෙක්… මම දන්න කාලේ ඉඳන් පිලිකාවක් කියලා සල්ලි ඉල්ලනවා...”
මම ඔහුට කිව්වේ හිඟන්නා ගියාම…
“හැමදාම රෑට අර බාර් එකෙන් කුණුවෙන්න බීලා ඉස්ටේශමේ නිදාගන්නේ… ඇදුමක් හැදෙන්න ඔය මිනිහට ඇති පවුලක් නෑ… අපරාදේ සල්ලි…”
මම අනුකම්පාවෙන් කියද්දී අසුනින් නැගිටලා රාක්කයෙන් ගමන් මල්ල ගත් ඔහු පළවෙනි වරට කටහඬ අවදි කලා…
“මමත් දන්නවා මල්ලී…”
“එහෙනම් සල්ලි දුන්නේ…???” මට එහෙම අහන්න බැරිවුනේ ඔහු තෙරපෙන සෙනග අතරෙන් සුළඟක් වගේ දොර දෙසට අතුරුදහන් වුණ නිසයි...
ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)
Showing posts with label හිඟන්නා. Show all posts
Showing posts with label හිඟන්නා. Show all posts
Wednesday, May 2, 2012
Tuesday, June 21, 2011
විප්ලවය? බම්බුව තමයි!
කුමාරයි මමයි හෝල්ට් එක මගඇරලා මුල්ලකට ගියේ තිත තියපු භාණ්ඩයක් එක්ක.
අපි නිහඬවම ඒ ආශ්වාදය වින්දා.
ප්‍රොෆෙෂනල් හිඟන ඇඳුමක් ඇඳගෙන වයසක මනුස්සයෙක් වෙව්ලමින් ආවා...
"අනේ මහත්තයෝ.. තේ එකක් බොන්න කීයක් හරි..."
ඒ මිනිහ අත පෑවා.
මම අහක බලාගත්තා.
කුමාර සාක්කුවෙන් විස්සක් ඇදල අරන් ඒ මිනිහට දුන්නා. මිනිහ කුමාරට වැඳල යන්න ගියා.
"උඹට පිස්සුද බං?" මම ඇහුවා.
"ඇයි?"
"උන්ට ඔහොම කලාම තවත් හිඟන්නු වැඩි වෙනවා."
"ඉතිං?"
"ඉතිං කියන්නේ? අපි හිඟන්නු නැති සමාජයක් හදන්නයි ඕන..."
"බම්බුව තමයි...!!!"
කුමාර කිණ්ඩියට හිනා වුණා.
"උඹගෙ ඔය හිඟන්නු නැති සමාජෙ හැදෙනකල් අර මනුස්සය බඩගින්නෙ ඉන්නද...?"
කුමාර විස්සෙ කොටේ විසි කලා.
"උන්ට ඕන අද දවසෙ ජීවත් වෙන්න"
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Subscribe to:
Posts (Atom)